Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහින්දය 7 වැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී සිය තෙවැනි ශතකය රැස් කිරීමට කොළඹ  ආනන්ද විද්‍යාලයේ දුෂාන් හෙට්ටිගේ සමත්විය.
පසුගියදා නිමාවට පත්වුණු අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වාර්තා අතරට එක්වුණු හසිත බෝයගොඩ කලකට පසුව සහභාගිවුණු පළමු පාසල් තරගයේදීම ත්‍රිත්ව විදුහල වෙනුවෙන් නොදැවී ශතකයක් රැස් කරමින් මෙවර තරගවාරයේ සිය දෙවැනි ශතකය වාර්තා කළේය.
මහනුවර ධර්මරාජයට එරෙහිව කොළඹ නාලන්දා ඉනිමක සහ ලකුණු 29ක ජයක් වාර්තා කළ අතර, ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 62කින් ජයගත් මහින්ද විදුහල සිය 7වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
නාලන්දා විද්‍යාලයේ ලක්ෂිත රසාංජන තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර,  ළහිරු හිරණ්‍ය (ආනන්ද), හංසික වැළිහිඳ (මහින්ද) සහ කමිල් මිෂාර (රාජකීය) ශතක රැස් කළහ.
චමිඳු සමරසිංහ (පන්නිපිටිය ධර්මපාල), අශේල් සිගේරා (ආනන්ද), ප්‍රවීන් ජයවික්‍රම (ශා. සෙබස්තියන්), මොහොමඩ් අමීන් (ශා. පීතර), පසන් පෙතන්ගොඩ (මහින්ද) සහ මධුසංක සිරිනන්ද (ලුම්බිණි) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
නාලන්දා-මහනුවර ධර්මරාජ
නාලන්දා: පළමු ඉනිම - 301/8 (පන්දුවාර 69.3) ලක්ෂිත රසාංජන 100, අවිෂ්ක පෙරේරා 54, සුහඟ විජේවර්ධන 45, දිල්හාර ‍පොල්ගම්‍පොල 22, රවිඳු ද සිල්වා 20, විරාජිත් ඇහැ‍ලේ‍පොල 45/2, යසිත සමරරත්න 52/2, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 64/2, එම්. ඩිල්ෂාන් 77/2
ධර්මරාජ: පළමු ඉනිම - 90 (පන්දුවාර 36) දුලාජ් බණ්ඩාර 20, චමිඳු විජේසිංහ 28/4, උමේෂ්ක ඩිල්ෂාන් 10/3
ධර්මරාජ: දෙවැනි ඉනිම - 182 (පන්දුවාර 70.2) භවන්ත උඩංගමුව 46, කසුන් ගුණවර්ධන 31, සචින්ත සේනානායක 26, ලක්ෂිත රසාංජන 33/4, චමිඳු විජේසිංහ 17/2
නාලන්දා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 29ක ජයක්.
 
රාජකීය-ශා. පීතර
ශා. පීතර: පළමු ඉනිම - 262/9 (පන්දුවාර 84.4) රන්මිත් ජයසේන 66, ශලිත් ප්‍රනාන්දු 51, සචින් සිල්වා 42, සුලක්ෂණ ප්‍රනාන්දු 33, තෙමාල් බණ්ඩාර 57/3, මනුල පෙරේරා 61/3
රාජකීය: පළමු ඉනිම - 282 (පන්දුවාර 73.4) කමිල් මිෂාර 102, පසිඳු සූරියබණ්ඩාර 50, භාග්‍ය දිසානායක 37, ෂරල ගුණතිලක 26, තෙවිඳු සේනාරත්න 22, මොහොමඩ් අමීන් 94/6, රුවින් සෙනෙවිරත්න 41/2
ශා. පීතර: දෙවැනි ඉනිම - 106/3 (පන්දුවාර 34.2) දිනිත් අංජුල 48, සුලක්ෂණ ප්‍රනාන්දු නොදැවී 35, තෙමාල් බණ්ඩාර 26/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ආනන්ද-ත්‍රිත්ව
