ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (20දා) සාජාහිදී පැවැත්වේ.
මෙම තරගාවලියේ පළමු තරග තුනෙන්ම ජයගත් පාකිස්තානය මේ වන විටත් තරගාවලිය 3-0ක් ලෙස ජයගෙන තිබේ.
තෙවැනි තරගයේදී යළිත් අසාර්ථක වූ ශ්රී ලංකා පිතිකරුවෝ පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ ලකුණු 208කට දැවී ගිය අතර අදාළ ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී පසු කිරීමට පිතිකරුවෝ සමත් වූහ.
මේ අතුරින් සිය මංගල එක්දින තරගයට සහභාගි වූ ඉමාම් උල් හක් පන්දු 125කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 100ක් වාර්තා කරමින් වාර්තා පොතට එක්විය.
ඉමාම් සහ ෆකාර් සමාන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, වැන්ඩසේගේ පන්දුවක් හමුවේ සමාන් ලකුණු 29කට දැවී ගියේය.
පළමු තරග දෙකේදීම ශතක රැස් කළ බාබර් අසාම් ඉමාම් සමග එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවක් වාර්තා කළ අතර, ලහිරු ගමගේගේ පන්දුවක් හමුවේ ලකුණු 30ක් ලැබූ බාබර් අසාම් පිටියෙන් ඉවත් විය.
ඉන්පසු සිය මංගල ශතකය රැස් කළ ඉමාම් උල් හක් තිසරගේ පන්දුවක් හමුවේ ලකුණු 100කට දැවී ගිය අතර මොහොමඩ් හෆීස් පන්දු 51කදී හතරේ පහර 4ක් සහිතව නොදැවී ලකුණු 34ක් ලබා සිටියේය.
ලකුණු තත්ත්වය -
ශ්රී ලංකාව පන්දුවාර 48.2කදී - 208යි
දික්වැල්ල 18, තරංග 61, චන්දිමාල් 19, කපුගෙදර 18, තිරිමාන්න 28, සිරිවර්ධන 2, වැන්ඩසේ 0, තිසර පෙරේරා 38, ධනංජය 1, චමීර 10, ගමගේ නොදැවී 0, ජුනේඩ් ඛාන් 32/1, මාහොමඩ් හෆීස් 39/1, හසන් අලී 34/5, ෂඩාබ් ඛාන් 37/2
පාකිස්තානය පන්දුවාර 42.3කදී - 209/3යි
ඉමාම් උල් හක් 100, ෆකාර් සමාන් 29, බාබර් අසාම් 30, මොහොමඩ් හෆීස් නොදැවී 34, ලහිරු ගමගේ 35/1, ජෙෆ්රි වැන්ඩසේ 43/1, තිසර පෙරේරා 22/1
ශ්රී ලංකා එක්දින සංචිතය
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්රසන්න, නුවන් ප්රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ
පාකිස්තානු එක්දින සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, රුමාන් රීස්, ජුනේඩ් ඛාන්, හැරිස් සොහෙල්, ඉමාම් උල් හක්
ශ්රී ලංකා-පාකිස්තාන් සිව්වැනි එක්දින තරගය අද සාජාහිදී
- Hits: 429
ප්රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.