Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහින්ද විදුහල 6 වැනි ජය ලබයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කඳාන දි මැසිනෝද් විදුහලට එරෙහිව විනුර දුල්සර සහ නවෝද් පරණවිතාන රැස් කළ ශතක හේතුවෙන් මහින්ද විදුහල 6 වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
මෙහිදී විනුර දුල්සර ලකුණු 123ක් රැස් කරමින් සිය තෙවැනි ශතකය වාර්තා කළ අතර, නවෝද් පරණවිතාන ලකුණු 121ක් රැස් කරමින් සිය දෙවැනි ශතකය වාර්තා කළේය.
කෞමාල් නානායක්කාර සහ ශවිඳු පීරිස්ගේ පන්දු යැවීම හමුවේ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 74ක ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර සමත් විය.
 
මහින්ද-කඳාන දි මැසිනෝද්
මහින්ද: පළමු ඉනිම - 330/3 (පන්දුවාර 73) විනුර දුල්සර 123, නවෝද් පරණවිතාන 121, කේ.කේ. කෙවින් නොදැවී 50
දි මැසිනෝද්: පළමු ඉනිම - 213 (පන්දුවාර 73.1) නිම්න ප්‍රනාන්දු 53, සාලිය ජූඩ් 41, නඳුන් ඩිල්ෂාන් 37, මිථිල ගීත් 29, පසන් පෙතන්ගොඩ 85/3, සුභානු රාජපක්ෂ 12/2, කවිඳු එදිරිවීර 57/2
දි මැසිනෝද්: දෙවැනි ඉනිම-121 (පන්දුවාර 30.1) පසිඳු රාජමුණීන්ද්‍ර 43, ප්‍රවීන් ෆොන්සේකා 36, පසන් පෙතන්ගොඩ 49/4, නවෝද් පරණවිතාන 19/3, අශේන් කණ්ඩම්බි 12/2
මහින්ද: දෙවැනි ඉනිම - 6/0 (පන්දුවාර 2.2)
මහින්ද විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
 
වේල්ස් කුමර-වෙස්ලි
වේල්ස් කුමර: පළමු ඉනිම - 105 (පන්දුවාර 45.4) ෂෙහාන් අවිෂ්ක 28, සුවත් මෙන්ඩිස් 24, මොහොමඩ් උබේදුල්ලා 42/5, ෂෙනාල් දංගල්ල 35/4
වෙස්ලි: පළමු ඉනිම - 136 (පන්දුවාර 49.4) ජනිත් සඳකැළුම් 28, හසිත් ගීසර 25, ෂෙනාල් දංගල්ල 24, කෞමාල් නානායක්කාර 44/6, ශවිඳු පීරිස් 37/3
වේල්ස් කුමර: දෙවැනි ඉනිම - 227/5 (පන්දුවාර 55) සනෝජ් දර්ශික 67, ෂෙහාන් අවිෂ්ක 46, ප්‍රින්ස් ප්‍රනාන්දු නොදැවී 45, සඳුන් ප්‍රනාන්දු 45, තරිඳු බක්මීවැව 30/2
වෙස්ලි: දෙවැනි ඉනිම - 122 (පන්දුවාර 42) තිසුරක අක්මීමණ 68, ශවිඳු පීරිස් 56/5, කෞමාල් නානායක්කාර 46/3
වේල්ස් කුමරට ලකුණු 74ක ජයක්.
 
