Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-පාකිස්තානු එක්දින සටන අද ඩුබායිහිදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13දා) ඩුබායිහිදී පැවැත්වේ.
දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 4.30ට ආරම්භ වෙයි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිල උපුල් තරංග විසින් මෙහෙයවනු ලබන අතර, පාකිස්තානු පිල සෆ්රාස් අහමඩ් විසින් මෙහෙයවනු ලබයි.
ටෙස්ට් තරගාවලිය තරග 2-0කින් ජය ගැනීමෙන් පසු ජයග්‍රාහී මානසිකත්වයකින් ශ්‍රී ලංකාව අද තරගයට පිවිසී සිටියි.
ටෙස්ට් තරගාවලි පරාජයෙන් බිඳ වැටුණු පාකිස්තානය අද ගෞරවය රැක ගැනම සඳහා එක්දින තරගාවලිය ජය ගැනීමේ සටනට පිවිසී සිටියි.
ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ තරංග, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න එක්දින තරගාවලියට කණ්ඩායමට එක්වී සිටියි.
පාකිස්තානයද අත්දැකීම් පිරි ක්‍රීඩකයන් වන අහමඩ් ෂෙෂාර්ඩ්, මොහොමඩ් හෆීස්, ෂොයබේ මලික් සහ ඉමාඩ් වසීම් එක්දින කණ්ඩායමට කැඳවා තිබේ.
නිත්‍ය එක්දින ආරම්භක පිතිකරු
ධනුෂ්ක ගුණතිලක තරග තහනමකට ලක්වීම හේතුවෙන් අද උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ඉනිම ඇරඹීමට නියමිතව තිබේ.
දෙපිලම ‍‍‍ජ්‍යෙෂ්ඨ අත්දැකීම් පිරි ක්‍රීඩකයන් කැඳවා තිබිම නිසා සමබර දෙපිලක් අතර තියුණු සටනක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්දින තරගාවලි 2ක් පවත්වා ඇති අතර, එම අවස්ථා දෙකේදීම පාකිස්තානය ජයගෙන තිබේ
2011-12 තරගාවලියෙන් 4-1ක ජයක් ලැබූ පාකිස්තානය 2013-14 තරගාවලිය තියුණු සටනකින් පසු තරග 3-2කින් ජය ගත්තේය.
තරගාවලියේ තරග 2ක් අඩුබාඩි සහ තවත් තරග 2ක් සාජාහිදී පැවැත්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 50

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2326

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3305

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3558

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1441

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3433

Please publish modules in offcanvas position.