Coss Ear2
lakbima.lk
COSS Ear 1

පළමු ශතකය රුක්ෂාන්ගෙන්

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය රැස් කිරීමට කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලයේ මොහොමඩ් රුක්ෂාන් සමත්විය.
මොහොමඩ් රුක්ෂාන් මාත‍ලේ ශා. අන්තෝනි විද්‍යාලයට එරෙහිව පන්දු 170කදී නොදැවී ලකුණු 112ක් රැස් කරමින් කටුගස්තොට ශා. අන්තෝනි ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහ‍ලේ නිපුන් ධනංජය මාරවිල ශා. ෂේවියර්ට එරෙහිව ලකුණු 73ක් සහ කඩුලු 5ක් බිඳ හෙළමින් තුන් ඉරියව් දස්කම් දැක්වීය.
මෙම තරගවලදී කටුගස්තොට ශා. අන්තෝනි, කොළඹ ඉසිපතන, මහනුවර කිංග්ස්වුඩ් සහ වෙන්නප්පුව ශා. ජෝශප් වාස් ජය ලැබූ අතර, අනෙක් තරග වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.
 
කටුගස්තොට ශා. අන්තෝනි - මාත‍ලේ ශා. තෝමස්
ශා. අන්තෝනි: 302/5 (පන්දුවාර 48) මොහොමඩ් රුක්ෂාන් නොදැවී 112, කල්හාර සේනාරත්න නොදැවී 32, මොහොමඩ් කාමිල් 31, තීක්ෂ ගුණසිංහ 30, තමාෂන අබේකෝන් 23
ශා. තෝමස්: 143/5 (පන්දුවාර 48) ෂෙහාන් අවන්ද්‍ය 30, තරංග රාජපක්ෂ නොදැවී 28, විසල් ඒකනායක 22, තමාෂන අබේකෝන් 2/18
කටුගස්තොට ශා. අන්තෝනිට ලකුණු 159ක ජයක්.
 
ඉසිපතන-කළුතර තිස්ස
තිස්ස ම.ම.වි.: 69 (පන්දුවාර 23.4) කෝසල ද සිල්වා 21, අශේන් ජයශාන්ත 3/11, තරුෂ පෙරේරා 2/3 සුදීප අඟුළුගම 2/23
කොළඹ ඉසිපතන: 73/5 (පන්දුවාර 20.2) අශේන් ගුණවර්ධන නොදැවී 28, රමේෂ් මධුසංක 2/10
ඉසිපතනයට කඩුලු 5ක ජයක්.
 
කිංග්ස්වුඩ්-සඳලංකාව ම.ම.වි.
සඳලංකාව: 68 (පන්දුවාර 36.1)
සෞම්‍ය නිවන්තක 35, හසික ගමගේ 3/9, උත්පල ජයමිත් 2/5, දුමිඳු දම්සික 2/17
කිංග්ස්වුඩ්: 59/5 (පන්දුවාර 11.2) විනුක පුස්සපිටිය නොදැවී 30, අදීප රත්නායක 20, විහග ධර්මප්‍රිය 2/4, මිතුන් රවිඳු 2/22
කිංග්ස්වුඩ් විදුහලට පැරබෝලා ක්‍රමයට කඩුලු 5ක ජයක්.
 
ජෝශප් වාස්-මාරවිල ශා. ෂේවියර්
ශා. ජෝශප් වාස්: 233/9 (පන්දුවාර 50) නිපුන් ධනංජය 73, යොහාන් පීරිස් 30, පූර්ණ යසස් 2/29, දුලාජ් අශ්න් 2/43, යොහාන් පෙරේරා 2/48
ශා. ෂේවියර්: 139/9 (පන්දුවාර 24) රවිඳු අංජන 30, සිතුම් මංජන 30, ෂෙහාන් දිනූෂ 30, පූර්ණ යසස් නොදැවී 24, නිපුන් ධනංජය 5/41, ඉසුරු ප්‍රනාන්දු 2/17
ජෝශප් වාස්ට පැරබෝලා ක්‍රමයට ලකුණු 12ක ජයක්.
 
මැසිනෝද්-පානදුර රාජකීය
දි මැසිනෝද්: 181 (පන්දුවාර 44.4) ප්‍රවීන් ජූඩ් 36, නඳුන් ඩිල්ෂාන් 25, නෙවිෂ්ක රුද්‍රිගෝ 23, සාලිය ජූඩ් 22, චමත් දමයන්ත 2/3, ප්‍රසන්න පුෂ්පකුමාර 2/18, දිලින සුධාරක 2/23
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
ගුරුකුල-කෝට්ටේ ජනාධිපති
ගුරුකුල: 215/2 (පන්දුවාර 30.5) ශානක මධුෂාන් 52, ඉමන්ත ෂෙහාන් නොදැවී 46, ලක්ෂාන් සසංක නොදැවී 42, තිමිර නයනතරු 42, දමින්ද නෙළුම්දෙණිය 2/20
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.