Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොදෙව් පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය බාබඩෝස්හිදී

බටහිර ඉන්දීය කොදෙව් පි‍ලේ පළමු දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාවට එරෙහිව බාබඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
ලබන ජුනි මාසයේ ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරයක නිරත වන අතර, එහි තරග සටහන ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අනුව පළමු ටෙස්ට් තරගය ට්‍රිනිඩෑඩ්හිදීද, දෙවැනි ටෙස්ට් තරගය ශාන්ත ලුසියාහිදීද, තෙවැනි ටෙස්ට් තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙස බාබඩෝස්හිදීද පැවැත්වේ.
ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලියට පෙර තුන්දින පුහුණු ක්‍රිකට් තරගයක් ට්‍රිනිඩෑඩ්හිදී පැවැත්වේ.
 
තරග සටහන
 
මැයි 30-ජුනි 01-තුන්දින පුහුණු තරගය
-බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය-ට්‍රිනිඩෑඩ්
ජුනි 6-10-පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය
- කුයින්ස්පාක් ඕවල්-ට්‍රිනිඩෑඩ්
ජුනි 14-18-දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය
-ඩැරන් සමී ක්‍රීඩාංගණය-ශා. ලුසියා
ජුනි 23-27-තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය
-කෙන්සින්ටන් ඕවල් - බාබඩෝස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.