Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිතුල් සහ ඉඳුවරගෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී සිතුල් විජේසේකර (මාත‍ලේ ශා. තෝමස්) සහ ඉඳුවර උදේන (මීපාවල අමරසූරිය) පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූහ.
මාත‍ලේ ශා. තෝමස් විදුහ‍ලේ සිතුල් විජේසේකර ගම්‍පොළ සහිරා විද්‍යාලයට එරෙහිව මුල් ඉනිමේදී ලකුණු 10ට කඩුලු 6ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 12ට කඩුලු 7ක්ද සමගින් මුළු තරගයේදී ලකුණු 22කට කඩුලු 13ක් දවාලීමට සමත්විය.
මීපාවල අමරසූරිය විද්‍යාලයේ ඉඳුවර උදේන හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව මුල් ඉනිමේදී ලකුණු 21ට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 3ට කඩුලු 5ක් බිඳ හෙළමින් මුළු තරගයේදී ලකුණු 24ට කඩුලු 10ක් බිඳ හෙළීය.
ඉඳුවර උදේන තරගයකදී කඩුලු 10ක් බිඳ හෙලූ දෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්විය. 
කොළඹ රාජකීය ‘බි’ පි‍ලේ ඔමල් දිසානායක කොළඹ අසෝක ‘බි’ පිලට එරෙහිව පන්දු 80කදී හතරේ පහර 9ක් සහ හයේපහර 3ක් සමගින් නොදැවී ලකුණු 113ක් රැස් කිරීමට සමත්විය.
මෙම තරගවලදී මාත‍ලේ ශා. තෝමස්, කොළඹ රාජකීය ‘බි’, පාදුක්ක සිරි පියරතන, මීපාවල අමරසූරිය සහ කොළඹ ඩී.එස්. සේනානායක ‘බි’ පූර්ණ ජය වාර්තා කළේය.
 
මාත‍ලේ ශා. තෝමස්-ගම්‍පොල සහිරා
සහිරා: පළමු ඉනිම - 54 (පන්දුවාර 29) මොහොමඩ් මයුරූෂ් 23, මොහොමඩ් සහිල් 19, සිතුල් විජේසේකර 6/10, කේ. මන්තිල 2/17
තෝමස්: පළමු ඉනිම - 103/4 (පන්දුවාර 25) එම්. පසන් 25, සිතුල් විජේසේකර 21
සහිරා: දෙවැනි ඉනිම - 54 (පන්දුවාර 26) එන්. අහමඩ් 10, සිතුල් විජේසේකර 7/12, අනුරාධ රාජසිංහ 2/8
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 9/0 (පන්දුවාර 1.4)
මාත‍ලේ ශා. තෝමස්ට කඩුලු 10ක ජයක්.
 
ශා. ජෝශප් ‘බි’-බම්බලපිටිය හින්දු
ශා. ජෝශප් ‘බි’: පළමු ඉනිම - 176/7 (පන්දුවාර 39.2) අපේක්ෂ ප්‍රනාන්දු 44, අභිෂේක් ජයවීර 36, දිනෙත් ජයකොඩි 33, කණිෂ්ක දිසානායක 24, එස්. ආකාෂ් 2/21, එස්. ප්‍රතික්ෂාන් 2/24 
හින්දු: පළමු ඉනිම - 72 (පන්දුවාර 45.4) ආර්. ඩිලුක්ෂාන් 22, දිනෙත් ජයකොඩි 3/0, හෙසඳු පතිනායක 3/12, ෂමිල් ප්‍රනාන්දු 2/5
ශා. ජෝශප් ‘බි’: දෙවැනි ඉනිම - 29/0 (පන්දුවාර 8)
ශා. ජෝශප් ‘බි’ පිලට පළමු ඉනිමේ ජයක්.
 
මීපාවල අමරසූරිය-හික්කඩුව ශ්‍රී සුමංගල
ශ්‍රී සුමංගල: පළමු ඉනිම - 49 (පන්දුවාර 20) එම්. ස්ටැන්ලි 17, ඉඳුවර උදේන 5/21, කවිෂ්ක ධනුජය 3/3
අමරසූරිය ම.ම.වි.: පළමු ඉනිම - 173/7 (පන්දුවාර 37.3) පසිඳු මනෝහර 85, ඉඳුවර උදේන 25, එස්. කවිෂාන් 2/40, ආර්. තේජාන් 2/41
ශ්‍රී සුමංගල: දෙවැනි ඉනිම - 19 (පන්දුවාර 13.3) ඉඳුවර උදේන 5/3, තරුෂ නිසල් 3/8
මීපාවල අමරසූරිය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 105ක ජයක්.
 
ශා. සිල්වෙස්තර ‘බි’-මාත‍ලේ විජය 
ශා. සිල්වෙස්තර ‘බි’: පළමු ඉනිම - 145 (පන්දුවාර 54.5) මයුර මාරසිහ 50, රාජ්කුමාර් කපිල්රාජ් 31, උත්පල ප්‍රනාන්දු 3/28, අර්ජුණ උඳුගොඩ 2/29 
විජය: පළමු ඉනිම - 179/8 (පන්දුවාර 42.4) මලිත් ලක්ෂාන් 57, නිපුන් විමර්ශන 4, විදුනෙත් දම්මගේ 2/24, ආර්. ඩිලුක්ෂාන් 2/26, තීක්ෂණ රත්නසූරිය 2/27
විජය විදුහලට පළමු ඉනිමේ ජයක්.
 
රාජකීය ‘බි’-අසෝක ‘බි’
රාජකීය ‘බි’: පළමු ඉනිම - 255/5 (පන්දුවාර 35) ඔමල් දිසානායක නොදැවී 113, වෙනුෂ ආකාෂ් 66, ඔවින අඹන්‍පොල 31, බූලිත මින්තරු 2/59
අසෝක ‘බි’: පළමු ඉනිම - 62 (පන්දුවාර 28.5) දිසඳු රන්මිර 17, ෂිහස් ප්‍රනාන්දු 4/15, සුවිඳු මඩවල 3/13
අසෝක ‘බි’: දෙවැනි ඉනිම - 30 (පන්දුවාර 18) සුවිඳු මඩවල 5/12, ඔවින අඹන්‍පොල 4/8
කොළඹ රාජකීය ‘බි’ පිලට ඉනිමක සහ ලකුණු 167ක ජයක්.
 
පාදුක්ක සිරි පියරතන-මහරගම ජනාධිපති  
ජනාධිපති: පළමු ඉනිම - 65 (පන්දුවාර 42) රුක්ෂාන් දේවින්ද 3/3, ඉෂාන් උදාර 3/7, කවිෂ්ක මලිත් 2/10
සිරි පියරතන: පළමු ඉනිම - 141/8 (පන්දුවාර 34) ලෝචන නාඋල්ල 39, රුක්ෂාන් දේවින්ද 39, දුලිප් සසංක 16
ජනාධිපති: දෙවැනි ඉනිම - 80 (පන්දුවාර 35.2) දේශාධ තරුෂ 41, අවිෂ්ක මලිත් 4/22, ලෝචන නාඋල්ල 4/34
සිරි පියරතන: දෙවැනි ඉනිම - 4/0 (පන්දුවාර 0.1) 
පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 918

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1700

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3492

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2820

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 4044

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 5020

Please publish modules in offcanvas position.