Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළමු තුන්කොන් ක්‍රිකට් සටනින් බංග්ලාදේශයට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේදී ඊයේ (15දා) ඇරැඹි තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පළමු තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පන්දුවාර 49කදී ලකුණු 170කට දැවී ගිය අතර, බංග්ලාදේශය පන්දුවාර 28.3කදී කඩුලු 2කට ලකුණු 171ක් ලබමින් ජය වාර්තා කළේය.

බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ තමීම් ඉක්බාල් නොදැවී ලකුණු 84ක් වාර්තා කළ අතර, තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් කඩුලු 3ක් සහ ලකුණු 37ක් වාර්තා කරමින් තරගයේ වීරයා බවට පත්විය.
ලකුණු හඹා යාමේදී ආරම්භක පිතිකරු එනමුල් හක් දැවී ගියද පිටියේ එක්වූ තමීම් ඉක්බාල් සහ ෂකිබ් අල් හසන් ලකුණු 78ක සම්බන්ධතාවක් වාර්තා කිරීමට සමත් වූහ.
ලකුණු 37ක් ලබා සිටිෂකිබ් අල් හසන් ෂිකන්දර් රාසාගේ දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වීමෙන් පසු තමීම් ඉක්බාල්ට එක්වූ මුෂ්ෆිකර් රහීම් 29 වැනි පන්දුවාරයේදී බංග්ලාදේශ ජය තහවුරු කළේය.
තමීම් ඉක්බාල් පන්දු 93කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 84ක් වාර්තා කළ අතර, මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 14ක් ලබා සිටියේය.
මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පෙර පෙළ පිතිකරුවන් දුර්වල පිතිහරඹයක නිරත වූ අතර, සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා පන්දු 99 කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.
තරගයේ පළමු පන්දුවාරයේදීම සොලමන් මීරේ සහ කේ‍ර්ග් අර්වින් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩා ගාරයට යැවීමට ෂකිබ් අල් හසන් සමත් වූ අතර, මොර්ටාසා ක්‍රියාත්මක වීමෙන් හැමිල්ටන් මසකඩ්සා ලකුණු 15කට දැවී ගියේය.
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 24ක් ලබා සිටියදී මුෂ්ටාෆිසූර් රහ්මන් හමුවේ දැවී ගිය අතර, මැල්කම් වොලර් සන්සාමුල් ඉස්ලාම් හමුවේ ලකුණු 13කට පිටියෙන් ඉවත් විය.
රාසාට අනගි සහයක් ලබා දුන් පීටර් මුවර් පන්දු 58කදී ලකුණු 33ක් රැස් කළද ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමට තිදෙනාම අසමත් වූහ.
සිය තෙවැනි කඩුල්ල ලෙස ක්‍රීමර් ලකුණු 12කට දවා ගැනීමට ෂකිබ් අල් හසන් සමත් වූ අතර, පීටර් මුවර් (33) සහ චටාරා (0) දවා ගැනීමට රුබෙල් හොසේන් සමත් විය.
සිය දෙවැනි කඩුල්ල ලෙස මුසරබානි 1 ලකුණකට දවා ගැනීමට මුෂ්ටාෆිසූර් රහ්මන් සමත් වීමෙන් සිබ්බාබ්වේ ඉනිම ලකුණු 170කට සීමා විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ
ෂකිබ් අල් හසන් කඩුලු  3ක් බිඳ හෙලූ අතර, මුෂ්ටාෆිසූර් රහ්මන් සහ රුබෙල් හොසේන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.