Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමි ගැන ජනපති-මහනාහිමිවරු සාකච්ඡා

IMAGE 2018 Jun 20 22:31
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ ජනාධිපතිවරයා සහ මහනාහිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත...
Views - 937
එසැනින් පුවත්

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 298

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 268

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 373

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 509

ඥානසාර හිමි කුමන ඇඳුමක් ඇන්දත් භික්ෂුවක ලෙස ජනතාව පිළිගන්නවා

IMAGE 2018 Jun 21 09:44
ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර සිටින සිරකරුවකු බැවින් උන්වහන්සේට...
Views - 459

ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා

IMAGE 2018 Jun 20 23:12
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති...
Views - 1498

ව්‍යාජ වෙළෙඳ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා

IMAGE 2018 Jun 20 23:09
අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස...
Views - 587

16 කණ්ඩායම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

IMAGE 2018 Jun 20 23:07
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ශ්‍රී...
Views - 868

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

IMAGE 2018 Jun 20 23:05
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව...
Views - 1884

බැඳුම්කරයෙන් විශ්වවිද්‍යාල අර්ථ සාධකයත් කොල්ලකාලා

IMAGE 2018 Jun 20 23:02
බැඳුම්කර වංචාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්...
Views - 643

විදේශිකයන්ගේ බෝට්ටුව මහවැලි ගඟේ පෙරළිලා

IMAGE 2018 Jun 20 22:57
විනෝදය සඳහා මහවැලි ගඟේ බෝට්ටු පදිමින් සිටි විදේශිකයින් පිරිසකට ඔවුන්...
Views - 777

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93ත් ලැබෙයි

IMAGE 2018 Jun 20 22:41
හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වූ නියෝජන වටිනාකම වන අමෙරිකනු...
Views - 564

සයිටම් අහෝසි පනත සංශෝධන සමග සම්මතයි

IMAGE 2018 Jun 20 22:36
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකොට එහි සිටි සිසුන් 982 කොතලාවල...
Views - 574

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 799

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 761
එතෙර පුවත්

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 196

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 830

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 278

පින්තූර ගැලරිය

IMAGE

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 53

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 653

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 979

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3527

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5986

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3528

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1707

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1947

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3312
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 209
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 299

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 121

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 556

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2111
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1294

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1831
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 632
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1092
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 380
විශේෂ පුවත්

