Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් සටන ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31දා) චිතගොංහිදී ආරම්භ විය.
ශ්‍රී ලංකා පිල දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර, බංග්ලාදේශ පිල මහමදුල්ලා විසින් මෙහෙයවනු ලබයි.
ආබාධයකට ගොදුරුවීම නිසා බංගලිදේශ නිත්‍ය ටෙස්ට් නායක ෂකිබ් අල් හසන් මෙම තරගයට ක්‍රීඩා නොකරයි.
මේ අතර ශ්‍රී ලංකා පි‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ද ආබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මතෛක් ටෙස්ට් තරග 18ක් පවත්වා ඇති අතර, ඉන් තරග 15ක ජය ශ්‍රී ලංකාවටත්, එක් තරගයක ජය බංග්ලාදේශයටත් හිමිවී ඇති අතර, තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේදී ටෙස්ට් තරග 6ක් පවත්වා ඇති අතර, ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති 2017 ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, එහිදී බංග්ලාදේශය පළමු වරට ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකින් පරාජය කළේය.
එම තරගාවලියේදී බංග්ලාදේශ පි‍ලේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කළ අතර, අද ඔහු ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරුවා වීම කැපී පෙනෙයි.
නව පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු හතුරුසිංහ මුහුණ දෙන පළමු ටෙස්ට් අභියෝගය මෙම තරගාවලියයි.
පසුගියදා අවසන් වූ තුන්කොන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත්, එහිදී බංග්ලාදේශය දෙවරක් පරාජය කිරීමත් නිසා ශ්‍රී ලංකාව යහපත් මානසික තත්ත්වයකින් සටනට පිවිසී සිටියි.
තම පි‍ලේ ප්‍රබලතම ක්‍රීඩකයා වන ෂකිබ් අල් හසන් අහිමිවීමත් සමගම අද තරගයේදී බංග්ලාදේශයට වැඩි පීඩනයක් එල්ල වී තිබේ.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 9.00ට ආරම්භ වෙයි.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, 
දුෂ්මන්ත චමීර, ලහිරු ගමගේ, ලහිරු කුමාර
 
බංග්ලාදේශ ටෙස්ට් සංචිතය
මහමදුල්ලා (නායක), තමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකර් රහීම්, ඉම්රුල් කේයස්, මොමිනුල් හක්, මොසඩෙක් හොසේන්, ටයිජුල් ඉස්ලාම්, මුස්ටාෆිසූර් රහ්මාන්, කම්රුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, රුබෙල් හොසේන්, නයීම් හසන්, සන්සාමුල් ඉස්ලාම්, තම්බිර් හයිඩර්, අබ්දුල් රසාක්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.