Coss Ear2
lakbima.lk
COSS Ear 1

සජාන් ප්‍රියමධු ලකුණු 266යි

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී කඹුරාවල මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 266ක් රැස් කිරීමට පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාස‍ලේ සජාන් ප්‍රියමධු සමත්විය.
සජාන් ප්‍රියමධු ලකුණු 266 රැස් කිරීම සඳහා පන්දු 156ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 26ක් සහ හයේ පහර 18ක් අන්තර්ගත විය.
හොරයිසන් ජාත්‍යන්තර පාසලට එරෙහිව පන්දු 75කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 9ක් සමගින් ලකුණු 117ක් රැස් කළ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ නායක අනුග බණ්ඩාර පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් විය.
අනුග බණ්ඩාර මීට පෙර ශා. ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 125ක් රැස් කළ අතර, ලූවර් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය.
තවත් තරගයකදී මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලයට එරෙහිව රාජකීය ‘සී’ පි‍ලේ අනුෂ් ‍පොලොන්නෝවිට ලකුණු 137ක් වාර්තා කළේය.
මෙම තරගවලදී පානදුර ලීඩ්ස්, මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලය, රාජකීය ‘සී’, ශා. ජෝශප් ‘සී’ සහ රත්ගම දේවපතිරාජ ‘බි’ යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය ලැබූහ.
 
පානදුර ලීඩ්ස්-කඹුරාවල ම.වි.
කඹුරාවල: පළමු ඉනිම - 88 (පන්දුවාර 33.4) රශ්මික දෙනුවන් 41, ලක්ෂාන් සමීර 4/31, කසුන් ගජේන්ද්‍ර 2/10, සජාන් ප්‍රියමධු 2/16, ලක්මාල් සම්පත් 2/17
පානදුර ලීඩ්ස්: පළමු ඉනිම - 341/7 (පන්දුවාර 38.3) සජාන් ප්‍රියමධු 266, දිනේෂ් ෂෙවාන් 39, ලක්ෂාන් සමීර 23, සුනෙර ප්‍රභාත්ප්‍රිය 2/58
කඹුරාවල: දෙවැනි ඉනිම - 14/1 (පන්දුවාර 2.3)
පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට පළමු ඉනිමේ ජයක්.
 
මාලඹේ ආදර්ශ පිරිමි-හොරයිසන්
මාලඹේ පිරිමි: පළමු ඉනිම - 242/9 
අනුග බණ්ඩාර 117, දුවින් ගමගේ 29, රමික විජේතුංග 24, සොනාල් සන්දින 4/20
හොරයිසන්: පළමු ඉනිම - 78 (පන්දුවාර 27.4) එරංග හංසක 20, ඔසඳ පංකජ 5/23, අනුග බණ්ඩාර 2/10
මාලඹේ පිරිමි දෙවැනි ඉනිම - 106 
අනුග බණ්ඩාර 35, භාග්‍ය ප්‍රභාෂ්වර 30
මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
 
රාජකීය ‘සී’-මොරොන්තුඩුව ධම්මානන්ද
ධම්මානන්ද: පළමු ඉනිම - 73 (පන්දුවාර 28.2) රමේෂ් කමිඳු 31, දුලාජ් සුබපණ්ඩිත 5/6, සත්රු කවීෂ 3/33
රාජකීය ‘සී’: පළමු ඉනිම - 323/9 (පන්දුවාර 53.2) අනුෂ් ‍පොලොන්නෝවිට 137, හිරුණ රණවක 68, වෝරධ සුබසිංහ 37, යොහාන් විහඟ 4/49, චමිඳු ඩිල්ෂාන් 2/56
ධම්මානන්ද: දෙවැනි ඉනිම - 2/5 (පන්දුවාර 8) ගවීන් දම්සිත් 1/04
රාජකීය ‘සී’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
දේවපතිරාජ ‘බි’-බෙන්තොට ගාමිණී ‘බි’
ගාමිණී ‘බි’: පළමු ඉනිම - 189 (පන්දුවාර 37.2) රිද්ම ප්‍රභාෂ්වර 57, සිමියුරු පවන් 41, සහන් පන්සිළු 20, හිරාන් චාමිකර 5/30, තනුෂ් විදුරංග 3/25
දේවපතිරාජ ‘බි’: පළමු ඉනිම - 201 (පන්දුවාර 53.4) සිතිජ ආදිත්‍ය 45, මතීෂ ලක්හාර 40, හිරාන් චාමිකර 36, තනුෂ් විදුරංග 16, ෂෙහාන් අධීෂ 5/34
ගාමිණී ‘බි’: දෙවැනි ඉනිම - 50/2 (පන්දුවාර 7) රිද්ම ප්‍රභාෂ්වර 19, තනුෂ් විදුරංග 2/28
දේවපතිරාජ ‘බි’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
ශා. ජෝශප් ‘සී’-නාලන්දා ‘සී’
නාලන්දා ‘සී’: පළමු ඉනිම - 80 (පන්දුවාර 32) තිමත් හේරත් 24, විඳු තඹසර නොදැවී 21, අනිෂ්ක
ගුණරත්න 4/11, කයිල් මාකලන්ද 2/20, දේමිත දිසානායක 2/21 
ශා. ජෝශප් ‘සී’: පළමු ඉනිම - 93/8 (පන්දුවාර 35) නිර්වාණ අබේසේකර 26, සවිඳු නානායක්කාර 5/12
නාලන්දා ‘සී’: දෙවැනි ඉනිම 44/4 (පන්දුවාර 17.3) මිතිර ලියනගේ 18, ලෙසොන් ලියූ 3/10
ශා. ජෝශප් ‘සී’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.