Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ඥාණසාර හිමි ගැන ජනපති-මහනාහිමිවරු සාකච්ඡා

IMAGE 2018 Jun 20 22:31
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබඳ ජනාධිපතිවරයා සහ මහනාහිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත...
Views - 937
එසැනින් පුවත්

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 295

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 267

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 372

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 508

ඥානසාර හිමි කුමන ඇඳුමක් ඇන්දත් භික්ෂුවක ලෙස ජනතාව පිළිගන්නවා

IMAGE 2018 Jun 21 09:44
ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර සිටින සිරකරුවකු බැවින් උන්වහන්සේට...
Views - 458

ශ්‍රීලනිප අපේක්ෂකයා ගැන කලබල වෙන්න එපා

IMAGE 2018 Jun 20 23:12
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති...
Views - 1497

ව්‍යාජ වෙළෙඳ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා

IMAGE 2018 Jun 20 23:09
අන්තර් ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස...
Views - 586

16 කණ්ඩායම ගැන ඒකාබද්ධයෙන් තීරණයක්

IMAGE 2018 Jun 20 23:07
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායම ශ්‍රී...
Views - 867

තෑපෑ‍ලේ ගාස්තු ඉහළට

IMAGE 2018 Jun 20 23:05
තැපැල් සේවාවේ අවම තැපැල් ගාස්තුව රුපියල් 5 කින් වැඩි කිරීමට ගත් තීන්දුව...
Views - 1882

බැඳුම්කරයෙන් විශ්වවිද්‍යාල අර්ථ සාධකයත් කොල්ලකාලා

IMAGE 2018 Jun 20 23:02
බැඳුම්කර වංචාව තුළින් විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්...
Views - 642

විදේශිකයන්ගේ බෝට්ටුව මහවැලි ගඟේ පෙරළිලා

IMAGE 2018 Jun 20 22:57
විනෝදය සඳහා මහවැලි ගඟේ බෝට්ටු පදිමින් සිටි විදේශිකයින් පිරිසකට ඔවුන්...
Views - 776

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් බිලියන 93ත් ලැබෙයි

IMAGE 2018 Jun 20 22:41
හම්බන්තොට වරාය ආයෝජකයේ අවසන් අදියර සඳහා වූ නියෝජන වටිනාකම වන අමෙරිකනු...
Views - 563

සයිටම් අහෝසි පනත සංශෝධන සමග සම්මතයි

IMAGE 2018 Jun 20 22:36
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකොට එහි සිටි සිසුන් 982 කොතලාවල...
Views - 573

කොළඹ මාතර ප්‍රයිවට් බස් වර්ජන මැදත් සමහර බස් ධාවනයේ

IMAGE 2018 Jun 20 13:39
ඊයේ (19) අම්බලන්ගොඩදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සහ...
Views - 798

නකල්ස් වන විනාශය ගවේෂණයකට සූදානම්

IMAGE 2018 Jun 20 11:28
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ...
Views - 760
එතෙර පුවත්

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 196

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 830

ට්‍රම්ප් සමග හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා චීනයට

IMAGE 2018 Jun 20 12:36
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සතියකට පසු උතුරු කොරියානු නායක...
Views - 278

පින්තූර ගැලරිය

IMAGE

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 53

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 653

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 979

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3527

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 5986

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3528

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1707

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 1947

සිදූ නිසා තවමත් බැනුම් අහනවා

IMAGE 2018 Jun 13 10:08
කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්...
Views - 3312
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 209
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 299

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 121

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 556

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2111
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1294

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 1831
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 632
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1092
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 380
විශේෂ පුවත්

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 64

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 243

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 329

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 565

සුමති ආදි කර්තෘන් සිහිකරමින් සිතුල්පව්වේ පින්කම්

IMAGE 2018 Jun 18 11:41
රුහුණේ යාල වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරය...
Views - 162

අපේ සේනාධිනායක වූ සෝමවීර සේනානායක

IMAGE 2018 Jun 14 11:30
“ඔහුගේ ආදාහනය සිදුවුණුදා රාත්‍රියේ මම නිදිවර්ජිතව කල්පනා කළෙමි. ඔහු...
Views - 544

