Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොදෙව් ක්‍රීඩිකාවෝ 2-0කින් 20-20 තරගාවලිය ජය ගනිති

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ඇන්ටිගුවාහිදී පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 47ක ජයක් වාර්තා කළ කොදෙව් ක්‍රීඩිකාවෝ තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.
කොදෙව් ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 12කට කඩුලු 5ක් බිඳ හෙලූ ඇෆි ෆ්ලෙචර් තරගයේ වීරවරිය බවට පත් වූවාය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවෝ පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 154ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.4කදී ලකුණු 107කට සීමා විය.
කොදෙව් නායිකා ස්ටෙෆානි ටේලර් පන්දු 41කදී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 49කට දැවී ගිය අතර, ඩියෙන්ඩ්‍රා ඩොටින් (27), කයිසියා නයිට් (23), බ්‍රිට්නි කූපර් (23) ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක වූහ.
ඉනෝකා රණවීර ලකුණු 47ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, ශ්‍රීපාලි වීරක්කොඩි, චන්දිමා ගුණරත්න සහ අමා කාංචනා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 30ක්ද, යශෝධා මෙන්ඩිස් ලකුණු 22ක්ද වාර්තා කළහ.
කඩුලු 5ක් බිඳ හෙලූ ඇෆි ෆ්ලෙචර්ට අනගි සහයක් ලබා දුන් හේලි මැතිව්ස් ලකුණු 25ට කඩුලු 2ක් බිඳ හෙලුවාය.
 
ලකුණු තත්ත්වය :- 
කොදෙව් කාන්තා පිල පන්දුවාර 20දී - 154/6යි
ස්ටෙෆානි ටේලර් 49, ඩියෙන්ඩ්‍රා ඩොටින් 27, කයිසියා නයිට් 23, බ්‍රිට්නි කූපර් 23, කයිෂෝනා නයිට් 19, ඉනෝකා රණවීර 47/2, ශ්‍රීපාලි වීරක්කොඩි 10/1, චන්දිමා ගුණරත්න 20/1, අමා කාංචනා 27/1
ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 19.4කදී - 107යි
යශෝධා මෙන්ඩිස් 22, චමරි අතපත්තු 30, ඩිලානි මනෝදරා 11, රෙබෙකා වැන්ඩොට් 14, ඇෆි ෆ්ලෙචර් 12/5, හේලි මැතිව්ස් 25/2

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.