
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් වීමේ ගැටලු කිහිපයක්ද ඇති බව ඇමැතිවරයා පැවැසීය.
හතුරුසිංහ සමග කටයුතු කළ තිලාන් සමරවීර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස එකතු වී සිටින බවත්, එයත් හොඳ දෙයක් බවත් පැවැසූ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීමත් බලාපාරොත්තු වන බව පැවැසීය.
“බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහට ඇමෙරිකානු ඩොලර් 40,000ක පමණ වැටුපක් ලැබෙනවා. නමුත් ඔහු අපේ රටට සේවයක් කළ යුතු බව පවසා තිබෙන නිසා එතරම් විශාල වැටුපක් අවශ්‍ය නොවන බවද හතුරුසිංහ පැවැසුවා. ඒ නිසා ඔහුට විශේෂ ගෞරවයක් පුදකළ යුතු යැයි”ද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
අද ක්‍රිකට් ගැන කතා කරන අය රජකරපු කාලෙදි තමයි හතුරුසිංහව කණ්ඩායමෙන් එලෙව්වේ. එදා ඔහු අපේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස හොඳින් කටයුතු කරමින් සිටි බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.
පානුක රාජපක්ෂ
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.