Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ‘ඒ’-කොදෙව් ‘ඒ’ එක්දින සටන සමවෙයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජැමෙයිකාවේදී පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 45ක ජයක් ලැබූ කොදෙව් ‘ඒ’ තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ජයගත් අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ‘ඒ’ පන්දුවාර 44.1කදී ලකුණු 152කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවද, ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 38.3කදී ලකුණු 107කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
කොදෙව් ‘ඒ’ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂෙල්ඩන් කොට්රල් ලකුණු 19කට කඩුලු 4ක් බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්වූ අතර, කයිල් මේයර්ස් ලකුණු 24ට කඩුලු 3ක් බිඳ හෙළීය.
ලකුණු හඹායාමේදී ශ්‍රී ලංකා ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා වන නිපුන් කරුණානායක පන්දු 113කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 47ක් වාර්තා කළේය.
කොදෙව් ‘ඒ’ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූ විමුක්ති පෙරේරා ලකුණු 25ට කඩුලු 4ක් බිඳ හෙළීය.
ලකුණු තත්ත්වය :-
කොදෙව් ‘ඒ’ පන්දුවාර 44.1කදී සියලු දෙනා දැවී - 152යි
රකීම් කෝන්වල් 18, ෂම්රා බෘෘක්ස් 35, සුනිල් ඇම්බ්‍රිස් 20, ඇන්ඩ්‍රි මැකාති 27, ජමාර් හැමිල්ටන් 19, විමුක්ති පෙරේරා 25/4, ලහිරු කුමාර 30/2, දසුන් ශානක 35/2, අමිල අ‍පොන්සු 25/1
ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 38.3කදී සියලු දෙනා දැවී - 107යි
සඳුන් වීරක්කොඩි 6, නිපුන් කරුණානායක 47, රොෂේන් සිල්වා 3, ධනංජය ද සිල්වා 3, චරිත් අසලංක 10, වනිඳු හ0සරංග 0, ෂෙහාන් ජයසූරිය 13, දසුන් ශානක 0, අමිල අ‍පොන්සු 2, විමුක්ති පෙරේරා 13, ලහිරු කුමාර (නොදැවී) 2, කොට්රල් 19/4, මේයර්ස් 24/3, කෝන්වල් 23/2, ස්මිත් 15/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.