Coss Ear2
lakbima.lk
COSS Ear 1

තහනම ඉවත් කර ගන්න අභියාචනයක් ඉදිරිපත් කරනවා

පානදුර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ට පැනවූ තරග තහනම සහ දඩ මුදල අසාධාරණ  බවත් එය ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකදී පානදුර ක්‍රීඩා සමාජයේ  නිලධාරීහු පැවැසූහ.

පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර කායවර්ධන කවය අතර පැවැති තරගයේදී සිදුවූ සිදුවීම්  සම්බන්ධව පරීක්ෂණය කළ ස්වාධීන පරීක්ෂණ කමිටු වාර්තාවෙන් පසු පානදුර ක්‍රීඩා සමාජයේ  නායක චාමර සිල්වා ට වසර 2 ක තරග තහනමක් හා  සෙසු ක්‍රීඩකයන්ට  වසරක තහනමක්ද ක්‍රීඩා සමාජයට රු. ලක්ෂ 5ක දඩයක්ද නියම කර තිබුණි.

මෙම තරගයේදී කිසිදු තරග පාවාදීමක් සිදු නොවූ බව පවසන ක්‍රීඩා සමාජය මෙම සිදුවීමේදී විනිසුරුවරයා හා තරග තීරකවරයා ක්‍රියාකළ ආකාරය විවේචනය කළේය.

“තරගයේ අවසන් දිනයේ විනිසුරුවරුන් හෝ තීරක කිසිම චෝදනාවක් කළේ නෑ. ඔවුන්ගේ තරග වාර්තාවේද එසේ  කියලා නෑ. ඒත් පසුව තමයි ඔවුන් මෙම චෝදනාව කරලා තියෙන්නේ.” යැයි ‍ලේකම්වරයා පැවැසීය.
මෙම පරීක්ෂණයේ පළමු දිනයේදී සියලුම ක්‍රීඩකයන්  රැගෙන ගිය බවත් නීතිඥයන්ගෙන් පමණක් කරුණු විමසූ අතර කිසිදු ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොවූ බවද මෙහිදී ප්‍රකාශ විය.
ඉන්පසු කිහිප වරක් පරීක්ෂණය සඳහා නීතිඥයන් සහභාගි වූ නමුත් ක්‍රීඩකයන් රැගෙන එන ලෙස දැනුම් නොදුන් බවද ක්‍රීඩා සමාජ නිලධාරීහු පැවැසූහ.

මෙහිදී විනිසුරුවන් ක්‍රියා කළ ආකාරය පිළිගත නොහැකි බවත්  එක් විනිසුරුවරයකු චෝදනාවලට ලක්වූ අයකු බවත් ප්‍රකාශ විය.
මෙම පරීක්ෂණයට පැමිණි වරාය නියෝජිතයා තමන් මේ ගැන කිසිත් නොදන්නා බව පවසා ඇති බවත් ආයතනය වෙනුවෙන් සහභාගි වූ බව ප්‍රකාශ කර ඇති බවද හෙළි විය.
ජාතික පිල නියෝජනය කර ඇති ක්‍රීඩකයන් මෙන්ම වයස අඩු ක්‍රීඩකයන්ද ක්‍රීඩා සමාජයේ සිටින බැවින් මෙම දඬුවම ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන බවද ක්‍රීඩා සමාජ නිලධාරීහු පැවැසූහ.
තමන්ට අහිමි කළ ජයග්‍රහණය මෙන්ම ලකුණුද නැවත ලබා ගැනීමට සටන් කරන බවත්   බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

දයා හේමන්ත සිල්වා - පානදුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.