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 64

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 243

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 329

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 565

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 162

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 544

ළමයින් පෙන්නා සිඟමන් යදිනා අලුත්ම සෙල්ලම

අපේ සමාජයෙහි වෙසෙන බොහොමයක් පිනට ළැදිය. අනුන්ගේ දුකෙහිදි සංවේදීය. එහෙයින් තමන් වෙතට පැමිණ අත පා හිඟමන් යදින්නෙකුට රුපියලක් දෙකක් දීමට කිසිවෙකු මැළි නොවෙති. දැන් දැන් පිනට දෙන්නේ රුපියල දෙක නොව දහය, විස්ස, පනහය.
එසේ වුවත් අතපය අපූරුවට ඇත්තවුන්ට හිඟමන් දීම කමෛන් අඩුවීමත් සමග යාචක වෘත්තියෙහි යෙදෙනවුන්ද  ඊට විකල්ප සොයන්නට පටන් ගත් සෙයක් දක්නට ලැබේ. විවිධාකාර තුවාල, අසනීප, වෛද්‍ය වාර්තා, ඡායාරූප මතු නොව කිරි කැටි දරුවන්ද ඔසවාගෙන හිඟමන් යැදීමට අලුත් පන්නයේ යාචකයෝ උපායශීලී වී ඇත.
කොතරම් දරුණු හිතක් ඇත්තෙකුට වුවද අසරණ කිරි දරුවකු දුටු විට හිත උණුවන්නේ නිතැතිනි. ඒ බව දන්නා යාචක වෘත්තියෙහි යෙදෙන ඇතැම්හු හිඟමන් ලබා ගැනීම සඳහා හැඟුම්බර උපක්‍රමයක් ලෙසින් දරුවන් හිඟමනෙහි යොදවා ගැන්මට පෙළඹී සිටිති.
දරුවන් යොදවාගෙන මුදල් හම්බ කිරීමේ අරමුණින් හිඟමන් යදින ඇතැමුන්ගේ අලුත්ම කලාව වී ඇත්තේ දරුවාගේ අසනීපයක් හේතුවෙන් දෙවියන්ට වූ බාරයක් ඉෂ්ට කිරීමට නම් හිඟා කා උපයන මුදලින් කිරි දානයක් දීමට  අවශ්‍ය බව කියමින් හිඟමන් යැදීමය.
උනහපුළුවාටද උගේ පැටියා මැණිකකි. එහෙත් තම කිරිසප්පයන් කර පින්නාගෙන ගිනි කාෂ්ඨක අව්වේ මහමග ඔබ මොබ යමින් හිඟමන් යදින ඇතැම් ගැහැනුන්ට, පිරිමින්ට නම් තම කිරිසප්පයන් අව්කාෂ්ඨකයට දැවෙන බවවත් නොතේරෙන ගානය. ඒ දරු සෙනෙහසට වඩා මුද‍ලේ අවශ්‍යතාව ප්‍රබල බැවිනි.
වැඩිවිය පැමිණෙන්නටත් ප්‍රථමයෙන් හිඟමන් යදින්නට පටන්ගත් ගීතා විසිතුන් හැවිරිදි විය වන විට හොඳ හැටි කුඩු මතට ඇබ්බැහිවී සිටියෙන් 'කුඩු පැකට්ටුවට' මුදල් සොයන්නට ඈ ගිනිගහන අව්වේ බේස්ලයින්, කොටුව පැත්තේ ඇවිදින්නේ අත දරුවාද කර පින්නාගෙනය. ඇගේ මූලික අවශ්‍යතාව කුඩු පැකට් එකකට 'ගාන කපා' ගැනීමය.
මාර්ග සංඥා පුවරුවල රතු එළිය දැල්වෙද්දී මහමග නවතන වාහන අසලට ගොස් හාමතේ නිදන දරුවාට පිටි පෙට්ටියක්' ගන්නට යැයි කියමින් ඈ හිඟමන් යදින්නීය.
'අනේ ආ‍පොයි....සංසාරේ... කියමින් පසුම්බිය හැර නෝට්ටුවක් ඇගේ අත තබන්නවුන් මෙන්ම 'අනේ නොදකින් මුන් විසේට දරුවො හදනවද මන්දා' යැයි පවසමින් ඉවත බලාගන්නවුන්ද ඒ අතර වෙති. ඒ කෙසේ වුවත් හැන්දෑ වන විට දාහක් හමාරක් සොයා ගන්නා ගීතා සෙනග අතරින් රිංගා යමින් ආපසු දිවයන්නේ 'සික්' එක හැදෙන්නට කලින් 'ෂොට්' එක අරගන්නටය. කලක් තිස්සේ මතට ඇබ්බැහිවීම හේතුවෙන් ඇගේ කිරි උරාබොන දරුවාද නිදන්නේ මත් වූවකු ලෙසිනි.
