Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලාහෝරයේදී මේ මස 9දා සිට 22දා දක්වා පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රාහකත්වය පිරිනමා තිබේ.
ක්‍රීඩකයන් 17ක් සහ නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිලට ගුවන් ටිකට්පත් සහ ක්‍රිකට් උපකරණ ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 11ක මුදලක් වැය කර ඇත. 
මීට අමතරව දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල සහ පුහුණුකරුවකුගේ සේවයද ලබාදී ඇති අතර, දෘෂ්‍යාබාධිත ලෝක ක්‍රිකට් සංගමයේ මෙරට සාමාජික මුදල සහ වාර්ෂික මහා සභා රැස්වීම්වලට නියෝජිතයන් සහභාගි වීමේදී වැය වන මුදල්ද (ක්‍රිකට් ඒඩ් ආධාර මත) ක්‍රිකට් ආයතනයෙන් ලබාදී තිබේ.
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානී හා ක්‍රිකට් ඒඩ් (ආධාර) අංශ සුපරීක්ෂක උප සභාපති කේ. මතිවානන් මහතා අදාළ අනුග්‍රාහක චෙක්පත කණ්ඩායමේ කළමනාකරු එච්.ජී. චමින්ද පුෂ්පකුමාර කරුණාරත්න මහතා වෙත ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දිස්වේ. දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා සහ දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්වූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.