Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක්

ඉන්දියාව සහ නවසීලන්තය අතර පූනේහිදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 230ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 46කදී කඩුලු 4ක් දැවී ලකුණු 232ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
නවසීලන්ත ආරම්භ පිතිකරු යුගලය අඩු ලකුණු සංඛ්‍යාවකට ක්‍රීඩා ගාරය වෙත හරවා යවමින් ලකුණු 45ට කඩුලු 3ක් බිඳ හෙලූ බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.
ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ෂිකර් ධවාන් (68) සහ දිනේෂ්
කාර්තික් (නොදැවී 64) අර්ධ ශතක වාර්තා කළහ.
ලකුණු තත්ත්වය :-
නවසීලන්තය පන්දුවාර 50දී - 230/9යි
ටේලර් 21, ‍ලේතම් 38, නිකොල්ස් 42, ග්‍රෑන්ඩ්හෝම් 41, සැන්ට්නර් 29, සවුති (නොදැවී) 25, බුවනේෂ්වර් 45/3, බුම්රා 38/2, චහාල් 36/2
ඉන්දියාව පන්දුවාර 46කදී - 232/4යි
ධවාන් 68, කෝලි 29, කාර්තික් (නොදැවී) 64, පාන්ඩ්යා 30, දෝනි (නොදැවී) 18

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.