Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-පාකිස්තාන් පළමු 20-20 ක්‍රිකට් සටන අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26දා) අබුඩාබිහිදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා පිල පළමු වරට තිසර පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර, පාකිස්තානු පිල සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබයි.
20-20 නිත්‍ය නායක උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් රැසක් ලාහෝර් තරගයට යාම ප්‍රතික්‍ෂේප කිරීම නිසා නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා නම් කර තිබේ.
එහෙත් පාකිස්තානු පිල ‍‍‍ජ්‍යෙෂ්ඨ අත්දැකීම් පිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීම නිසා ශ්‍රී ලංකාවට තියුණු අභියෝගයක් එල්ල වී තිබේ. 
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස ධනුෂ්ක ගුණතිලක, ඩිල්ෂාන් මුණවීර, සධීර සමරවික්‍රම, අෂාන් ප්‍රියංජන් සහ මිනෝද් භානුක ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා, දසුන් ශානක. සචිත් පතිරණ සහ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.
වේගපන්දු යවන්නන් ලෙස ලහිරු ගමගේ සහ ඉසුරු උදාන ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතී.
පාකිස්තානු පිතිකරුවන් ලෙස ෆකර් සමාන්, අහමඩ් ෂෙෂාඩ්, බාබර් අසාම්, මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික් සහ සෆ්රාස් අහමඩ් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
වේගපන්දු යවන්නන් ලෙස හසන් අලී, උස්මාන් ඛාන් සමග මොහෙමඩ් අමීර් හෝ රුමාන් රීස් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ. 
දඟ පන්දු යවන්නන් ලෙස ෂඩාබ් ඛාන් සහ ඉමාඩ් වසීම් ක්‍රීඩා කරති.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි 20-20 තරගය හෙට (27දා) අබුඩාබිහිදී පැවැත්වෙන අතර, තෙවැනි තරගය ලබන 29දා ලාහෝර්හිදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකා 20-20 සංචිතය
තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, මිනෝද් භානුක, සචිත් පතිරණ, විකුම් සංජය, ලහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, උසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, චතුරංග ද සිල්වා 
 
පාකිස්තාන් 20-20 සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, අහමඩ් ෂෙෂාඩ්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, මොහොමඩ් නවාස්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, අමීර් යමීන්, රුමාන් රීස්, උස්මාන් ඛාන්, උමාර් අමීන්, මොහොමඩ් අමීර් (ශාරීරි යෝග්‍යතාව අනුව)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.