Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගය අද

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හිටපු ලෝක ශූර ඕස්ට්‍රේලියාව සමගින් අද (29දා) බ්‍රිස්ටල්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල ඉනෝකා රණවීර මෙහෙයවනු ලබන අතර, ඕස්ට්‍රේලියානු පිල මැග් ලෙනින් විසින් මෙහෙයවනු ලබයි.
මෙම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 9ක පරාජයක් ලැබූ අතර, ඕස්ට්‍රේලියාව සහභාගි වූ පළමු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්ට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරග බිමට පිවිසෙයි.
පළමු තරගයෙන් පරාජය ලැබුවද එම තරගයේදී ආරම්භක පිතිකාරිනියන් තිදෙනාම ලකුණු අතරට පිවිසීම ශ්‍රී ලංකාවට සුබදායක තත්ත්වයකි.
එහිදී නිපුනි හංසිකා (31), චමරි ‍පොල්ගම්‍පොළ (49) සහ චමරි අතපත්තු  (53) පිත්තෙන් දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක් ලබා දුන්නද මැද පෙළ පිතිකාරිනියන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවට සීමා විය.
ඕස්ට්‍රේලියාව සහභාගි වූ පළමු තරගයේදීම ශතකයක් රැස් කරමින් නිකොල් බෝල්ටන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අතර, බෙත් මූනි ද අර්ධ ශතකයක් වාර්තා කරමින් හොඳ ආරම්භයක් ලබා දීමට සමත් වූවාය. 
අද තරගයේදී හිටපු ලෝක ශූරියන් වන ඕස්ට්‍රේලියාවට සටනක් ලබා දීමට ශ්‍රී ලංකාවේ සියලුම පිතිකාරිනියන් ලකුණු අතරට පිවිසීම අනිවාර්ය වන අතර, නායිකා ඉනෝකා රණවීර ප්‍රමුඛ පන්දු යැවීමේ බළඇණියද සියඅ යුතුකම් උපරිමයෙන් ඉටුකළ යුතුවෙයි.
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, ඒෂානි ලොකුසූරිය, දිලානි මනෝදරා, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේශිකා ප්‍රබෝධනී, නිපුනි හංසිකා, හසිනි පෙරේරා, ඕෂදී රණසිංහ, හර්ෂිතා මාධවී, අමා කාංචනා, චමරි ‍පොල්ගම්‍පොල, චන්දිමා ගුණරත්න
 
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල
මැග් ලෙනින් (නායිකාව), ඇලෙක්ස් බ්ලැක්වෙල්, සාරා ඇලී, ක්‍රිස්ටීන් බිම්ස්, නිකොල් බෝල්ටන්, ඒ. ගාර්ඩ්නර්, රචෙල් හයිනස්, බෙත් මූනි, එලියස් පෙරී, මිගන් ෂූට්, බෙලින්ඩා වකරෙවා, එලිස් විලානි, ඇමන්ඩා ජේඩ් වෙලින්ටන්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.