Coss Ear2
lakbima.lk
COSS Ear 1

බංග්ලාදේශය දෙවැනි ජය ලබයි

නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය.
ඊයේ (15දා) පැවැති තරගවලදී බංගලිදේශය හමුවේ කැනඩාව ලකුණු 66කින් පරාජය ලැබූ අතර, නැමීබියාව කඩුලු 8කින් පරාජය කළ එංගලන්තය සිය පළමු ජය වාර්තා කළේය.
බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ටොව්හිඩ් හීඩෝයි පන්දු 126කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 122ක් රැස් කළේය.
එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය විල් ජැක්ස් නොදැවී ලකුණු 73 සහ හැරී බෘක් නොදැවී ලකුණු 59ක් වාර්තා කළේය.
තරගාවලියේ තවත් තරග 2ක් අද (16දා) පැවැත්වේ.
බංග්ලාදේශය-කැනඩාව
බංග්ලාදේශය: 264/8 (පන්දුවාර 50) ටොව්හිඩ් හීඩෝයි 122, අෆිෆ් හෝසේන් 50, මොහොමඩ් නයිම් 47, ෆයිසාල් ජම්කාන්ඩි  48/5
කැනඩාව: 198 (පන්දුවාර 49.3) අර්ස්ලාන් ඛාන් 63, ප්‍රනාව් ෂර්මා 34, අෆිෆ් හෝසේන් 43/5, හසන් මහමුද් 23/2
බංග්ලාදේශයට ලකුණු 66ක ජයක්.
එංගලන්තය-නැමීබියාව
නැමීබියාව: 196/9 (පන්දුවාර 50) ෂෝන් ෆෝච් 44, නිකොල් ලොටි ඊටන් 36, ලුක් හෝල්මන් 41/3, ටොම් ස්ක්‍රිවන් 30/2, හැරී බෘක් 32/2
එංගලන්තය: 198/2 (පන්දුවාර 24.1) විල් ජැක්ස් නොදැවී 73, හැරී බෘක් නොදැවී 59, සවින් පෙරේරා 26, ගෙර්හාඩ් ලොටරින් 33/2
එංගලන්තයට කඩුලු 8ක ජයක්.

අද (16දා) තරග අයර්ලන්තය සහ පාකිස්තානය අතර කෝබාම් ඕවල් පිටිය ඉන්දියාව සහ පැපුවා නිව්ගිනියාව අතර මොන්ගෝනෙයි බේ ඕවල් පිටිය.

(සටහන : පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.