Coss Ear2
lakbima.lk
COSS Ear 1

අර්ධ අවසන් පූර්ව වටය හෙට ඇරඹේ

නවසීලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඕස්ට්‍රේලියා යොවුන් පිල සහ එංගලන්ත යොවුන් පිල අතර තරගයෙන් හෙට (23) ඇරඹේ. 
නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බංගලිදේශය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා යොවුන් පිල එක් තරගයක් පමණක් ජය ගෙන තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමට අසමත්වූ අතර, හෙට (23) දිනයේදී පළඟ ශූරතාව වෙනුවෙන් කෙන්යා යොවුන් පිල සමගින් ලින්කන්හිදී තරග වදිනු ඇත.
තරගාවලියේ පළමු වටයේ අවසන් දිනයේදී ‘ඩී’ කාණ්ඩයේ ඒ දක්වා අපරාජිතව සිටි ඇෆ්ගනිස්තාන යොවුන් පිල ලකුණු 4කින් පැරදවීමට අයර්ලන්ත යොවුන් පිල සමත්වූ අතර, ඒ හේතුවෙන් පාකිස්තාන යොවුන් පිල ‘ඩී’ කාණ්ඩයේ ශූරයින් ලෙසත්, ඇෆ්ගනිස්තාන යොවුන් පිල අනු ශූරයින් ලෙසත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය. නවසීලන්තය, ඉන්දියාව සහ එංගලන්තය පළමු වටයේදී තම අපරාජිත බව රැකගනිමින් පිළිවෙළින් ‘ඒ’, ‘බි’ සහ ‘සී’ කාණ්ඩයන්හි ශූරයින් ලෙසත්, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ බංගලිදේශය පිළිවෙළින් ‘ඒ’, ‘බි’ සහ ‘සී’ කාණ්ඩයන්හි අනු ශූරයින් ලෙසත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.
පළඟ ශූරතාව වෙනුවෙන් වන තරග අද (22) ඇරඹේ.  
 
අර්ධ අවසන් පූර්ව වටය
ජනවාරි 23 (හෙට) - ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය ක්වීන්ස් ටවුන්    
ජනවාරි 24 - පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ක්‍රයිස්චර්ච් හැග්ලි ඕවල් පිටිය   
ජනවාරි 25  -නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ක්‍රයිස්චර්ච් හැග්ලි ඕවල් පිටිය 
ජනවාරි 26 - බංගලිදේශය සහ ඉන්දියාව අතර තරගය ක්වීන්ස් ටවුන්    
 
පමෝද් ලසන්ත 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.