Coss Ear2
lakbima.lk
COSS Ear 1

මැතිව්ස්ට බංග්ලාදේශ තරගාවලියම අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින සහ 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස්ට මුළු බංග්ලාදේශ තරගාවලියම අහිමිවන බව වාර්තා වේ.
පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ආබාධයකට ගොදුරු වූ මැතිව්ස් ඉදිරි තරග සඳහා ක්‍රීඩා නොකළ අතර, ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට බලා‍පොරොත්තුවෙන් පසුවිය.
එහෙත් ඔහුගේ ආබාධය හේතුවෙන් ටෙස්ට් තරගාවලියද අහිමි වූ අතර, ඉදිරි 20-20 තරග දෙකද අහිමිවන බව වාර්තා වේ.
ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව නොවීම හේතුවෙන් මැතිව්ස් විවේක ගැන්වීමට තීරණය වී ඇති අතර, ලබන මස ආරම්භ වීමට නියමිත නිදහස් කුසලාන 20-20 තරගාවලිය සඳහා ඔහු ක්‍රීඩා කරවීමේ අදහසක් පවතියි.
මේ අනුව බංග්ලාදේශයට එරෙහි 20-20 තරග දෙක සඳහා නව නායකයකු පත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (8දා) ඩකාහිදී ආරම්භ වන අතර, 20-20 තරග දෙක 15 සහ 18 දා ඩකා සහ සිල්හෙට්හිදී පැවැත්වේ.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.