මීගමු කලපුවත් විනාශයි

දිය දහරේ සහ ගංගාවල ගලා බසිනා දිළිසෙන වතුර නිකම්ම වතුර නොවේය. ඒ අපගේ මුතුන් මිත්තන්ගේ ජීව රුධිරයයි. ලෝ සුපතළ රතු ඉන්දියානු නායක සියැටෙල් එලෙස පවසා සිටියේ ඇමෙරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලීන්  පියාර්ස් විසින් රතු ඉන්දියානු  මිනිසුන්ගේ භූමිය සංවර්ධනයේ නාමයෙන් මිලයට ගන්නට රතු ඉන්දියානුවන්ට කළ යෝජනාවට ලබාදුන් පිළිතුරෙහි කොටසක් වශයෙනි.
සොබාදහමේ නිර්මාණයක් ලෙස මිනිසා හැඳින්විය හැකි වන්නේ මිනිසාට කවර කාලෙකින්වත් සොබාදහම නිර්මාණය කළ නොහැකි නිසාය. පරිසරය විනාශ කරමින්, ජලය දූෂණය කරමින් සංවර්ධනයේ නාමයෙන් මිනිසා ක්‍රියාකාරකම්වල යෙදුණද අවසානයේ මිනිසාට පරිසරය ජයගත හැකි නොවනු ඇත. මෙලෙසින් අපට සඳහන් කරන්නට සිත්වූයේ සංවර්ධනයේ අතුරු ඵලයක් ලෙස මහා පරිමාණයෙන් විනාශ වෙමින් පවතින මීගමුව කලපුව වෙත ඔබගේ අවධානය යොමු කරවා ගැනීමටය. වර්ග කිලෝමීටර 35.02ක වපසරියකින් යුත් මීගමු කලපුව නිරිත දිග ශ්‍රී ලංකාවේ ඇති විශාලතම කලපුවයි. කුඩා ගංගාවල් කීපයකින් හා ඇළ මාර්ග කිහිපයකින් ‍පෝෂණය වන මීගමු කලපුව පටු මෝය කටකින් මුහුදට විවෘතව ඇත. මේ මීගමු කලපුව හා ඒ අවට සමුද්‍ර ආසන්න කලාපය ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය (E-waste) හා රසායනික අපද්‍රව්‍ය (Chemical waste) හේතුවෙන් ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතින බවට තැති ගැන්වෙන සුළු පුවත් මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ලැබෙන තොරතුරුවලට අනුව මේ වන විටද ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය හා රසායන අපද්‍රව්‍ය හේතු කරගෙන කලපුවේ ජල ජීවී චක්‍රයද විෂම වී ඇති බවට තොරතුරු ලැබේ.
මීගමු කලපුව කේන්ද්‍රය කර ගනිමින් ජීවත් වන ධීවරයන්ට අනුව කලපුව ඉතා හොඳින් දෙදිය හුවමාරු සිදුවන තැනකි. ඒ කියන්නේ වඩදිය -බාදිය ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන දියවරකි. නමුත් අද මෙම ක්‍රියාවලිය විෂ පිරුණු ජලය මුල්කරගෙන ක්‍රියාත්මක වීම ඉතා භයානක තත්ත්වයකි. මීගමුවේ ජීවත් වන යමක් දෙස විමර්ශනාත්මකව බලන බුද්ධිමත් මිනිසුන් පවසන්නේ ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය හා රසායන අපද්‍රව්‍ය වලින් විට මීගමු කලපුව හා මුහුදු කලාපයේ ප්‍රධානතම මත්ස්‍ය ප්‍රජනන ඉසව්ව වන මඩවල බොක්ක මේ වන විටත් විශාල ලෙස දූෂණය වී ඇති බවකි. පෙර කලපුව නිවහන කරගෙන ජීවත් වූ අති පරිසර සංවේදී මත්ස්‍යයන් සේම ජලජ ශාකද මේ වන විට මීගමු කලපුවේ දැකීම විරල වෙමින් පවතින බව ධීවරයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනුයේ මීගමුව කලපුව හා ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ ප්‍රධානතම මත්ස්‍ය ප්‍රජනන ඉසව්වක් වන මඩවල බොක්ක නම් ඇති කොටස මේ වන විට ඉලෙක්ටේ‍රානික හා රසායන අපද්‍රව්‍යවලින් ගහන බවය. තම දැල් ආම්පන්නවලට මෙම අපද්‍රව්‍ය නිරන්තරයෙන් පැටලීමෙන් ඒ බව සනාථ වී ඇතැයි ඔවුහු පවසති. එම තත්ත්වය මීගමු කලපු මත්ස්‍ය ප්‍රජනනයටද බාධාවක් වන තත්ත්වයකි.
