Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාවට 311 ක අභියෝගයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟය අද (06) උදෑසන සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

දිනයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම තරඟකාරී ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාවට හිමිකර දෙමින් ලකුණු 311  ක ප්‍රබල ඉලක්කයක් අද (06) දහවල් සිය පන්දුවාර 50 අවසානයේ ලබාදීමට සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසන කඩුලු 8 කට ලකුණු 310යි. සිම්බාබ්වේ ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා පන්දු 98 ක් පමණක් වැය කරමින් ලකුණු 111 ක් ලබා ගැනීම කැපී පෙනුණ අතර සිය මංගල තරඟයෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් වනිඳු හසරංග අද තරඟයේදී කඩුලු 2 ක් සිය කඩුලු මල්ලට දමා ගැනීමට සමත් කම් දැක්වූවා.

මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 112 ක් රැස්කරගැනීමට සමත්ව සිටී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.