Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනයි

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඊයේ (28දා) පැවැති පළඟ ශූරතා අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පසුගිය වසරේ ශූර බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 3කින් පරාජය ලැබූහ.
මේ අනුව පළඟ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ 9 වැනි ස්ථානයට පත්විය.
හසිත බෝයගොඩ (116) සහ ධනංජය ලක්ෂාන් (98) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 218ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දුවාර 50 දී කඩුලු 5ක් දැවී ලකුණු 254ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49.4කදී කඩුලු 7ක් දැවී ලකුණු 255ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
හසිත බෝයගොඩ පන්දු 124කදී හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 116 රැස් කරමින් දෙවැනි ශතකය වාර්තා කළ අතර, ධනංජය ලක්ෂාන් පන්දු 119කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 98ක් රැස් කිරීමට සමත් විය.
හසිත සහ ධනංජය එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පිහිටුවූ ලකුණු 218ක සම්බන්ධතාව ශ්‍රී ලංකා අවු. 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්‍ලේ හොඳම සම්බන්ධතාව ලෙස  වාර්තා අතරට එක්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 33ට කඩුලු 2ක්ද, නිපුන් මාලිංග ලකුණු 63ට කඩුලු 2ක් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
බටහිර ඉන්දීය කොදෙව්: 254/5යි (පන්දුවාර 50) ඇලික් අත්නාසේ නොදැවී 110, බ්‍රැඩ් බාන්ස් 37, බාස්කර් යද්‍රම් 31, කීගන් සිමන්ස් 24, තිසරු රශ්මික 59/1, ප්‍රවීන් ජයවික්‍රම 33/2, නිපුන් මාලිංග 63/2
ශ්‍රී ලංකාව: 255/7 (පන්දුවාර 49.4) ධනංජය ලක්ෂාන් 98, හසිත බෝයගොඩ 116, මධුෂ්ක ප්‍රනාන්දු 01, ජෙහාන් ඩැනියෙල් 6, කමිඳු මෙන්ඩිස් 1, නුවනිඳු ප්‍රනාන්දු 14, අශේන් බණ්ඩාර 0, හරීන් බුද්දිල නොදැවී 05, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 5, තිසරු රශ්මික නොදැවී 04, බාස්කර් යද්‍රම් 42/2, ජේරියන් හොයිට් 44/2
 
සටහන :- පමෝද් ලසන්ත 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.