ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ට්‍රිනිඩෑඩ්හි පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 105ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මෙම තරගාවලියේ පළමු තරගය වර්ෂාවට සේදී ගිය අතර මෙම තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 43කට සීමා විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 43දී කඩුලු 5කට ලකුණු 310ක් ලැබූ අතර, බටහිර ඉන්දීය කොදෙව් පිලට පන්දුවාර 43කදී ලබාගත හැකිවූයේ කඩුලු 6ට ලකුණු 205ක් පමණි.
ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අජින්කෙයා රහානේ පන්දු 104කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 103ක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 43කදී - 310/5යි
රහානේ 103, ධවාන් 63, කෝලි 87, ජෝසප් 73/2, හෝල්ඩර් 76/1, කමින්ස් 57/1, නර්ස් 38/1
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 43කදී - 205/6යි
ෂායි හෝප් 81, රොස්ටන් ච්ෙස් නොදැවී 33, ජේසන් හෝල්ඩර් 29, කුල්දීප් යදාව් 50/3,
බුවනේෂ්වර් කුමාර් 9/2.
රහානේගේ ශතකයෙන් ඉන්දියාවට ලකුණු 105ක ජයක්
- Hits: 529
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.