Coss Ear2
lakbima.lk
COSS Ear 1

ධනංජය සහ කුසල්ගෙන් විශිෂ්ට පිතිහරඹයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (1දා) බංග්ලාදේශය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 513ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු නොලබාම ක්‍රීඩා ගාරයට යැවීමට මෙහෙදි හසන් සමත් වීමෙන් පසු පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 187ක සම්බන්ධතාවක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ස්ථාවර තත්ත්වයකට රැගෙන ඒමට දායක වූහ.
සිය සිව්වැනි ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා පන්දු 127කදී හතරේ පහර 15ක් සහිතව නොදැවී ලකුණු 104ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් පන්දු 152කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 83ක් ලබා ගත්තේය.
ඊයේ පෙරවරුවේ රංගන හේරත් ක්‍රියාත්මක වීමෙන් ලකුණු 176ක් ලබා සිටි මොමිනුල් හක් පිටියෙන් ඉවත් වූ අතර, මොසඩැක් හොසේන් ලකුණු 8කට දවා ගැනීමට රංගන සමත් විය.
ඉන්පසු පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ නායක මහමදුල්ලා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් බංග්ලාදේශ ලකුණු පුවරුව 500 සීමාව දක්වා ඉහළ නැංවීමට සමත් විය.
ලකුණු 20ක් ලැබූ මෙහෙදි හසන් දුවද්දී දැවී යාමකට හසු වූ අතර, සිය දෙවැනි කඩුල්ල ලෙස සන්සාමුල් ඉස්ලාම් ලකුණු 24කට පිටියෙන් ඉවත් කිරීමට සඳකැන් සමත් විය.
තයිජුල් ඉස්ලාම් 1 ලකුණක් ලබා රංගනගේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර, මුස්ටාෆිසූර් රහ්මාන් ලකුණු 8කට දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වීමත් සමග බංග්ලාදේශ ඉනිම ලකුණු 513කට අවසන් විය.
පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 83ක් ලබා ගැනීමට නායක මහමදුල්ලා සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් සහ රංගන හේරත් කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර, ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් බිඳ දැමීය.
අද තරගයේ තෙවැනි දිනයයි.

ලකුණු පුවරුව

බංග්ලාදේශය මුල් ඉනිම
තමීම් ඉක්බාල් ප. පෙරේරා52
ඉම්රුල් කේයස් ක.මු.ක. ප. සඳකැන්40
මොමිනුල් හක් ඇ. මෙන්ඩිස් ප. හේරත්176
මුෂ්ෆිකර් රහීම් ඇ. දික්වැල්ල ප. ලක්මාල්92
ලිට්න් දාස් ප. ලක්මාල් 0
මහමදුල්ලා (නොදැවී)83
මොසඩැක් හොසේන් ඇ. සඳකැන් ප. හේරත්8
මෙහෙදි හසන් මිර්සා දු.දැ.ගි (කුමාර/දික්වැල්ල)20
සන්සාමුල් ඉස්ලාම් ස්ට. දික්වැල්ල ප. සඳකැන් 24
තජියුල් ඉස්ලාම් ප. හේරත්1
මුෂ්ටාෆිසූර් රහ්මන් ඇ. දික්වැල්ල ප. ලක්මාල්8
අතිරේක 9
මුළු ලකුණු (පන්දුවාර 129.5කදී සියලු දෙනා දැවී)513
කඩුලු බිඳ වැටීම :- 1-72, 2-120, 3-356, 4-356, 5-376, 6-390, 7-417, 8-475, 9-478, 10-513
පන්දු යැවීම :- සුරංග ලක්මාල් 23.5-4-68-3, ලහිරු කුමාර 15-1-79-0, දිල්රුවන් පෙරේරා 27-4-112-1, රංගන හේරත් 37-2-150-3, ලක්ෂාන් සඳකැන් 22-1-92-2, ධනංජය ද සිල්වා 5-0-12-0
ශ්‍රී ලංකාව මුල් ඉනිම
දිමුත් කරුණාරත්න ඇ. ඉම්රුල් ප. මෙහෙදි හසන්0
කුසල් මෙන්ඩිස් (නොදැවී)83
ධනංජය ද සිල්වා (නොදැවී)104
අතිරේක 0
මුළු ලකුණු (පන්දුවාර 48කදී එක් කඩුල්ලක් දැවී)187
කඩුලු බිඳ වැටීම :- 1-0
පන්දු යැවීම :- මුෂ්ටාෆිසූර් රහ්මන් 7-1-31-0, සුන්සාමුල් ඉස්ලාම් 15-1-52-0, මෙහෙදි හසන් 8-0-45-1, තයිජුල් ඉස්ලාම් 17-3-56-0, මොසඩැක් හොසේන් 1-0-3-0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.