Coss Ear2
lakbima.lk
COSS Ear 1

එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනියි

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 2ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. 
සවුත්හැම්ටන්හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50දී කඩුලු 6ට ලකුණු 330ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 50දී කඩුලු 5ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 328ක් පමණි. 
තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 7ක ඉලක්කයක් හිමිවූ අතර, මාර්ක් වුඩ්ගේ 
විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩේවිඩ් මිලර් සහ ක්‍රිස් මොරිස්ට ලබාගත හැකිවූයේ ලකුණු 4ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය වෙනුවෙන් පන්දු 79කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 101ක් රැස් කළ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
 
එංගලන්තය පන්දුවාර 50දී - 330/6යි
ඇලෙක්ස් හේල්ස් 24, ජෝ රූට් 39, එවයින් මෝගන් 45, බෙන් ස්ටෝක්ස් 101, ජොස් බට්ලර් (නොදැවී) 65, මොයින් අලී 33, කගිසෝ රබාඩා 50/2,
දකුණු අප්‍රිකාව පන්දුවාර 50දී - 328/5යි
කුයින්ටන් ඩි කොක් 98, හෂීම් අම්ලා 24, ඒ.බි. ඩිවිලියර්ස් 52, ඩේවිඩ් මිලර් (නොදැවී) 71, ක්‍රිස් මොරිස් (නොදැවී) 36, ලියම් ප්ලන්කට් 64/3,

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.