Coss Ear2
lakbima.lk
COSS Ear 1

කෝලි-ෂර්මා සහ බුම්රා ඉන්දියාවට ජය ගෙනෙති

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කාන්පූර්හි පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 147ක් රැස් කළ රෝහිත් ෂර්මා තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර, තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් මෙම තරගයේදීද ශතකයක් වාර්තා කළ නායක විරාත් කෝලි තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 337ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 331ක් පමණි.
රෝහිත් ෂර්මා සහ නායක විරාත් කෝලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 230ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට දායක වූහ.
පන්දු 138කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 147ක් රැස් කළ රෝහිත් ෂර්මා සිය 15 වැනි එක්දින ශතකය වාර්තා කළ අතර, පන්දු 106කදී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 113ක් රැස් කළ විරාත් කෝලි සිය 32වැනි එක්දින ශතකය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී කොලින් මුන්රෝ (75), කේන් විලියම්සන් (64) සහ ටොම් ‍ලේතම් (65) අර්ධ ශතක වාර්තා කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 47ට කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 50දී - 337/6යි
ෂර්මා 147, කෝලි 113, එම්.එස්. දෝනි 25, කෙදර් ජදාව් 18, සවුති 66/2, මිල්නේ 64/2, සැන්ට්නර් 58/2
නවසීලන්තය පන්දුවාර 50දී - 331/7යි
මුන්රෝ 75, විලියම්සන් 64, ටේලර් 39, ‍ලේතම් 65, නිකොල්ස් 47, බුම්රා 47/3, චහාල් 47/2, බුවනේෂ්වර් 92/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.