හිඟමනට බැස සිටින ගීතා වැනි කතුන් අව්කාෂ්ඨකයේ දරුවා කරපින්නාගෙන යන්නේ දකිනවුන්ගේ අවධානය, අනුකම්පාව ලබා ගැනීමේ අරමුණිනි. මෙවැනි ඇතැම් කතුන් දරුවන් හඬන විට ඔවුන් පරක්කර, නිහඬ කරවන්නට 'ඕඩික්ලෝන්' පෙවීමටද හුරුව සිටින බව කියැවේ.
තවත් පුද්ගලයකු නුදුරු දිනක රාගම සිට කොළඹ බලා යන බසයකට තෙහැවිරිදි වියේ පමණ පසුවන දියණියද රැගෙන ගොඩනැගුණේ හිඟමන් ඉල්ලන්නටය.
තව දින කිහිපයකින් දියණියට සිදුකිරීමට නියමිත සැත්කමට අවශ්‍ය විශාල මුදලින් තවත් සුළු මුදලක් මදි බැවින් එම මුදල සොයන්න බසයට ගොඩනැගුණේ යැයි පවසද්දී බසයේ සිටි හැම මගියෙකුම පාහේ මුදලින් ආධාර කරන්නට වූහ. 
මොහු පැවැසූ තොරතුරු අසමින් ඔහු දෙස බලා සිටි එක් පුද්ගලයෙකු ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වූයෙන් නිමේෂයකදී හිඟමන් යදිමින් සිටි තැනැත්තා දරුවාද සමගින් බසයෙන් එළියට පැනගත්තේ මගීන් පුදුමයෙන් මෙන් බලා සිටියදීය. හිඟමන් ඉල්ලූ පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ තැනැත්තා ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරියෙකු බැව් දැනගන්නට ලැබිණි.
එම පුද්ගලයා හිඟමන් යදින අතර ඔහු පැවැසූ තොරතුරු අනුව අදාළ රෝහලෙහි නම සඳහන් කළ වෛද්‍යවරයාට තම ජංගම දුරකථනයෙන් ඇමතූ නිලධාරියාට දරුවාගේ සැත්කමක් ගැන මෙම පුද්ගලයා පවසන තොරතුරු 'අමූලික බොරුවක්' බැව් වෛද්‍යවරයා පවසා තිබිණි.
මිනිහව දැක්ක ගමන් මට මතක් වුණා දැකල පුරුදු ඩයල් එකක් කියලා. මීට අවුරුද්දකට විතර කලින් වෙන ළමයෙක් එක්ක ඔය විදිහට හිඟා කද්දී මිනිහව අල්ල ගත්තා එම නිලධාරියා පැවැසූ අන්දමට දරුවකු සමග බස් රථවලට නගිමින් හිඟාකමින් සිටියදී කලකට ඉහත නීතියට හසුවෙද්දී ඔහුගේ මාසික ආදායම රුපියල් තිස්දහස ඉක්මවා තිබිණි.
දරුවන් පෙන්නා ඔවුන් යොදවාගෙන හිඟාකෑම අද ඊයේ පටන් ගැනුණක් නොවේ. මීට වසර ගණනාවකට ඉහතදී මාවත්වාසී දරුවන් වෙනුවෙන් නෝර්වේජියානු රාජ්‍ය නොවන සංවිධානයක් මගින් 'මාවත්වාසී දරුවන් සඳහා පැවැත්වූ දිවා නිවහනකට පැමිණි දරුවන් අතරින් වැඩිදෙනකු දෙමාපියන් විසින් හිඟමනට යොදවාගෙන තිබිණි.
ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා කොටුවේ ඛාන් ඔරලෝසු කණුව අසල ජීවත් වූ තංගම්මා හිඟමනෙන් දිවිගෙවූ තැනැත්තියකි. අවුරුදු දහයක් ඇතුළත දරුවන් අටදෙනකු වැදූ ඕ හිඟමනෙන් ලැබෙන මුදලින් හිඟන්නන්ට 'ගිනි ‍පොලියට' ණයට දුන්නාය.
අබේ මේ කලිසම දාගෙන ඉක්මනට සේන මාමා ළඟට ගිහින් සිං ගාලා වරෙන් පාරේ එහා මෙහා දුවමින් සිටි තම පස් හැවිරිදි බඩපිස්සා කැඳවූ තංගම්මා  කොලු පැටියා ඇඳ සිටි කලිසමට උඩින් තවත් කලිසමක් හඳවද්දී කටුවක ආධාරයෙන් කලිසම් වාටියේ රැඳවූ ‍පොලිතීන් පැකට්ටුව කටුව ලිහිල්වීමෙන් බිමට වැටිණි.
