Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා පිල අද මලයාසියාවට

ආසියානු ක්‍රිකට් සම්මේලනය සංවිධානය කරන අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අද (8දා) මලයාසියාව බලා පිටත්ව යයි.
ආසියානු රටවල් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන  මෙම තරගාවලිය 10දා සිට 19දා දක්වා මලයාසියාවේ ක්වාලාලම්පූර්හි ක්‍රීඩාංගණ 3ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
තරගාවලියේ පළමු වටය කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන අතර අවසන් මහ තරගය 19දා පැවැත්වේ.
පසුගිය වසරේ ශූරයන් වූ ඉන්දියාව, බංගලිදේශය, මලයාසියාව සහ නේපාලය ‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදින අතර, පසුගිය වසරේ අනුශූර ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ‘බි’ කාණ්ඩය යටතේ තරග වදියි.
මෙවර තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සමග තරග බිමට පිවිසෙයි.
ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල 10දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් තරග වදින අතර, 11දා ඇෆ්ගනිස්තානය සමගින් තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාවේ පළමු වටයේ අවසන් තරගය 13දා  පාකිස්තානය සමගින් පැවැත්වේ.
 
ශ්‍රී ලංකා අවු. 19න් පහළ සංචිතය:
කමිඳු මෙන්ඩිස් (නායක-රිච්මන්ඩ්), ජෙහාන් ඩැනියෙල් (උප නායක-ශා. ජෝශප්), අශේන් බණ්ඩාර (ශා. ඇලෝසියස්), හසිත බෝයගොඩ (ත්‍රිත්ව), ක්‍රිෂාන් සංජුල (මැසිනෝද්), තිසරු රශ්මික (ත්‍රිත්ව), ප්‍රවීන් ජයවික්‍රම (ශා. සෙබස්තියන්), නිපුන් ධනංජය (ජෝශප් වාස්), ධනංජය ලක්ෂාන් (රිච්මන්ඩ්), කළණ පෙරේරා (ශා. තෝමස්), කේ. කේ. කෙවින් (මහින්ද), රන්දීර රණසිංහ (කුරුණෑගල ශා. ආනා), නිශාන් මධුෂ්ක (මොරටු විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (ශා. සෙබස්තියන්), තිලාන් ප්‍රශාන් (ශා. සර්වේෂස්) 
නිලධාරීන්: රෝයි ඩයස් (ප්‍රධාන පුහුණුකරු), මහින්ද හලංගොඩ (කළමනාකරු), වයි. නිශාන්ත කුමාර (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් නියෝජිත), චමින්ද වාස් (වේග පන්දු පුහුණුකරු), අජිත් ඒකනායක (දඟ පන්දු පුහුණුකරු), උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු), දර්ශන් වීරසිංහ (අභ්‍යාසක), සංජීව ගමගේ (භෞත චිකිත්සක), ප්‍රශාන්ත් නිලූක (දත්ත විශ්‍ලේෂක)
 
තරග සටහන
 
නොවැම්බර් 10
ද ඉන්දියාව සහ මලයාසියාව අතර කින්රාරා ඕවල්හිදී
ද පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර බයුමාස් ඕවල්හිදී 
ද ශ්‍රී ලංකාව සහ එමීර් රාජ්‍යය අතර රෝයල් සැලෙන්ගාර්හිදී  
නොවැම්බර් 11
ද බංගලිදේශය සහ නේපාලය අතර කින්රාරා ඕවල්හිදී 
ද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර  බයුමාස් ඕවල්හිදී 
නොවැම්බර් 12
ද ඉන්දියාව සහ නේපාලය අතර බයුමාස් ඕවල්හිදී 
ද පාකිස්තානය සහ එමීර් රාජ්‍යය අතර  රෝයල් සැලෙන්ගාර්හිදී 
නොවැම්බර් 13
ද බංගලිදේශය සහ මලයාසියාව අතර බයුමාස් ඕවල්හිදී 
ද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කින්රාරා ඕවල්හිදී 
නොවැම්බර් 14
ද නේපාලය සහ මලයාසියාව අතර බයුමාස් ඕවල්හිදී
ද ඉන්දියාව සහ බංගලිදේශය අතර රෝයල් සැලෙන්ගාර්හිදී 
ද ඇෆ්ගනිස්තානය සහ එමීර් රාජ්‍යය අතර  කින්රාරා ඕවල්හිදී  
නොවැ. 16 සහ 17 - අවසන් පූර්ව තරග
නොවැ. 19 - අවසන් මහ තරගය 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.