Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රබල ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද සටන් බිමට

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (5දා) ඩර්බිහිදී පැවැත්වේ.
ඉන්දියාව මේ වන විට සහභාගි වූ තරග තුනම ජය ගැනීමට සමත් වී සිටින අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ තරග ත්‍රිත්වයම පරාජය වී සිටියි.
ඉන්දියාව වනුවෙන් මෙම තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දැක්වූ එස්. මන්දනා ඉක්මණින් දවා ගැනීම අද ශ්‍රී ලංකාවට හිතකර වෙයි. පළමු තරගයේදී ලකුණු 90ක් ලැබූ ඇය දෙවැනි තරගයේදී ශතකයක් වාර්තා කළ අතර, පාකිස්තානයට එරෙහිව පැවැති තෙවැනි තරගයේදී පමණක් අසාර්ථක විය. 
නායිකා මිතලි රාජ් ද පිත්තෙන් සාර්ථක දස්කම් දක්වා සිටින අතර, හර්මන් පී්‍රට් කෝර් ද තරග තුනේදීම සාර්ථක පිතිහරඹයක නිරත විය.
ශ්‍රී ලංකාවේ බලා‍පොරොත්තු ශතකලාභිනිය වන චමරි අතපත්තු වෙත රැඳී ඇති අතර, සෙසු පිතිකාරිනියන් තරගාවලිය පුරාම ලකුණු අතරට පිවිසීමට තවමත් අ‍පොහොසත් වී සිටියි.
මේ අතර අද (5දා) තවත් තරග 2ක් පැවැත්වෙන අතර, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගය ලෙස්ටර්හිදීද, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය බ්‍රිස්ටල්හිදීද පැවැත්වේ.
මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ලකුණු 6 බැගින් ලබා සිටින අතර, ශුද්ධ ලකුණු වේගය අනුව ඉන්දියාව පළමු ස්ථානයේත් ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේත් පසුවෙයි. දකුණු අප්‍රිකාව ලකුණු 5ක් ලබා තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, ලකුණු 4ක් ලැබූ එංගලන්තය සිව්වැනි ස්ථානයේද ලකුණු 3ක් ලැබූ නවසීලන්තය 5 වැනි ස්ථානයේද පසුවෙයි.
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් සහභාගි වූ තරග තුනෙන්ම පරාජය වී සිටියි.
 
ශ්‍රී ලංකා සංචිතය
ඉනෝකා රණවීර (නායිකාව), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකාව), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, දිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි ‍පොල්ගම්‍පොල, චන්දිමා ගුණරත්න
 
ඉන්දීය සංචිතය
මිතලි රාජ් (නායිකාව) රාජේශ්වරි ගයක්වාඩ්, මන්සි ජෝෂි, වේඩා ක්‍රිෂ්ණමූර්ති, මෝනා ම‍ෂේරාම්, පූනම් යදාව්, පූනම් රාවට්, සුෂ්මා වර්මා, එක්ටා බිෂ්ට්, ජූලන් ගෝස්වාමි, හර්මන් පී්‍රට් කෝර්, එස්. මන්දනා, ෂිකා පාන්ඩේ, නස්හට් පර්වින්, දීප්ති ෂර්මා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.