මීගමු කලපුව ප්‍රදේශයට සිදුව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ වීරසිංහ අවධාරණය කරන්නේ මෙවැන්නකි. නිවාස අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය, වෙළෙඳ‍පොළ අපද්‍රව්‍ය ආදියට වඩා ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය හා රසායනවලින් සිදුවන හානිය විශාලයි හා බරපතළයි. මෙමගින් කලපුවේ මත්ස්‍ය ප්‍රජාව සේම ශාක ප්‍රජාවටද දැඩි තර්ජනයක් ගෙනදෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් මීගමු කලපුවේ ධීවර කර්මාන්තයටද මරු පහරක් එල්ල වෙන්න තිබෙන ඉඩකඩ බොහෝමයි. අපද්‍රව්‍ය කලපුවට බැහැර කිරීම බහුල වශයෙන් ඒකල කාර්මික කලාපයෙනුත්, කටුනායක වෙළෙඳ කලාපයෙනුත් පැමිණෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම ජාඇල, කොටුගොඩ, සීදුව, කුරණ ආදී ප්‍රදේශවල ස්ථානගත වී තිබෙන කර්මාන්තශාලාවලින් බැහැරලන අපද්‍රව්‍ය ට්‍රැක්ටර් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් මගින් ගෙනැවිත් දමන්නේ කලපු ඉවුරුවලටයි. එවිට පහසුවෙන්ම එම අපද්‍රව්‍ය ජලය හා සම්මිශ්‍රණය වෙනවා. ජාඇල, දඬුගම්ඔය ඇතුළු කුඩා ජල මාර්ග ඔස්සේද එකී අපද්‍රව්‍ය කලපු ජලය හා මිශ්‍ර වෙනවා. වර්ෂයේ ඇතැම් කාලවලදී උක්ත ඇළ මාර්ගවල දහස් ගණනින් මත්ස්‍යයන් මියයන අවස්ථා මාධ්‍ය වාර්තා කරනවා. එලෙස මසුන් මියයන්නේ මෙම අපද්‍රව්‍ය හේතුවෙනුයි. මියයන මත්ස්‍යයන්ගේ ශරීර කොටස්ද කෙළින්ම පැමිණෙන්නේ මීගමු කලපුවටයි. විෂ සහිත එම මාළුන්ගේ ශරීර කොටස් ආහාරයට ගන්නා කලපු මත්ස්‍යයන්ගේ ශරීරවලටද විෂ ඇතුළුවී එම මත්ස්‍යයන්ද අඩපණ වන බව අප නිරීක්ෂණය කර තිබෙනවා.
කලපු ජලයට විෂ ද්‍රව්‍ය එකතුවීම සම්බන්ධයෙන් හා කලපු මත්ස්‍යයන් තුළ රසායන ද්‍රව්‍ය තැන්පත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය නලින් ලසන්ත පෙරේරාගෙන් කළ විමසීමේදී ඔහු එම තත්ත්වය පැහැදිලි කළේ මෙසේය. රසායන හෝ ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය මත්ස්‍ය ශරීරවලට ඇතුළුවීම භයානක තත්ත්වයක්. රජරට කලාපයේ කෘෂි රසායනයක් ලෙස භාවිතා කළ ග්ලයිෆොසේට් රසායනය හේතුවෙන් එම කලාපයේම ජනතාව වකුගඩු රෝගී තර්ජනයට මුහුණ දුන් අයුරුද අප දුටුවා. මෙය සිදුවූයේ ජලය දූෂණය වූ තත්ත්වයක් තුළයි. අනාගතයේදීද මීගමු කලපුවේ සිදුවන රසායන හා ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය තැන්පත් වීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඊටත් වඩා තර්ජනයකට එම කලාපයේ මිනිසුන්ට මුහුණදීමට