Coss Ear2
lakbima.lk
COSS Ear 1

බස්නාහිර පළාත් මධ්‍යම ශූරතාව දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමාසහිත ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ 11වැනි “පී්‍රමා ශූරයන්ගේ කුසලාන” අවු. 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පවන් රත්නායකගේ නායකත්වයෙන් බස්නාහිර පළාත් මධ්‍යම පිල සමත්විය.
පසුගියදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති අවසන් තරගයේදී බස්නාහිර පළාත් මධ්‍යම පිල බස්නාහිර පළාත් දකුණ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ අතර, තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ටෂික නිර්මාල් (බස්නාහිර පළාත් මධ්‍යම) තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම ලකුණු 96කට සීමා වූ අතර, බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 170ක් වාර්තා කළේය. 
ලකුණු 74ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බස්නාහිර පළාත් දකුණ දෙවැනි ඉනිමේ කඩුලු 9ක් දැවී ලකුණු 187ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීය.
ජයග්‍රහණය සඳහා පන්දුවාර 28කදී ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය බස්නාහිර පළාත් මධ්‍යම තරගය නතර කරන විට කඩුලු 6ට ලකුණු ලකුණු 75ක් වාර්තා කළේය.
බස්නාහිර පළාත් මධ්‍යම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සම්පත් නිශ්ශංක මුල් ඉනිමේදී ලකුණු 26ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, ටෂික නිර්මාල් මුල් ඉනිමේදී ලකුණු 23ට කඩුලු 4ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 69ට කඩුලු 4ක්ද බිඳ හෙළමින් තරගයේ වීරයා බවට පත්විය.
බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම වෙනුවෙන් භවන්ත හරිත් නොදැවී ලකුණු 49ක් රැස් කළ අතර, ටෂික නිර්මාල් ලකුණු 37ක් රැස් කළේය.
බස්නාහිර පළාත් දකුණ දෙවැනි ඉනිම වෙනුවෙන් නායක සුඛිත මනෝජ් නොදැවී ලකුණු 74ක් රැස් කරමින් තරගයේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්විය.
තරගාවලියේ දක්ෂතම පිතිකරු - තිනුර ගුණරත්න (ඌව) 
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා - සම්පත් නිශ්ශංක (බස්නාහිර මධ්‍යම)
තරගාවලියේ වීරයා - නවෝද් පරණවිතාන (දකුණ)
 
ලකුණු තත්ත්වය :-
බස්නාහිර පළාත් දකුණ: 
පළමු ඉනිම - 96 (පන්දුවාර 30.5) පසිඳු පැතුම් 28, චමෝද් ගිහාන් 23, සම්පත් නිශ්ශංක 5/26, ටෂික නිර්මාල් 4/23
බස්නාහිර පළාත් මධ්‍යම: 
පළමු ඉනිම - 170 (පන්දුවාර 62.5) භවන්ත හරිත් නොදැවී 49, ටෂික නිර්මාල් 37, චමෝද් ගිහාන් 2/15, විනුජ රන්පුල් 2/30, බිහඟ මෙන්ඩිස් 2/35, බිහාන් ඉනුක 2/47 
බස්නාහිර පළාත් දකුණ: දෙවැනි ඉනිම - 187/9 (පන්දුවාර 64.4) සුඛිත මනෝජ් නොදැවී 74, විනුජ රන්පුල් 30, ප්‍රභාෂ්වර හේරත් 27, ටෂික නිර්මාල් 4/69, කවිඳු පතිරත්න 2/31
බස්නාහිර පළාත් මධ්‍යම: දෙවැනි ඉනිම - 75/6 (පන්දුවාර 28) විනුක රූබසිංහ 24, පවන් රත්නායක නොදැවී 13, විනුජ රන්පුල් 2/30, බිහඟ මෙන්ඩිස් 2/35, බිහාන් ඉනුක 2/47
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.