Coss Ear2
lakbima.lk
COSS Ear 1

කවිඳු ඉනිම දෙකේම අර්ධ ශතක රැස් කරයි

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටය ආරම්භ කරමින් පසුගියදා පැවැති තරගයකදී  ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස් කිරීමට රාජකීය විදුහ‍ලේ කවිඳු පතිරත්න සමත් විය.
කොළඹ රාජකීය විද්‍යාලයේ කවිඳු පතිරත්න ශා. බෙනඩික්ට් විදුහලට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ඉනිම දෙකේදීම අර්ධ ශතක රැස් කිරීමට සමත්විය.
මෙම තරගවලදී කොළඹ ලුම්බිණි විද්‍යාලය රාගම බැසිලිකා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබූ අතර, කොළඹ රාජකීය විද්‍යාලය කොටහේන ශා. බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබිය.
අනෙක් තරග සියල්ල ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ලුම්බිණි-රාගම බැසිලිකා
 
බැසිලිකා: පළමු ඉනිම - 105 (පන්දුවාර 48.4) චානුක සිල්වා 26, ප්‍රසාද් චරුන් 25, ඉනුක අමනෙත් 4/24, උදාර සංකල්ප 3/44
ලුම්බිණි: පළමු ඉනිම - 108/7 (පන්දුවාර 23.5) නෙතුපුල් රාජපක්ෂ නොදැවී 36, ළහිරු ච්ෙතන 27, චානුක සිල්වා 4/30, ඕෂධ සනෙත් 2/24
ලුම්බිණියට පළමු ඉනිමේ ජයක්.
 
රාජකීය-ශා. බෙනඩික්ට්
 
රාජකීය: පළමු ඉනිම - 239 (පන්දුවාර 45.2) කවිඳු පතිරත්න 65, ඉෂිවර දිසානායක 52, ෂොනාල් අමරසේකර නොදැවී 36, දසිස් මංචනායක 23, ඉන්දික වනසිංහ 3/40, තේනුක නන්දලාල් 2/26, හසිඳු කවිරත්න 2/59
ශා. බෙනඩික්ට්: පළමු ඉනිම - 86 (පන්වාර 31.3) යොහාන් සොයිසා 42, ගිෂාන් බාලසූරිය 4/5, කණික දයාරත්න 3/22, කවිඳු පතිරත්න 2/13 
රාජකීය: දෙවැනි ඉනිම - 109/1 (පන්දුවාර 19) කවිඳු පතිරත්න නොදැවී 53, ෂෙහාන් හේරත් 35
කොළඹ රාජකීය විදුහලට පළමු ඉනිමේ ජයක්.
 
මාත‍ලේ ශා. තෝමස්-කිංග්ස්වුඩ්
 
ශා. තෝමස්: පළමු ඉනිම - 147/9 (පන්දුවාර 60) සිතුම් සුබසිංහ 48, මාලිංග බණ්ඩාර 23, ලෙහාන් නවරත්න 22, ආර්.එච්. දවුලවල 5/45, ඩී.එස්. පහළගේ 2/18
කිංග්ස්වුඩ්: පළමු ඉනිම - 59/5 (පන්දුවාර 32) සී.කේ. ධර්මරත්න 30, ඩී.එස්. බණ්ඩාර 15, සිතුම් සුබසිංහ 3/16, මාලිංග බණ්ඩාර 2/11
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ආනන්ද-පානදුර ශා. ජෝන්
ආනන්ද: පළමු ඉනිම - 169/6 (පන්දුවාර 32.5) අනුධ ජයවීර 74, හංසජ ජයසිංහ 25, සුමුදු උදාර 3/24
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
වත්තල ශා. ජෝශප් - කොළඹ තර්ස්ටන් 
ශා. ජෝශප්: පළමු ඉනිම - 73/3 (පන්දුවාර 30) දිනිඳු ආකාෂ් නොදැවී 25, භවන්ත ජයසිංහ 3/17
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.    
 
ජෝශප් වාස්-කළුතර තිස්ස
ජෝශප් වාස්: පළමු ඉනිම - 110/4 (පන්දුවාර 32) පසිඳු කවීෂ 48, ෂෙරාත් අමිඳු නොදැවී 24, හේෂාන් උමින්ද 3/22
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පිළියන්දල ම.ම.වි.-කොළඹ කේරි
පිළියන්දල ම.ම.වි.: පළමු ඉනිම - 205/7 (පන්දුවාර 58) තරුෂ රන්සර 73, ලෂාන් වගීෂ 58, සිතුම් නිමල්ක 37, විරංග හේෂාන් 2/43, පූර්ණ මධුසංක 2/47
කේරි: පළමු ඉනිම - 110/7 (පන්දුවාර 43) මොහොමඩ් ඉමාත් නොදැවී 26, අබ්දුල් ශකූර් 26, මොවින් තේසර 2/10, චනූප ජනුල් 2/11
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.