Coss Ear2
lakbima.lk
COSS Ear 1

මැදපෙළ පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවැරෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (24දා) පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දඹුල්‍ලේ පැවැති පළමු තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
අද තරගයෙන් ජයගෙන තරගාවලිය සම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පිල සටන් බිමට පිවිසී සිටියි.
පළමු තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව එක් අවස්ථාවක කඩුලු 3ට ලකුණු 150ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු වුවද මැද පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙන් ඉනිම බිඳ වැටුණි.
අද තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවැරී ඇති අතර, ටෙස්ට් තරගාවලියේදී මෙන්ම පළමු තරගයේදී අසාර්ථක වූ නායක උපුල් තරංග යළිත් ලකුණු අතරට පිවිසීම අනිවාර්ය වී තිබේ. 
පළමු තරගයේදී උපුල් තරංග ෆුල්ටොස් පන්දුවකට දැවී යාමත්, කපුගෙදරගේ අනවශ්‍ය දුවද්දී දැවී යාම මෙන්ම වනිඳු හසරංගගේ අනවශ්‍ය ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ කඩුලු එක පිට එක බිඳ වැටුණි.
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පළමු තරගයේදී නොදැවී කඩුල්‍ලේ රැඳී සිටියද කඩුලු වැටෙන අවස්ථාවේ පිතිකරු අන්තය නොගෙන පළමු පන්දුවෙන්ම අනෙක් අන්තයට මාරුවීම පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබේ.
මේ අනුව අද තරගය ජය ගැනීමට සියලුම පිතිකරුවන් සිය යුතුකම් කොටස ඉටු කළ යුතු වන අතර, මෙම තරගය පරාජය වුවහොත් තරගාවලියට අවතීර්ණ වීම අසීරු අභියෝගයක් වීමට ඉඩකඩ තිබේ.
මේ අතර පළමු තරගයේදී කඩුලු ලබා ගැනීමට අසමත් වූ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංගට යළිත් දස්කම් අතරට පිවිසීම අනිවාර්ය වී තිබේ.
ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමට මුල් කඩුලු කිහිපය දවා ගැනීමේ අභියෝගය මාලිංගට පැවැරී ඇති නමුත් දඹුල්‍ලේදී ඔහු ප්‍රහාරයකට ලක් විය. 
සිය 300 වැනි එක්දින කඩුල්ල දවා ගැනීමට කඩුලු 2ක් පසුපසින් සිටින මාලිංගට දඹුල්‍ලේදී එම කඩඉම පසු කිරීමට නොහැකි වූ අතර, පල්ලෙකැ‍ලේදී යළිත් අවස්ථාවක් හිමිවී තිබේ.
අද තරගයේදී මිලින්ද සිරිවර්ධන සහ අකිල ධනංජය ක්‍රීඩා කිරීමේ ඉඩකඩක් පවතින බව වාර්තා වන අතර, කණ්ඩායම පිළිබඳව අවසන් තීරණය අද පෙරවරුවේ ගැනීමට නියමිතව තිබේ. 
මේ අතර ඉන්දීය කණ්ඩායම පළමු තරගයේදී ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට යෙදවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ.
පළමු තරගයේදී රෝහිත් ෂර්මා අසාර්ථක වූ අතර, අජින්ක්යා රහානේද ස්ථානයක් බලා‍පොරොත්තුවෙන් පසුවෙයි. 
අද තරගය සඳහා දැඩි ආරක්ෂක විධි විධාන යෙදවීමට කටයුතු යොදා ඇති අතර, පළමු තරගයේදී නරඹන්නන් ක්‍රීඩා පිටිය තුළට පැමිණීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු
 
ඉන්දීය එක්දින සංචිතය
විරාත් කෝලි (නායක), ෂිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ෂර්මා, අජින්ක්යා රහානේ, එම්.එස්. දෝනි, හාර්දික් පාන්ඩ්යා, අක්ෂාර් පටෙල්, කුල්දීප් යදාව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, මනීෂ් පාන්ඩේ, යස්වෙන්දර් චහාල්, කෙදර් ජදාව්, ෂර්දුල් තකූර්
 
මංගල ධර්මප්‍රේම පල්ලෙකැ‍ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1925

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2944

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3267

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3180

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.