Coss Ear2
lakbima.lk
COSS Ear 1

කෞෂාල් සහ මෙන්ඩිස් ඉවතට ධනංජය සහ සධීර ඇතුළට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 16දා කල්කටාහිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති අතර, කුසල් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ ධනංජය ද සිල්වා , සධීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා කණ්ඩායමට කැඳවා තිබිම කැපී පෙනෙයි.
මේ අතර ආබාධයකට ගොදුරු වී සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමෙන් පසු යළි කණ්ඩායමට එක්වී තිබේ.
එහෙත් ආබාධවලට ගොදුරු වී සිටින අසේල ගුණරත්න සහ කුසල් ජනිත් පෙරේරා පූර්ණ සුවය ලබා නොමැති බැවින් කණ්ඩායමට නම්කර නොමැති බව වාර්තා වේ.
මේ අනුව දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල සහ රොෂේන් සිල්වා නම්කර තිබේ.
වේග පන්දු යවන්නන් ලෙස සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු සහ දසුන් ශානක නම්කර ඇති අතර, නුවන් ප්‍රදීප් සහ ෂමින්ද එරංග ආබාධ හේතුවෙන් කණ්ඩායමට නම්කර නොමැත.
දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත්,  දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට එක්කර තිබේ.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.