Coss Ear2
lakbima.lk
COSS Ear 1

හිටපු ශූර ඉන්දියාව නේපාලයට පරදියි

අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හිටපු ශූර ඉන්දියාවට එරෙහිව ලකුණු 19ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට නේපාල යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.

නැගෙනහිර ආසියානු කලාපයේ ශූරයන් වෙමින් මෙවර මලයාසියානු තරගාවලියට සුදුසුකම් ලබාගත් නේපාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 50දී කඩුලු 8ට ලකුණු 185ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 166ක් පමණි.
නේපාල ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දිපේන්ද්‍ර සිං අයිරී පන්දු 101කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 88ක් සහ පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 39ට කඩුලු 4ක් බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්විය.

ආරම්භක පිතිකරු ජිතේන්ද්‍ර සිං සහ (36) සහ නායක දිපේන්ද්‍ර සිං තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනංවමින් නේපාල ඉනිම ශක්තිමත් කළහ.
ඉන්දියාව වෙනුවෙන් නායක හිමන්ෂු රානා (46), මන්ජෝට් කල්රා (35) සහ අභිෂේක් ෂර්මා (27) පිත්තෙන් දස්කම් දැක්වුවද පරාජය වළක්වා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

මෙම තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ඉන්දියාව මලයාසියාවට එරෙහිව ලකුණු 202ක දැවැන්ත ජයක් වාර්තා කළ අතර, නේපාලය බංග්ලාදේශය හමුවේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 2ක පරාජයක් ලැබිය.
නේපාලය අද (14දා) මලයාසියාව සමගද, ඉන්දියාව අද බංග්ලාදේශය සමගද තරග බිමට පිවිසෙයි.
ලකුණු තත්ත්වය :-
නේපාලය පන්දුවාර 50දී - 185/8යි
ජිතේන්ද්‍ර සිං 36, දිපේන්ද්‍ර සිං අයිරී 88, බි. ෂාර්කි 15, ආදිත්‍යා තකාරේ 33/2, අභිෂේක් ෂර්මා 38/2
ඉන්දියාව පන්දුවාර 18.1කදී - 166යි
හිමන්ෂු රානා 46, මන්ජෝට් කල්රා 35, අභිෂේක් ෂර්මා 27, අන්ජු රාවට් 18, දිපේන්ද්‍ර සිං 39/4, පවන් සරාෆ් 24/2,
ෂහාබ් අලාම් 11/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.