Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින ක්‍රිකට් තරගාවලිය දිනයි

ශ්‍රී ලංකා ‘ඒ’  සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’  අතර ජැමෙයිකාවේ සබිනා පාර්ක්හිදී පැවැති තෙවැනි සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂෙහාන් ජයසූරිය මුළු තරගයේදී ලකුණු 101ට කඩුලු 8ක් බිඳ හෙළමින් සහ පළමු ඉනිමේදි ලකුණු 36ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්විය. ඔහුට අනඟි සහයක් ලබා දුන් මලින්ද පුෂ්පකුමාර මුළු තරගයේදී ලකුණු 86ට කඩුලු 8ක් බිඳ හෙළීය.
කොදෙව් ‘ඒ’ මුල් ඉනිම ලකුණු 181කට සීමා වූ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 273ක් වාර්තා කළේය. ශ්‍රී ලංකා ‘ඒ’ ට වඩා ලකුණු 92ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ කොදෙව් ‘ඒ’ ට රැස්කරගත හැකිවූයේ ලකුණු 118ක් පමණි. ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රහණය සඳහා ලැබුණු ලකුණු 27ක ඉලක්කය කිසිවකු නොදැවී වාර්තා කළේය.
ශ්‍රී ලංකා ‘ඒ’ නායක ධනංජය ද සිල්වා මුල් ඉනිමේදී පන්දු 97කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 64ක් රැස් කළ අතර, 
රොෂේන් සිල්වා පන්දු 134කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52ක් වාර්තා කළේය.
කොදෙව් ‘ඒ’ මුල් ඉනිම වෙනුවෙන් සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 156කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 101ක් වාර්තා කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් නායක ෂම්රා බෘෘක්ස් අර්ධ ශතකයක් (52) වාර්තා කළ අතර, අනෙක සියලු පිතිකරුවෝ ෂෙහාන් ජසූරිය සහ මලින්ද පුෂ්පකුමාර හමුවේ අසරණ වූහ.
පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ෂෙහාන් ජයසූරිය මුල් ඉනිමේදී ලකුණු 41ට කඩුලු 2ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 60ට කඩුලු 6ක්ද බිඳ හෙලූ අතර, මලින්ද පුෂ්පකුමාර මුල් ඉනිමේදී ලකුණු 67ට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 19ට කඩුලු 4ක්ද බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
කොදෙව් ‘ඒ’ මුල් ඉනිම - 181යි
විෂාවුල් සිං 15, සුනිල් ඇම්බ්‍රිස් 101, රකීම් කෝන්වෝල් 19, ඩේමියන් ජේකොබ්ස් 18, මලින්ද 
පුෂ්පකුමාර 67/4, ෂෙහාන් ජයසූරිය 41/2, ලහිරු කුමාර 35/2, කසුන් රාජිත 31/1
ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම - 273යි
රොන් චන්ද්‍රගුප්ත 16, නිපුන් කරුණානායක 26, ධනංජය ද සිල්වා 64, චරිත් අසලංක 4, රොෂේන් සිල්වා 52, සඳුන් වීරක්කොඩි 21, ෂෙහාන් ජයසූරිය 36, වනිඳු හසරංග 17, මලින්ද පුෂ්පකුමාර 5, කසුන් රාජිත 1, ලහිරු කුමාර (නොදැවී) 2, ජෝසප් 43/2, තෝමස් 54/2, ලෙව්රිජ් 25/2, ජේකොබ්ස් 58/2
කොදෙව් ‘ඒ’ දෙවැනි ඉනිම - 118යි
ෂම්රා බෘෘක්ස් 52, විෂාවුල් සිං 15, රකීම් කෝන්වල් 15, ෂෙහාන් ජයසූරිය 60/6, මලින්ද පුෂ්පකුමාර 19/4
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී - 27යි
රොන් චන්ද්‍රගුප්ත (නොදැවී) 3, නිපුන් කරුණානායක (නොදැවී) 17

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.