නාලන්දා-ශා. සර්වේෂස් 
නාලන්දා: පළමු ඉනිම - 194 (පන්දුවාර 70) රුසිරු ද සිල්වා නොදැවී 56, දිල්හාර ‍පොල්ගම්‍පොල 31, ලක්ෂිත රසාංජන 28, අවිෂ්ක පෙරේරා 22, පසිඳු මනුප්‍රිය 62/4, ඉසුරු උදයංග 24/2
ශා. සර්වේෂස්: පළමු ඉනිම - 89 (පන්දුවාර 43.2) කේෂර නුවන්ත 28, ලක්ෂිත රසාංජන 19/4, මධුෂාන් හසරංග 35/3
ශා. සර්වේෂස්: දෙවැනි ඉනිම - 155 (පන්දුවාර 70.2) සුපුන් කාවින්ද 46, කේෂර නුවන්ත 34, ඉසුරු උදයංග 23, රිශිර ලක්වින් 20, රවීන් ද සිල්වා 44/6, 
කවීෂ් මධුරප්පෙරුම 44/3
නාලන්දා: දෙවැනි ඉනිම - 36/2 (පන්දුවාර 4) 
අවිෂ්ක පෙරේරා නොදැවී 24, පසිඳු මනුප්‍රිය 10/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මීගමුව ශා. පීතර - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
ශා. පීතර: පළමු ඉනිම - 213 (පන්දුවාර 44.1) තිසර මධුවන්ත 99, ෂෝන් මලීෂ 38, අවිෂ්ක ඩිල්ෂාන් 20/2, විනුක් හෙට්ටිආරච්චි 36/2, තිමිර මල්ෂාන් 66/2
ආනන්ද ශාස්ත්‍රාලය: පළමු ඉනිම - 236 (පන්දුවාර 58.1) ඉසුරු අවින්ද 82, තිමිර මල්ෂාන් 71, කුෂාන් දාබරේ 32, බ්‍රයන් ජූලියස් 39/3, රුවින් ශාලින්ද 64/3, දිනෙත් තත්සර 74/3
ශා. පීතර: දෙවැනි ඉනිම - 189 (පන්දුවාර 42) තිසර මධුවන්ත නොදැවී 61, පසිඳු නවෝද් 27, උමේෂ් 
ලක්ෂාන් 20, බ්‍රයන් ජූලියස් 20, තිමිර මල්ෂාන් 57/3, විනුක් හෙට්ටිආරච්චි 51/2
ආනන්ද ශාස්ත්‍රාලය: දෙවැනි ඉනිම - 102 (පන්දුවාර 34) හසිඳු නොදැවී 29, බ්‍රයන් ජූලියස් 35/6, දිනෙත් තත්සර 54/3
මීගමුව ශා. පීතරයට ලකුණු 64ක ජයක්.
 
යාපනය මැදි විදුහල - මාරවිල ශා. ෂේවියර් 
ශා. ෂේවියර්: පළමු ඉනිම - 185 (පන්දුවාර 50) රවිඳු අංජන 76, යොහාන් පෙරේරා 22, දිනුෂ අබේසේකර 20, ඒ. ජයදර්ශන් 15/4, එස්. තුෂාන්තන් 33/3, එස්. මතුෂාන් 27/2
යාපනය මැදි විදුහල: පළමු ඉනිම - 197 (පන්දුවාර 57.2) එස්. මතුෂාන් 39, ආර්. රාජ්ක්ලින්ටන් 32, එස්. කෞතමන් 26, කේ. අයිලරාසන් 20, එස්. තුෂාන්තන් 20, ආකාෂ් නදීෂාන් 51/4, හෂේන් මධුසංක 54/3, දුලාජ් අශේන් 19/2
ශා. ෂේවියර්: දෙවැනි ඉනිම - 216/8 (පන්දුවාර 53.2) දිනූෂ අබේසේකර 52, රවිඳු අංජන 52, සිතුම් සංජන 36, ආකාෂ් නදීෂාන් නොදැවී 28, එස්. තුෂාන්තන් 53/4, ජේ. ප්‍රියදර්ශන් 48/3
යාපනය මැදි විදුහල: දෙවැනි ඉනිම - 137/3 (පන්දුවාර 25) එස්. මතුෂාන් නොදැවී 69, ආර්. රාජ්ක්ලින්ටන් නොදැවී 30, හෂේන් මධුසංක 40/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.