Coss Ear2
lakbima.lk
COSS Ear 1

හිරුණ මන්දිලගෙන් තුන් ඉරියව් දස්කම්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේදී සිය දෙවැනි ශතකය සහ කඩුලු 5ක් බිඳ හෙළමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ හිරුණ මන්දිල සමත් විය.
හිරුණ මන්දිල බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව පන්දු 121කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමගින්  ලකුණු 125ක් රැස් කළ අතර, පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 16කට කඩුලු 5ක් බිඳ හෙළීය.
මහනුවර ධර්මරාජ වෙනුවෙන් විභාවිත් ඇහැ‍ලේ‍පොල සහ කොළඹ රාජකීය වෙනුවෙන් සිනෙත් ජයවර්ධන ශතක වාර්තා කිරීමට සමත් වූහ.
 
මහින්ද-බලපිටිය රේවත 
 
මහින්ද: පළමු ඉනිම-219/5 (පන්දුවාර 42) හිරුණ මන්දිල නොදැවී 125, තිමෝද් තරිඳු නොදැවී 22, කවීන් රුක්ෂාන් 32
රේවත: පළමු ඉනිම - 90 (පන්දුවාර 26) තත්සර මෙන්ඩිස් 24, නිර්මාල් මෙන්ඩිස් 2, අචින්ත රමේෂ් 
22, හිරුණ මන්දිල 5/16, සවින්ද්‍ය රන්මිණ 5/27
රේවත: දෙවැනි ඉනිම - 79/5 (පන්දුවාර 24) තත්සර මෙන්ඩිස් 29, සංදීප ද සිල්වා 20, කේ. ධනුජ 3/30
මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ධර්මරාජ-විද්‍යාර්ථ
 
ධර්මරාජ: පළමු ඉනිම-200/5 (පන්දුවාර 30) විභාවිත් ඇහැ‍ලේ‍පොල නොදැවී 100, ලක්වින් අබේසිංහ 28, පුළිඳු පෙරේරා 27, මලීෂ බණ්ඩාර 2/19
විද්‍යාර්ථ: පළමු ඉනිම- 111 (පන්දුවාර 31) අශේන් සේනානායක 25, ඒකනායක බණ්ඩාර 3/19
විද්‍යාර්ථ: දෙවැනි ඉනිම- 22/2 (පන්දුවාර 3)
ධර්මරාජයට පළමු ඉනිමේ ජයක්.
 
රාජකීය-කේරි
 
කේරි: පළමු ඉනිම - 78 (චෝලිත ද සිල්වා 38, තෙනුර හේෂාන් 15, අභිෂේක් ඉද්දවෙල 4/11, ෂෙහාත් පෙරේරා 4/32)
රාජකීය: පළමු ඉනිම - 323/8 (සිනෙත් ජයවර්ධන 117, ෂෙනුල දීලක 52, මුණියන්ඩි නවනීදන් 36, හිරුෂ විජේසේන 28, අනුක් සුරවීර නොදැවී 25, චමත් පුන්මල් 2/39, කවිතන් පත්මනාදන් 2/48
රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
කෝට්ටේ ශා. තෝමස්-රාගම බැසිලිකා
 
ශා. තෝමස්: පළමු ඉනිම - 127/9 (පන්දුවාර 52) තරුෂ අශේල් 33, කෙවින් රංගන 31, රශාන් රාජපක්ෂ 3/19, ච්ෙනුක රන්දුල 2/20
බැසිලිකා: පළමු ඉනිම - 137/6 (පන්දුවාර 28) ඉර්ෆාන් ප්‍රනාන්දු 32, විනුල් කෙත්මිණ 2/19
රාගම බැසිලිකා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
නාලන්දා-රාජගිරිය ජනාධිපති
 
නාලන්දා: පළමු ඉනිම-185 (පන්දුවාර 38.2) රංශික සෙනරත් 39, වත්සුක මීගල 6, රුසිරු විලෝචන 24, සජිත විතානගේ 22, තිනුර රන්දින 22, තාරුක තෂ්මින් 2/39, හෂේන් විළුක්ෂ 2/63
ජනාධිපති: පළමු ඉනිම - 106 (පන්දුවාර 43) මල්මිත් මියුල් 53, සජිත විතානගේ 5/16, විනුක විජේසිංහ 2/11
නාලන්දා: දෙවැනි ඉනිම - 80/4 (පන්දුවාර 14) රංශික සෙනරත් 26, සජිත විතානගේ නොදැවී 20
කොළඹ නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ශ්‍රී දේවානන්ද-බෙන්තොට ගාමිණී 
 
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 81 (පන්දුවාර 33) මිථිල අචින්තක 27, පසන් දෙව්මිණ 5/29, මාලක සම්පත් 3/12
බෙන්තොට ගාමිණී: පළමු ඉනිම - 70 (පන්දුවාර 40.2) මිථිල අචින්තක 5/22, තීක්ෂණ සංකල්ප 2/8, අශේන් නෙත්සර 2/9
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම - 72/6 (පන්දුවාර 21) මිථිල අචින්තක 36, මෙනුල දර්ශන 2/15
දේවානන්දයට පළමු ඉනිමේ ජයක්.
 
ධර්මාශෝක-මාතර ශා. තෝමස් 
 
ශා. තෝමස්: පළමු ඉනිම - 71 (පන්දුවාර 36.5) සචින්තන රන්දේව් 18, තෙනුර පෙරේරා 11, චිරණ ද සිල්වා 5/16, සෙනිත හැළඹගේ 3/23
ධර්මාශෝක: පළමු ඉනිම - 158/8 (පන්දුවාර 43) සෙනිත හැළඹගේ 85, කවීෂ මන්දිල් 26, තෙනුර පෙරේරා 2/32
ශා. තෝමස්: දෙවැනි ඉනිම - 22/1 (පන්දුවාර 11) නවිජ නිවන්ත නොදැවී 22 
ධර්මාශෝකයට පළමු ඉනිමේ ජයක්.
 
ඉසිපතන-ඩී.එස්. සේනානායක
 
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම - 101 (පන්දුවාර 42.4) මනුර පීරිස් 39, චානුක සම්පත් 3/22, සිතික ගුණවර්ධන 3/21, සිතිර විකසිත 2/17
ඉසිපතන: පළමු ඉනිම - 48/5 (පන්දුවාර 24) මනුර පීරිස් 2/9, මාධව චතුරංග 2/10
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.