Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාලිංග හැලෙයි අකිල සහ චමීරට අයි.පී.එල්. වරම්

අයි.පී.එල්. ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදී අයි.පී.එල්. වරම් ලබා ගැනීමට  ශ්‍රී ලංකාවේ අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර සමත් වී තිබේ.
පිට දඟ පන්දු යවන අකිල ධනංජය ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට මුම්බායි ඉන්දියන්ස් මිලදී ගෙන ඇති අතර, වේග පන්දු  යවන දුෂ්මන්ත චමීර ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට රාජස්ථාන් රෝයල්ස් මිලදී ගෙන තිබේ.
මතෛක් පැවැති අයි.පී.එල්. තරගවලදී ප්‍රබලතම පන්දු යවන්නා වූ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මෙවර අලෙවි නොවීම කැපී පෙනෙන සිදුවීමකි. 
මාලිංග සමග තවත් අයි.පී.එල්. ප්‍රබල පිතිකරුවකු වූ ෂෝන් මාෂ් ද, එංගලන්ත එක්දින නායක එවයින් මෝගන් සහ ජෝ රූට්ද අලෙවි නොවීම කැපී පෙනෙයි.
තවත් අයි.පී.එල්. ප්‍රබල පිතිකරුවකු වූ ක්‍රිස් ගේල් පළමු දිනයේ අලෙවි නොවූ අතර, ඊයේ දිනයේ අවසන් මොහොතේ ඉන්දියානු රුපියල් කෝටි දෙකකට කිංග්ස් පන්ජාබ් මිලදී ගෙන තිබේ.
මෙම වෙන්දේසියට ඉදිරිපත්ව සිටි ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ලද අලෙවි නොවීය.
මෙවර අයි.පී.එල්. වෙන්දේසියේ වැඩිම මුදල වූ ඉන්දියානු රුපියල් කෝටි 12.5කට දිනා ගැනීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සමත් වී තිබේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.