ආනන්ද: පළමු ඉනිම - 260 (පන්දුවාර 75) දුෂාන් හෙට්ටිගේ 114, ශාමල් හිරුෂාන් 66, ගිෂාන් විශ්වජිත් නොදැවී 28, විමුක්ති නෙතුමාල් 79/4, තිසරු රශ්මික 22/3, කවිෂ්ක සේනාධීර 80/3
ත්‍රිත්ව: පළමු ඉනිම - 174 (පන්දුවාර 52.1) ටේ‍රවොන් පර්සිවෙල් 48, පුබුදු බණ්ඩාර 40, අශේල් සිගේරා 51/6, ශාමල් හිරුෂාන් 21/3
ආනන්ද: දෙවැනි ඉනිම - 211/6 (පන්දුවාර 48.4) ළහිරු හිරණ්‍ය නොදැවී 108, ශාමල් හිරුෂාන් 49, විමුක්ති නෙතුමාල් 99/3
ත්‍රිත්ව: දෙවැනි ඉනිම - 160/0 (පන්දුවාර 22) හසිත බෝයගොඩ නොදැවී 101, පුබුදු බණ්ඩාර නොදැවී 50
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ශා. සෙබස්තියන්-ශා. බෙනඩික්ට්
ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 135 (පන්දුවාර 44.5) කවීෂ ජයතිලක 54, නිශල්ක දුලාජ් 23, ප්‍රවීන් ජයවික්‍රම 44/5, නුවනිදු ප්‍රනාන්දු 20/2
ශා. සෙබස්තියන්: පළමු ඉනිම - 305/9 (පන්දුවාර 61.3) ටාෂික් පෙරේරා නොදැවී 80, තරුෂ ප්‍රනාන්දු 64, ගිහාන් සේනානායක නොදැවී 42, නිශිත 
අභිලාෂ් 34, ශනෙල් ප්‍රනාන්දු 22, කවීෂ ජයතිලක 63/3, ඉමේෂ් ප්‍රනාන්දු 48/2, මහීෂ තීක්ෂණ 89/2
ශා. බෙනඩික්ට්: දෙවැනි ඉනිම - 240/8 (පන්දුවාර 78) ෂෙහාන් ප්‍රනාන්දු 70, ශනිල්ක නිර්මාල් 55, තේනුක නන්දලාල් 34,  කවීෂ ජයතිලක 33, ප්‍රවීන් ජයවික්‍රම 70/3, ප්‍රවීන් කුරේ 42/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
වෙස්ලි-පන්නිපිටිය ධර්මපාල
වෙස්ලි: පළමු ඉනිම - 300/9 (පන්දුවාර 75.3) මොවින් සුබසිංහ 71, සකුන්ත ලියනගේ නොදැවී 55, ෂෙනාල් දංගල්ල 44, රාහුල් ගුණසේකර 41, තනුක පෙරේරා 30, ජනිත් සඳකැළුම් 22, ශෂික ද සිල්වා 76/4, අවිෂ්ක හසරින්ද 41/2
ධර්මපාල: පළමු ඉනිම - 218 (පන්දුවාර 71.2) අමිල දයානක 38, කුෂාන්ත පීරිස් 36, දුලාජ් එගොඩගේ 35, ෂෙනාල් දංගල්ල 44/3, සකුන්ත ලියනගේ 46/3
වෙස්ලි: දෙවැනි ඉනිම - 185/9 (පන්දුවාර 41) 
ෂෙනාල් දංගල්ල 51, තෙනුක පෙරේරා 41, චමිඳු සමරසිංහ 65/7
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මහින්ද-ලුම්බිණි
ලුම්බිණි: පළමු ඉනිම - 73 (පන්දුවාර 31.4) පසන් පෙතන්ගොඩ 30/5, කවිඳු එදිරිවීර 10/2
මහින්ද: පළමු ඉනිම - 289/9 (පන්දුවාර 84) හංසික වැළිහිඳ 107, අශාන් කණ්ඩම්බි 66, විනුර දුල්සර 27, කවිඳු එදිරිවීර 26, ප්‍රමිත් තෙවරප්පෙරුම 21, මධුසංක සිරිනන්ද 109/5, හේමාල් ලංකාර 37/2, විමුක්ති කුලතුංග 79/2
ලුම්බිණි: දෙවැනි ඉනිම - 154 (පන්දුවාර 54.2) සඳුනිල් සංකල්ප 36, ළකිඳු උපේන්ද්‍ර 33, රන්මල් ප්‍රනාන්දු 26, සත්සර මධුමාල් 20, පසන් පෙතන්ගොඩ 55/4, නවෝද් පරණවිතාන 15/3, කවිඳු එදිරිවීර 21/2
මහින්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 62ක ජයක්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.