Coss Ear2
lakbima.lk
COSS Ear 1

කළණ සහ හසින්ත දස්කම් දක්වති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් 
පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 34ට කඩුලු 7ක් බිඳ හෙළීමට ගල්කිස්ස ශා. තෝමස් විදුහ‍ලේ කළණ පෙරේරා සමත්විය.
තවත් තරගයකදී බම්බලපිටිය ශා. පීතර විදුහලට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විද්‍යාලයේ දකුණත් ආරම්භක පිතිකරු හසින්ත ජයසූරිය සමත් විය.
ශතකය (101) රැස් කිරීම සඳහා හසින්ත පන්දු 211ක් වැය කර තිබූ අතර, ඊට හතරේ පහර 10ක් අන්තර්ගත විය.
 
ශා. තෝමස්-සහිරා
ශාන්ත තෝමස්: පළමු ඉනිම - 244 (පන්දුවාර 69.1) ඩිලොන් පීරිස් 65, කිෂාන් මුණසිංහ 44, මනීෂ රූපසිංහ 37, ශලින් ද මෙල් 24, මොහොමඩ් ආදිල් 5/66, මොහොමඩ් රිෆාත් 3/50
සහිරා: පළමු ඉනිම - 97 (පන්දුවාර 32.2) මොහොමඩ් ෂමාෂ් 20, රිද්මික නිමේෂ් 23, මොහොමඩ් ෂැකී 22, කළණ පෙරේරා 7/34, ඩිලොන් පීරිස් 2/40
සහිරා: දෙවැනි ඉනිම - 108 (පන්දුවාර 38.5) මොහොමඩ් ෂමාෂ් 24, මොහොමඩ් ඩිල්හාන් 20, දිනෙත් කන්නංගර 3/36, තෙවින් ඊරියගම 2/8, ෂැනොන් ප්‍රනාන්දු 2/16, ඩිලොන් පීරිස් 2/24
ශා. තෝමස්ට ඉනිමක සහ ලකුණු 29ක ජයක්.
 
ත්‍රිත්ව-ශා. පීතර
ත්‍රිත්ව: පළමු ඉනිම - 192/9 (පන්දුවාර 68.2) හසින්ත ජයසූරිය 101, පුබුදු බණ්ඩාර 28, චානුක කුමාරසිංහ 26, සචින් සිල්වා 3/44, මොහොමඩ් අමීන් 3/70, කණිෂ්ක මධුවන්ත 2/41
ශාන්ත පීතර: පළමු ඉනිම - 55/0 (පන්දුවාර 13) සන්තුෂ් ගුණතිලක නොදැවී 36, භානුක සිල්වා නොදැවී 17
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
කටුගස්තොට ශා. අන්තෝනි-මහනුවර විද්‍යාර්ථ
විද්‍යාර්ථ: පළමු ඉනිම - 162/8 (පන්දුවාර 63) කසුන් රවිඳු 70, මෙදුනක විජේතිලක 24, නිම්නක ජයතිලක 6/58
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රිච්මන්ඩ්-නාලන්දා
නාලන්දා: පළමු ඉනිම - 83 (පන්දුවාර 35.4) සුහඟ විජේවර්ධන 25, අවිෂ්ක පෙර්රා 20, සඳුන් මෙන්ඩිස් 4/18, දිලුම් සුදීර 4/23
රිච්මන්ඩ්: පළමු ඉනිම - 85/5 (පන්දුවාර 24.3) ආකාෂ් කාවින්ද 28, රවීන් ද සිල්වා 2/28
නාලන්දා: දෙවැනි ඉනිම - 33/4 (පන්දුවාර 14) දිලුම් සුදීර 3/13
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
මහින්ද-ධර්මාශෝක
ධර්මාශෝක: පළමු ඉනිම - 145 (පන්දුවාර 48.3) සචින් සංජීව 47, නිමේෂ් මෙන්ඩිස් 39, කවිඳු එදිරිවීර 6/57
මහින්ද: පළමු ඉනිම - 75/4 (පන්දුවාර 31.2) හංසික වැළිහිඳ 31, දිනුක ඩිල්ෂාන් 2/11
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ශා. සිල්වෙස්තර-කිංග්ස්වුඩ්
ශා. සිල්වෙස්තර: පළමු ඉනිම - 105 (පන්දුවාර 57.2) ජනකාන්ත රණසිංහ 22, ලක්ෂාන් ද සිල්වා 3/26, හෂාන් වික්‍රමසිංහ 2/8, දුමිඳු දම්සික 2/26
කිංග්ස්වුඩ්: පළමු ඉනිම - 29/4 (පන්දුවාර 13.1) නිම්සර අතරගල්ල 3/14
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පානදුර රාජකීය-ශ්‍රී ජයවර්ධනපුර ම.වි.
ශ්‍රී ජයවර්ධනපුර ම.වි.: පළමු ඉනිම - 41 (පන්දුවාර 23.1) භානුක සසංජිත් 4/10, දිනිඳු මිලින්ද 2/7
පානදුර රාජකීය: පළමු ඉනිම - 80/1 (පන්දුවාර 20) මළිඳු අශේන් නොදැවී 40, නිපුන් චානක 26
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
විද්‍යාර්ථ-බළපිටිය රේවත
රේවත: පළමු ඉනිම - 56 (පන්දුවාර 29) මෙදුනක විජේතිලක 5/18, ඉසුරු ප්‍රබෝධ 4/2
විද්‍යාර්ථ: පළමු ඉනිම - 104 (පන්දුවාර 41.1) පුලින ගුණතිලක 20, අවිෂ්ක ඩිල්ෂාන් 5/35, සහන් සංකල්ප 3/44, සමේෂ් මධුසංක 2/20
රේවත: දෙවැනි ඉනිම - 157 (පන්දුවාර 28.5) දිමුතු කුමාර 55, ප්‍රියමන්ත රුක්මාල් 38, චතූ කාව්‍ය නොදැවී 21, ඉෂාන් සංගීත් 3/32, හචින්ත මාපලගම 2/14, රවිෂ්ක ලක්ෂාන් 2/21 
විද්‍යාර්ථ: දෙවැනි ඉනිම - 117/3 (පන්දුවාර 42) කසුන් රවිඳු 38, චමී නිම්සර 4/43, අවිෂ්ක ඩිල්ෂාන් 3/16
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
 
නුගවෙල ම.ම.වි.-මහනුවර ශ්‍රී සුමංගල
නුගවෙල : පළමු ඉනිම - 207 (පන්දුවාර 63.4) දුමින්ද ඒකනායක 68, බණ්ඩාර උදලාගම 43, එල්.බි. වික්‍රමසිංහ 4/68
ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 131 (පන්දුවාර 47.2) එල්. බණ්ඩාර 47, එල්.බි. වික්‍රමසිංහ 32, 
ප්‍රභාෂ්වර ‍පොල්කොටුව 6/40, බණ්ඩාර උදලාගම 2/6, චතුරංග රත්නායක 2/40
නුගවෙල: දෙවැනි ඉනිම - 90 (පන්දුවාර 36.2) මධුෂ්ක ජයරත්න 43, එල්.බි. වික්‍රමසිංහ 6/32, කේ.එස්. බණ්ඩාර 2/40
ශ්‍රී සුමංගල: දෙවැනි ඉනිම - 121/3 (පන්දුවාර 26.3) එස්.ආර්. පීරිස් 32, වී.එස්. වීරතුංග නොදැවී 27, ඒ. අයි. පුෂ්පකුමාර නොදැවී 20 තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.