Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-පාකිස්තාන තීරණාත්මක තරගය අද

අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරගය අද අද (19දා) නවසීලන්තයේ වන්ගරෙයි කෝබාම් ඕවල් පිටියේදී පැවැත්වේ.
‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින මෙම කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින අතර, අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පරාජය කළ ඇෆ්ගනිස්ථානය මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පි‍ලේ වේගපන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානයට තිලාන් ප්‍රශාන්ව ආදේශ කර තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මස මලයාසියාවේ පැවැති අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලැබූ බැවින් අද තරගය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වී තිබේ.
ශ්‍රී ලංකා පිල කමිඳු මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, හසන් ඛාන් පාකිස්තාන පිල මෙහෙයවනු ලබයි.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල:
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, තිසරු රශ්මික, ප්‍රවීන් ජයවික්‍රම, නිපුන් ධනංජය, ධනංජය ලක්ෂාන්, තිලාන් ප්‍රශාන්, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, හරීන් බුද්දිල, සංතුෂ් ගුණතිලක
පාකිස්තාන අවු. 19න් පහළ පිල:
හසන් ඛාන් (නායක), මොහොමඩ් මොෂින් ඛාන්, මුහම්මද් සයිඩ් අලාම්, රොහේයිල් නසීර්, මොහොමඩ් තහා, අලි සර්යාබ් අසිෆ්,සාඩ් ඛාන්, මුහම්ම්ද් මුසා,ෂහීන් ෂා අෆ්රිඩි, මුනිර් රියාස්, මුහම්මද් අලි, මොහොමඩ් ෂෆ්කට්, එමාඩ් අලාම්, අර්ෂාඩ් ඉක්බාල්,
ඉම්රාන් ෂා
(සටහන :පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.