ඈ එදා එලෙස රඳවා තිබුණේ ගංජා සහිත පැකට්ටුවක් නීතියේ රැහැනට හසුවීමට ඉඩ ඇති බැවින් කිසිවෙකුට සැක  නොහිතෙන්නට ඈ දරුවා එම ගංජා ප්‍රවාහනයට මාධ්‍යයක් කොටගෙන තිබුණේ සූක්ෂ්ම ලෙසිනි. 
පදික වේදිකාව නිවහන කොටගත් පාරුක්ලා රමේෂ්ලා,  මල්කාන්තිලා වැනි බොහෝ දරුවෝ ඒ සමයේදී විවිධ ජාවාරම් සඳහා අතකොලු බවට පත්වූ සේම බාල වයසේදීම මහ මග කරන වීදි ගණිකාවන්ට ග්‍රාහකයක් සොයාදෙන අතරමැදි තැරැව්කරුවන් බවට පත්ව සිටී අවස්ථාවන්ද විය. එහෙත් රටේ පැවැති සිවිල් යුද්ධය අවසාන භාගයේ නගරයෙහි ආරක්ෂාව උදෙසා නිදැල්‍ලේ කරනවුන් රැඳවුම් කඳවුරු වෙත ගෙන ගොස් දැමීම හේතුවෙන් බොහෝ දෙනකු වීදිය අතහැර යන්නට වූහ.
එහෙයින් මේ වන විට දරුවන් පෙන්වාගෙන හිඟමන් යදින බොහොමයක් පිට පළාත්වල සහ කොළඹ නගරය ආශ්‍රිතව සිට කොළඹ නගරයට පැමිණෙන්නවුන් වෙති. 
‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් පසුගිය වසරෙහි මාර්තු මාසයේදී මහමග හිඟමන් යදින දරුවන් අත්අඩංගුවට ගැනීම ඇරඹිනි. එම වැටලීම් ආරම්භ වන විට දරුවන් යොදවා හිඟමනේ යැදීම ඉහළ මට්ටමකට පැමිණීම ඊට හේතුව විය.
යාචකයන්ට මුදල් දීමට මිනිස්සු අකමැති නිසා ඊට විකල්පයක් විදිහට තමයි හිඟාකන්න ළමයින්ව යොදා ගන්න පටන් අරගෙන තියෙන්නේ ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර ‍පොලිස් අධිකාරී ලංකා රංජනී අමරසේන පවසන්නීය.
පවු‍ලේ දරුවෙක්ගේ අසනීප තත්ත්වයක් කියා එයට ප්‍රතිකාර ගැනීමට මුදල් සොයන්න යැයි කියා දරුවා අරගෙන හිඟමන් ඉල්ලන්න එන ඇතැම් වැඩිහිටියන් පසුවෙන විට එය තමන්ගේ ආදායම් මාර්ගය කරගෙන දිගටම හිඟමන් යැදීමේ නිරත වෙනවා. බොහෝ විට දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර කිරීමක් සිදුවන්නේත් නැත...
පිරිමින්ට හුඟදෙනෙක් හිඟමන් නොදෙන නිසා ළමයි අරගෙන වැඩිපුරම හිඟමන් ඉල්ලන්න එන්නේ ගැහැනු උදවිය. මේ අය සමහරු හරිම උපක්‍රමශීලී දරුවෝ පෙන්නමින් හිඟමන් ඉල්ලන අතරේ හදිසියෙන් හරි අපේ ‍පොලිස් වාහන දැක්කොත් ඉක්මනට හඳුන්කූරු පැකට්ටුවක් මල්ලෙන් එළියට ඇදලා ගන්නවා
මේ ළමයව දාලා එන්න කෙනෙක් නැහැ. නැත්නම් මේ මගේ බිස්නස් එක හඳුන්කූරු විකුණන එකයි හදිසියෙන් හරි අපි එතනට ගිහින් ප්‍රශ්න කළොත් ලැබෙන්නේ එවැනි පිළිතුරක් ස.‍පො.අ. ලංකා රාජිනී තම අත්දැකීම් විස්තර කරන්නේ එලෙසිනි. වරක් එවැනි වැටලීමකදී හසුවූ තැනැත්තියක් වෙරි වන්නට රාබි සිට තිබූ අතර ඈ අසල ඇගේ තෙහැවිරිදි දියණියද විය. මල්ල පරීක්ෂා කර බලන විට අඩක් හිස්වූ රා බෝතලයද වූයෙන් ‍පොලිස් නිලධාරිනියක් එම කාන්තාවට දොස් පවරන්නට වූවාය. තම මවට බැණ වදින ‍පොලිස් නිලධාරිනිය වෙත පැමිණි සුරතල් දැරිය ඔයා හරිම නරකයි... ඔයා හොඳ නෑ...අපේ අම්මට බැන්නා. අර මාමා නම් හොඳයි ඇඟිල්ල දිඟු කරමින් මෙහෙයුමට පැමිණ සිටි ‍පොලිස් නිලධාරියෙකු පෙන්නන්නට වූවාය.
‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් දරුවා සමග හිඟාකමින් සිටියදී අත්අඩංගුවට පත් බොහෝ දෙනකු තදාසන්න හා මඩකලපුව වැනි දුර බැහැර සිට කොළඹට පැමිණ ඇතැම්විට කාමර කුලියට ගෙන නැවතී සිටියවුන්ය.
මුදල් උපයන ආදායම් මාර්ගයක් වශයෙන් මෙන්ම සැබැවින්ම දුගීකම හේතුවෙන් ළමුන් යොදවාගෙන හිඟමන් යදිනවුන් සිටිති. ළමුන් යොදවාගෙන හිඟමන් යැදීම නීතියේ හැටියට බරපතළ කරුණකි. හේතුව එය ළමයාගේ සෞඛ්‍ය ‍පෝෂණය මෙන්ම ආරක්ෂාවට බලපෑමක් වන බැවින් මෙන්ම අධ්‍යාපන අවස්ථා මගහැරීමට හේතුවන බැවිනි. කොටින්ම පැවැසුවහොත් මේ මගින් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවිනි.
එහෙත් වඩා බරපතළ කරුණ නම් ළමයා යොදවා හිඟාකෑමටත් වඩා සූක්ෂ්ම ලෙස ළමුන් ජාවාරම්හි යොදවාගෙන හම්බකරගෙන කෑමය. පවතින තත්ත්වයට අනුව තම 'උපක්‍රම' වෙනස් කරන මෙවැන්නවුන් අතර මත්කුඩු විකිණීමේදී ළමුන් මගින් ප්‍රවාහනය කර ලයිට් කණු, තාප්පවල ඇලවූ ‍පෝස්ටර් යළිත් ඇලවීමට උපදෙස් දෙයි. අනතුරුව ගැණුම්කරු සමග දුරකථන සංවාද මගින් තොරතුරුදී 'බඩු ලබාගත යුතු තැන දැනුම්දී' පහසු මුදල් ගෙවීමේ ක්‍රම යටතේ ජංගම දුරකථනයට (ගාස්තු) මුදල් ගෙන්වා ගැනීම මෙවැනි තවත් කලාවකි. මේ හැරුණු විට දරුවාගේ සාක්කුවට මත්කුඩු පැකට්ටුව බහා පින් පත්තරයක් අතටදී දරුවා ගැණුම්කරුවා වෙත යොමුකරන අතර දරුවාගේ සාක්කුවෙන් පැකට්ටුව ලබාගන්නා ගැණුම්කරු ගනුදෙනුව සිදුකරන්නේ පින් පත්තරයෙහි මුදල සඳහන් කර එම මුදල දරුවා අතට බාරදීමෙනි.
මේ හැරුණු විට කුඩා කළ සිට දරුවන්ගේ අතපය අඹරවා හිඟමන් ලැබිමට සුදුසු වන පරිදි 'ආබාධිත තත්ත්වයට පත්කරනවුන්ද නැත්තේ නොවේ. ඇතැමුන් නැතිකමට හිඟමන් යදිති. තවත් සමහරු ආදායම් මාර්ගයක් ලෙස හිඟමන් යදිති. ඔය කුමක් වුවත් වැටලීමකදී 'කෑ මකුණවත්, නොකෑ මකුණවත් දෙදෙනාටම අත්වන්නේ එකම ඉරණමය.
වියපත් වුවත් ආබාධිත තත්ත්වයට පත්වූවන් මෙන්ම ආදායමක් නොමැතිකම හේතුවෙන් ආර්ථික වශයෙන් පහළ මට්ටමක හිටිනවුන් සඳහා සුබසාධනය සැලසීම රජය සතු වගකීමකි. එවැනි කිසිදු සහන සැලසුමක් නොමැතිව, හිඟමන් යැදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම පය බරවාට පිටිකර බෙහෙත් බැඳීමක් නොවනු ඇත්ද?
 
නිලංකා ජයසූරිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 115

මුදිත දෙවැනි ශතකය රැස් කරයි

IMAGE 2018 Jun 21 08:20
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සිය...
Views - 50
IMAGEමලල කී‍්‍රඩා

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 75

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 276
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 65

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 163
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 161

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 199

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.