Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වෙයි

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (19දා) ධකාහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු තරගයේදී ආබාධයකට ගොදුරු වී ඇති අතර, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට ක්‍රීඩා කිරීම පෙරවරුවේ තීරණය කිරීමට නියමිතව ඇති අතර, ඔහු ක්‍රීඩා නොකළහොත් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවේ. එහිදී මැතිව්ස්ගේ ස්ථානය දික්වැල්ල හෝ ධනුෂ්ක ගුණතිලකට හිමිවීමට ඉඩ තිබේ.
මේ වන විට බංග්ලාදේශය සහ සිම්බාබ්වේ එක් තරගය බැගින් ජයගෙන සිටින අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ හමුවේ පරාජය විය.
ඊට පෙර පැවැති බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගයේදී කිසිදු අපහසුවකින් තොරව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.මේ අනුව අද තරගයේදී සත්කාරක බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට තියුණු තර්ජනයක් එල්ල වී තබේ.ශ්‍රී ලංකාවේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, තමා පුහුණුකරන ලද කණ්ඩායම් 2ක් එකට මුණ ගැසීම විශේෂත්වයක් වී තිබේ.
බංග්ලාදේශ පිතිකරුවන් බංග්ලාදේශ තණතීරුවලදී විශිෂ්ට දස්කම් දක්වන බැවින් අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත වැඩි වගකීමක් පැවරී තිබේ.
පළමු තරගයේදී තිසර පෙරේරා හැරුණුකොට සෙසු පන්දු යවන්නන් සිම්බාබ්වේ පිතිකරුවන් වෙතින් ප්‍රහාරයකට ලක්වූ අතර, අද තරගයේදී පන්දු යැවීමේ අංශයේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
මේ අනුව වනිඳු හසරංගගේ සහ දුෂ්මන්ත චමීරගේ ස්ථාන තර්ජනයකට ලක්වී ඇති අතර, ලක්ෂාන් සඳකැන් සහ නුවන් ප්‍රදීප් හෝ නවක ෂෙහාන් මධුශංක ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතියි. මේ අතර බංග්ලාදේශ පන්දු යැවීමේ බළඇණියද පළමු තරගයේදී සිම්බාබ්වේට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර, සිම්බාබ්වේ ඉනිම ලකුණු 170කට සීමා කිරීමට සමත් වූහ.මේ අනුව අද තරගයේදී කල්පනාකාරීව පන්දුවට පහර දෙමින් ජයග්‍රහණයකින් තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා පිලට සිදුවී තිබේ.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), උපුල් තරංග,ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, ෂෙහාන් මධුශංක

බංග්ලාදේශ සංචිතය

මෂ්රෆී මොර්ටාසා (නායක), අබ්දුල් හසන්, එනමුල් හක්, ඉම්රුල් කේයස්, මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, මොහොමඩ් සයිෆුඩීන්, මුෂ්ෆිකර් රහීම්,මුෂ්ටාෆිසූර් රහ්මන්, නසීර් හොසේන්, රුබෙල් හොසේන්, සබිර් රහ්මන්,ෂකිබ් අල් හසන්, සුන්සාමුල් ඉස්ලාම්, තමීම් ඉක්බාල්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.