Coss Ear2
lakbima.lk
COSS Ear 1

කුරුණෑගල ශා. ආනා අවසන් මහ තරගයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කුරුණෑගල ශා. ආනා සමත්විය.
මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) පැවැති අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල ශා. ආනා විදුහල ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 6කින් කටුගස්තොට ශා. අන්තෝනි පරාජය කළේය.
වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වී ඇරඹුණු අතර, එක් පිලකට පන්දුවාර 33කට සීමා විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශා. අන්තෝනිට පන්දුවාර 32.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 117ක් පමණි.
යළිත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ශා. ආනාට පන්දුවාර 30කදී ලකුණු 110ක ඉලක්කයක් හිමිවූ අතර, එය ඔවුන් පන්දුවාර 27.4කදී කඩුලු 4ක් දැවී පසු කළේය.
මේ අනුව කුරුණෑගල ශා. ආනා සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර අවසන් මහා තරගය එළැඹෙන සතියේදී පැවැත්වේ.
ශා. ආනා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පසිඳු තෙන්නකෝන් ලකුණු 21ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, පිත්තෙන් දස්කම් දැක්වූ වනිත වන්නිනායක ලකුණු 41ක් රැස් කළේය.
 
ලකුණු තත්ත්වය :-
ශා. අන්තෝනි:  117යි (පන්දුවාර 32.1)
නවෝද්‍ය විජේකුමාර 27, කල්හාර සේනාරත්න 19, ගිහාන් අචින්ත (නොදැවී) 17, පසිඳු තෙන්නකෝන් 21/4
ශා. ආනා: 110/4යි (පන්දුවාර 27.4)
වනිත වන්නිනායක 43, ධනංජය බණ්ඩාර 23, කවිඳු රණසිංහ (නොදැවී) 22, නිම්නක ජයතිලක 20/2
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.