Coss Ear2
lakbima.lk
COSS Ear 1

අද ඉන්දු-ශ්‍රී ලංකා සටනට නායක මැතිව්ස් සූදානම්

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි තරගය අද (8දා) ඕවල් පිටියේදී පැවැත්වේ. ඉන්දියාව මේ වන විට එක් තරගයක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, දකුණු අප්‍රිකාවද එක් තරගයක් ජයගෙන දෙවැනි ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වූ අතර, අද තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව මගහැරී යයි.
මේ අතර අද තරගයේදී ආබාධය සුව වීමෙන් පසු නිත්‍යනායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් පසුවන අතර, ඔහුගේ පන්දු යැවීම සැක සහිත බව එංගලන්තයෙන් වාර්තා වෙයි.
දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී නියමිත කාලයට පන්දු වාර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් තරග දෙකක තහනමකට ලක්වී සිටින උපුල් තරංග අද තරගයට ක්‍රීඩා නොකරයි.
තරංග වෙනුවට මැතිව්ස් ක්‍රීඩා කිරීමට අමතරව තවත් වෙනස්කම් දෙකක් සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එංගලන්තයෙන් වාර්තා වෙයි.
අද තරගයට පළමු තරගයට ක්‍රීඩා කළ ඉන්දීය පිලම ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, අද තරගය ජයගතහොත් ඉන්දියාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිවේ.
මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වන පාකිස්තානයට එරෙහි පළමු වටයේ අවසන් තරගය ලබන 12දා කාඩිෆ්හිදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්
 
ඉන්දීය සංචිතය 
විරාත් කෝලි (නායක), රවිචන්ද්‍රන් ඇෂ්වින්, ජස්ප්‍රිට් බුම්රා, ෂිකර් ධවාන්, එම්.එස්. දෝනි, රවින්ද්‍ර ජඩේජා, කෙදර් ජදාව්, දිනේෂ් කාර්තික්, බුවනේෂ්වර්කුමාර්, මොහොමඩ් ෂමී, හර්දික් පාන්ඩයා, අජින්කයා රහානේ, රෝහිත් ෂර්මා, උමේෂ් යදාව්, යුවරාජ් සිං

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.