Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවසන් 20-20 තරගයෙනුත් ශ්‍රී ලංකා කාන්තා පිල පරදියි

ශ්‍රී ලංකා කාන්තා පිල සහ කොදෙව් කාන්තා පිල අතර ඇන්ටිගුවාහිදී පැවැති තෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මේ අනුව තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
කොදෙව් ජයග්‍රහණය වෙනුවෙන් ඩියෙන්ඩ්‍රා ඩොටින් ශතකයක් වාර්තා කළ අතර, හේලි මැතිව්ස් කඩුලු 4ක් බිඳ දමමින් විශිෂ්ට දස්කම් දැක්වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා පිල පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 159ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා පිලට පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128ක් පමණි.
කොදෙව් වෙනුවෙන් පන්දු 67කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 112ක් වාර්තා කළ ඩියෙන්ඩ්‍රා ඩොටින් තරගයේ වීරවරිය මෙන්ම තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තාය.

ඩොටින්ට අනගි සහයක් ලබා දුන් ආරම්භක පිතිකාරිනී හේලි මැතිව්ස් ලකුණු 34ක් වාර්තා කළ අතර, පන්දුවෙන් ද විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 18ට කඩුලු 4ක් බිඳ හෙලුවාය.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 42ක් තුළ බිඳ වැටී තිබියදී ශෂිකලා සිරිවර්ධන (50) සහ රෙබෙකා වැන්ඩොට් (50) සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 84ක සම්බන්ධතාවක් ගොඩනැංවුවද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.

ලකුණු තත්ත්වය :-
කොදෙව් කාන්තා පිල පන්දුවාර 20දී - 159/6යි
හේලි මැතිව්ස් 34, ඩියෙන්ඩ්‍රා ඩොටින් 112, අමා කාංචනා 24/1, ශ්‍රීපාලි වීරක්කොඩි 21/1
ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20දී - 128/5යි
ශෂිකලා සිරිවර්ධන 50, රෙබෙකා වැන්ඩොට් 50, හේලි මැතිව්ස් 18/4, ස්ටෙෆානි ටේලර් 22/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.