Coss Ear2
lakbima.lk
COSS Ear 1

සුවත් මෙන්ඩිස් ලකුණු 4ට කඩුලු 5යි

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ සුවත් මෙන්ඩිස් ලකුණු 4කට කඩුලු 5ක් බිද හෙළීමට සමත්විය.
සුවත් මෙන්ඩිස් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 4ට කඩුලු 5ක්ද, පිත්තෙන් නොදැවී ලකුණු 23ක්ද රැස් කරමින් වේල්ස් කුමර ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දැක්වූ කළුතර සිරිකුරුස විද්‍යාලයේ කවිඳු උමයංග ලකුණු 107ක් වාර්තා කළද තම පි‍ලේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවිණි.
මෙම තරගවලදී මොරටුව වේල්ස් කුමර, මොරටුව ශා. සෙබස්තියන්, අම්බලන්ගොඩ ධර්මාශෝක, කොළඹ වෙස්ලි, මාරවිල ශා. ෂේවියර්, කොළඹ ශා. ජෝශප් සහ මාත‍ලේ ශා. තෝමස් ජය ලැබිය.
 
වේල්ස් කුමර-වාද්දුව ම.ම.වි.
වාද්දුව: 89 (පන්දුවාර 32.3) කවිඳු සිල්වා 25, සුවත් මෙන්ඩිස් 5/4, දසන් සමරසිංහ 2/17
වේල්ස් කුමර: 92/1 (පන්දුවාර 7.5) ෆහාඩ් ෆායිස් නොදැවී 38, සුවත් මෙන්ඩිස් නොදැවී 23
වේල්ස් කුමරයට කඩුලු 9ක ජයක්.
 
ශා. සෙබස්තියන් -කළුතර සිරිකුරුස
සිරිකුරුස: 216 (පන්දුවාර 49.4) කවිඳු උමයංග 107, සචින් ප්‍රනාන්දු 2, ජනිෂ්ක පෙරේරා 3/31, සඳුල ද සිල්වා 3/26
ශා. සෙබස්තියන්: 219/5 (පන්දුවාර 42.4) ශනෙල් ප්‍රනාන්දු 72, නිශිත අභිලාෂ් 52, නිර්මාල් පෙරේරා 3/27
ශා. සෙබස්තියන්ට කඩුලු 5ක ජයක්. 
 
ධර්මාශෝක-දේවපතිරාජ
දේවපතිරාජ: 126 (පන්දුවාර 30) කල්ප ච්ෙතිය 63, තිසර ඩිල්ෂාන් 16, අකිල මෙන්ඩිස් 4/36, නෙතුමිණ ද සිල්වා 2/22, කවිඳු නදීෂාන් 2/24
ධර්මාශෝක: 127/8 (පන්දුවාර 36.2) දුලීෂ ගගන් 46, රයන් රීෂාන් 21, චමිඳු තාරක 14, පැතුම් මධුසංක 4/29
ධර්මාශෝකයට කඩුලු 2ක ජයක්.
 
වෙස්ලි-ලුම්බිණි
වෙස්ලි: 206/9 (පන්දුවාර 46) තිසුරක අක්මීමණ 52, සනුර අමරසිංහ නොදැවී 45, තිමිර ජයසේකර 26, ශාවින්ද ප්‍රභාෂණ 3/28, ශෂී ප්‍රියශාන් 2/31
ලුම්බිණි: 95 (පන්දුවාර 24.4) ශෂික චන්දිර 23, ෂෙනාල් දංගල්ල 4/35, මොවින් සුබසිංහ 3/14, ශෂී සෝමරත්න 3/19
වෙස්ලි විද්‍යාලයට ලකුණු 111ක ජයක්.
 
මාරවිල ශා. ෂේවියර්-කටුනේරිය ශා. සෙබස්තියන්
ශා. සෙබස්තියන්: 183/9 (පන්දුවාර 50) ශෙෂාන් ප්‍රනාන්දු 05, හෂාන් මධුසංක 2/26, රොෂේන් තරිඳු 2/37 
ශා. ෂේවියර්: 187/3 (පන්දුවාර 28.4) ෂෙහාන් දිනූෂ 59, දුලාජ් අශේන් නොදැවී 57, රවිඳු අංජන 29
ශා. ෂේවියර්යට කඩුලු 7ක ජයක්.
 
මාත‍ලේ ශා. තෝමස් - කටුගස්තොට ශ්‍රී රාහුල
ශ්‍රී රාහුල: 123/9 (පන්දුවාර 48) සඳරුවන් විජේරත්න 36, ජේ.එම්. රාජපක්ෂ 27, චමත් බන්දුසේන 18, එල්.බි. ගොඩකුඹුර 18, ජනිත් කහවත්ත 4/5, ෂෙහාන් අවන්ද්‍ය 4/38
ශා. තෝමස්: 126/4 (පන්දුවාර 23.3) විසල් ඒකනායක 35, ෂෙහාන් අවන්ද්‍ය 43, ජනිත් කහවත්ත 21, චමීර රාජපක්ෂ 15
මාත‍ලේ ශා. තෝමස්ට කඩුලු 6ක ජයක්.
 
ශා. ජෝශප්-ශා. පීතර
ශා. පීතර: 159 (පන්දුවාර 45.3) නිපුනක ෆොන්සේකා 60, ලක්ෂාන් ගමගේ 4/46, මිහිරංග වික්‍රමගේ 2/17
ශා. ජෝශප්: 162/3 (පන්දුවාර 36) කැමරන් දුරුගේ 42, ජොහෑන් ද සිල්වා 52, ලක්ෂාන් ගමගේ නොදැවී 36, රුවින් සෙනෙවිරත්න 2/31
ශා. ජෝශප්ට කඩුලු 7ක ජයක්.
 
මාරිස්ටෙලා-පන්නිපිටිය ධර්මපාල
ධර්මපාල: 195/9 (පන්දුවාර 47) අවිෂ්ක හසරින්ද 52, දුලාජ් එගොඩගේ 44, හසන්ත විශ්වජිත් 30, ෂෙවොන් සෝමරත්න 22, නවීන් ප්‍රනාන්දු 3/24, අවීෂ කේෂාන් 2/32
මාරිස්ටෙලා: 52/2 (පන්දුවාර 5.3) රොෂේන් ප්‍රනාන්දු නොදැවී 26, මලිත් සඳකැළුම් 2/25
තරගය විසඳුමකින් තොරව අවසන් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.