Coss Ear2
lakbima.lk
COSS Ear 1

රාජිනියන්ගේ සටනින් අනුලා විද්‍යාලයට ජය

දිවයිනේ ප්‍රධාන පෙළේ බාලිකා පාසල් ද්විත්වයක් වන නුගේගොඩ අනුලා සහ ගම්පහ රත්නාවලී අතර පළමු වරට පැවැති “රාජිනියන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ ජයක් ලැබූ අනුලා විද්‍යාලයට කුසලාන හිමිවිය.
මෙම තරගයේ නීති රීති අනුව පළමු ඉනිමේ ජය ලබන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් රත්නාවලී පන්දුවාර 39.4කදී සියල්ලන් දැවී ලකුණු 139ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අනුලා  විදුහල  තරගය නතර කරනවිට පන්දුවාර 28කදී කඩුලු 2ක් දැවී ලකුණු 156ක් රැස් කරමින් පළමු ඉනිමේ ජයක් වාර්තා කළේය.
රත්නාවලී වෙනුවෙන් නායිකා පබසරා රණබාහු පන්දු 73කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 52ක් රැස් කිරීමට සමත්වූවාය.
අනුලා විදුහල වෙනුවෙන් අමාෂා දිල්ෂානි, හිමාෂා සෙව්වන්දි, හර්ෂිතා මාධවී සහ ජනාදි අනාලි කඩුලු 2ක් බැගින් දවාලූහ.
අනුලා විදුහල වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී හර්ෂිතා මාධවී පන්දු 76කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 71ක් රැස් කළ  අතර, නායිකා අමාෂා දිල්ෂානි පන්දු 66කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 51ක් රැස් කිරීමට සමත්වූවාය.
හර්ෂිතා මාධවී සහ  අමාෂා දිල්ෂානි තම ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
හර්ෂිතා මාධවී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබිමට සමත් වූවාය.
 
ලකුණු තත්ත්වය :-
රත්නාවලී: 139 (පන්දුවාර 39.4)
පබසරා රණබාහු 52, තිළිණි නිවර්තනා 28, මුදිතා කල්පනී 23, අමාෂා දිල්ෂානි 2/3, හිමාෂා සෙව්වන්දි 2/10, හර්ෂිතා මාධවී 2/37, ජනාදි අනාලි 2/38
අනුලා: 156/2 (පන්දුවාර 28) හර්ෂිතා මාධවී 71, අමාෂා දිල්ෂානි 51, සිත්මි හෂාරා 13
(පමෝද්)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.