Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව අති විශිෂ්ට ජයකින් අවසන් සටනට

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (25දා) ධකාහි පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 10ක  විශිෂ්ට ජයක් වාර්තා කළ  ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.
මේ අනුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය හෙට (27දා) ධකාහිදී පැවැත්වේ.
බංග්ලාදේශය තරගාවලියේ මතෛක් අපරාජිතව සිටියද එම වාර්තාව බිඳ දමමින් අන්ත පරාජයකට පත් කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙනෙයි.ශ්‍රී ලංකා පන්දු යවන්නන්  විශිෂ්ට දස්කම් දක්වමින් බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කළ අතර, ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 82ක් පමණි.
ලකුණු 83ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 11.5කදී කිසිවකු නොදැවී ලකුණු 83ක් ලබමින් පහසු ජයක් වාර්තා කළේය.
තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ බංග්ලාදේශය පෙර පෙළ පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල කළ සුරංග ලක්මාල් එනමුල් හක්, තමීම් ඉක්බාල් සහ මහමදුල්ලා පිටියෙන් ඉවත් කළ අතර, ලකුණු අතර සිටි ෂකිබ් අල් හසන්
ධනුෂ්ක ගුණතිලකගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යාමකට හසු වීමෙන් කඩුලු 4ක් ලකුණු 34ක් තුළ බිඳ වැටුණි.
මුෂ්ෆිකර් රහීම් සහ සබිර් රහ්මන් එක්ව ඉනිම ගොඩනැංවීමට උත්සාහ ගනිමින් සිටියදී ක්‍රියාත්මක වූ තිසර පෙරේරා සබිර් රහ්මන් ලකුණු 10කට දවාගත් අතර, ඉන්පසු පිටියට පිවිසි අබුල් හසන් ලකුණු 7කට දවා ගැනීමෙන් ලකුණු 71ක් තුළ කඩුලු 6ක් බිඳ වැටුණි.
සටන්කාමී ඉනිමක නිරත වෙමින් පන්දු 56කදී එක් හතරේ පහරක් සහිතව ලකුණු 26ක් ලබා සිටි මුෂ්ෆිකර් රහීම් දවාගත් 
දුෂ්මන්ත චමීර නසීර් හොසේන් ලකුණු 3කට දවා ගැනීමෙන් ලකුණු 80දී කඩුලු 8ක් බිඳ වැටුණි.
පසුපෙළ බිඳ දමමින් නායක මොර්ටාසා (1), රුබෙල් හොසේන් (0) දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වීමෙන් බංග්ලාදේශ ඉනිම ලකුණු 82කට අවසන් විය.
ලකුණු 21ට කඩුලු 3ක් බිඳ හෙලූ සුරංග ලක්මාල් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, දුෂ්මන්ත චමීර ලකුණු 6ට කඩුලු 2ක්ද, තිසර පෙරේරා ලකුණු 27ට කඩුලු 2ක්ද, ලක්ෂාන් සඳකැන් ලකුණු 24ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී කිසිදු අපහසුවකින් තොරව ඉලක්කය පසු කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සමත් වූ අතර, උපුල් තරංග පන්දු 37කදී හතරේ පහර 1ක් සහ හයේ පහර 3ක් සහිතව නොදැවී ලකුණු 39ක්ද, ධනුෂ්ක ගුණතිලක පන්දු 35කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 35ක්ද ලබා සිටියහ.

ලකුණු පුවරුව

බංග්ලාදේශය
තමීම් ඉක්බාල් ඇ. ගුණතිලක ප. ලක්මාල්5
එනමුල් හක් ප. ලක්මාල්0
ෂකිබ් අල් හසන් දු.දැ.ගි. (ගුණතිලක)8
මුෂ්ෆිකර් රහීම් ඇ. මෙන්ඩිස් ප. චමීර26
මහමදුල්ලා ඇ. චමීර ප. ලක්මාල්7
සබිර් රහමන් ඇ. (මධුෂංක) ප. පෙරේරා10
අබුල් හසන් ඇ. දික්වැල්ල ප. පෙරේරා7
නසීර් හොසේන් ඇ. දික්වැල්ල ප. චමීර3
මෂ්රෆී මොර්ටාසා ප. සඳකැන්1
රුබෙල් හොසේන් ඇ. තරංග ප. සඳකැන්0
මුස්ටාෆිසූර් රහ්මන් (නොදැවී)1
අතිරේක 14
මුළු ලකුණු (පන්දුවාර 24කදී සියලු දෙනා දැවී)82
කඩුලු බිඳ වැටීම :- 1-5, 2-15, 3-16, 4-34, 5-57, 6-71, 7-79, 8-80, 9-81, 10-82
පන්දු යැවීම :- සුරංග ලක්මාල් 7-1-21-3, දුෂ්මන්ත චමීර 5-1-6-2, තිසර පෙරේරා 6-0-27-2, ලක්ෂාන් සඳකැන් 6-0-24-2

ශ්‍රී ලංකාව
ධනුෂ්ක ගුණතිලක (නොදැවී)35
උපුල් තරංග (නොදැවී)39
අතිරේක 9
මුළු ලකුණු (පන්දුවාර 11.5කදී කිසිවකු නොදැවී)83
පන්දු යැවීම :- මෂ්ෆරී මොර්ටාසා 2-0-15-0, අබුල් හසන් 4-0-25-0, නසීර් හොසේන් 3-0-19-0, මුස්ටාෆිසූර් රහ්මන් 1.5-0-14-0, ෂකිබ් අල් හසන් 1-0-10-0

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.