Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාස් සිලුයේටා ශූරතාව දිනයි

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා ‘බි’ කොටසේ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාස් සිලුයේටා සමත්විය.
කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී තරගාවලිය පුරා අපරාජිතව පසු වූ මාස් සිලුයේටා හමුවේ ප්‍රතිවාදී පවර් ටෙක් සිමෙන්ට් පිල කඩුලු 5කින් පරාජය ලැබිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පවර්ටෙක් සිමෙන්ට් පන්දුවාර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 247ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාස් සිලුයේටා පන්දුවාර 40.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 249ක් රැස් කළේය.
පවර් ටෙක් සිමෙන්ට් වෙනුවෙන් නායක ළහිරු ජයකොඩි (56) සහ දිනෙත් තිමෝද්‍ය (53) අර්ධ ශතක රැස් කළ අතර, දසුන් සෙනෙවිරත්න ලකුණු 42ක් රැස් කරමින් ඉනිම ගොඩනැංවීමට දායක විය.
සිලුයේටා වෙනුවෙන් නිමන්ත සුබසිංහ, බුද්ධික සංජීව සහ දුෂාන් හේමන්ත කඩුලු 2ක් බැගින් දවාලූහ.
මාස් සිලුයේටා ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භක පිතිකරු යුගල වූ ෂෙහාන් ප්‍රනාන්දු (65) සහ ඉෂාන් නිලක්ෂණ (47) ලකුණු 95ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.
නිමන්ත සුබසිංහ පන්දු 20කදී හයේ පහර 6ක් සමගින් වේගවත් ලකුණු 40ක් රැස්  කරමින් ජය මාවත විවර කර දුන්නේය.
පවර් ටෙක් සිමෙන්ට් වෙනුවෙන් තිලාන් නිමේෂ් සහ මාලිංග ද සිල්වා කඩුලු 2ක් බැගින් දවාලූහ.
දෙනුවන් රාජකරුණා (මාස් සිලුයේටා) තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබිය.
 
පවර් ටෙක් සිමෙන්ට්: 247/9 (පන්දුවාර 50)
ළහිරු ජයකොඩි 56, දිනෙත් තිමෝද්‍ය 53, දසුන් සෙනෙවිරත්න 42, නිමන්ත සුබසිංහ 2/32, බුද්ධික සංජීව 2/41, දුෂාන් හේමන්ත 2/49
මාස් සිලුයේටා: 249/5 (පන්දුවාර 40.3)
ෂෙහාන් ප්‍රනාන්දු 65, ඉෂාන් නිලක්ෂ 47, නිමන්ත සුබසිංහ 40, සංගීත් කුරේ නොදැවී 29, ඇන්ජෙලෝ එම්මානුවෙල් නොදැවී 24, තිලාන් නිමේෂ් 2/25, මාලිංග ද සිල්වා 2/41
(පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.