සිදුවිය හැකියි. අපි දන්නවා මීට දශකයකට දෙකකට පමණ පෙර ජාඇල හා දඬුගම් ඔය ජලය ප්‍රදේශයේ ජනතාව ගෘහ අවශ්‍යතා සඳහා පාවිච්චි කළ බව, අද එම තත්ත්වය හාත්පසින්ම වෙනස්වෙලා. එම  ඇළවල්වලට දියනෑමට හෝ කිසිවෙකු නොබසින තත්ත්වයකුයි තියෙන්නේ. අප පාසල් වියේදී පිහිනමින් කල්ගත කළ එම ඇළ මාර්ග දූෂණය වීම ආරම්භ වූයේ කලාපයේ ස්ථානගත වූ කර්මාන්ත ශාලාවලින් බැහැරලන රසායන හෝ ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය පිරිපහදුවකින් තොරව විවෘතව මෙම ඇළ මාර්ගවලට මුදාහැරීමයි. එකී දූෂිත ජලය මීගමු කලපුවට ගලා යන බව නොරහසක්. මෙම අපද්‍රව්‍ය තුළ රසදිය, කාබන්, ඊයම් වැනි ඉතා අහිතකර දෑ තිබෙන්නට පුළුවන්. බැර ලෝහ වර්ග තිබෙන්නට පුළුවන්. මේවා මාළුන්ගේ ආහාර සමග උන්ගේ ශරීර තුළට යාමේ ඉඩකඩ බොහෝමයි. එලෙසම මාළුන්ගේ ශ්වසනය ඔස්සේ මත්ස්‍ය කරමල් තුළින්ද ඒවා මතස්‍ය ශරීරගත විය හැකියි. භයානක තත්ත්වය සිදුවන්නේ ඉන් අනතුරුවයි. මෙකී තත්ත්වය නොදත් ධීවර ප්‍රජාව අල්ලාගනු ලබන මසුන් බාහිර වෙළෙඳ‍පොළට පැමිණෙනවා. මාළුන්ගේ අක්මාවේ සේම අනෙකුත් ශරීර කොටස්වල රැඳී තිබිය හැකි රසායනයන් නොදැනුවත්වම ජනතාව ආහාරයට ගන්නවා. එලෙස ආහාරයට ගත් පසු ඒ හේතුවෙන් ජනතාවද රෝගීන් විය හැකිය. හඳුනා නොගත් සේම අන්ත්‍ර පිළිකා, මුඛ පිළිකා ඇතුළු විවිධාකාර රෝගී තත්ත්වයන්ට ජනතාව ලක්විය හැකියි
මීගමු කලපුව විනාශය දෙස ඔහේ බලා සිටින පරිසර නිලධාරීන් සේම එයට උඩගෙඩි දෙමින් එය නොදුටුවා සේ සිටින කර්මාන්තකරුවන්ද එයට එරෙහි වන පාලකයන්ද සිටින රටක වෙසෙන අපට සිදුවන්නේ මෙකී පරිසර පද්ධතීන් විනාශව ගිය පසු පෙරකී 'සියැටෙල්'ගේ ප්‍රකාශ රාමුකර බිත්තිවල ගසා තබා ඒ ගැන හූල්ලන්නටය.
 
 ප්‍රසාංග පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 115

මුදිත දෙවැනි ශතකය රැස් කරයි

IMAGE 2018 Jun 21 08:20
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ සිය...
Views - 50
IMAGEමලල කී‍්‍රඩා

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 75

අරුණ-පසිඳු-අමාෂා සහ දිල්ෂි අවසන් තරගවලට සුදුසුකම් ලබති

IMAGE 2018 Jun 08 11:15
ජපානයේ ගිෆු හිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලා‍පොරොත්තු ඇති කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර,...
Views - 276
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 65

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 163
IMAGE වෙනත් කී‍්‍රඩා

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 161

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම අද වියට්නාමයට යයි

IMAGE 2018 Jun 08 11:13
ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල අද (8දා) වියට්නාමය බලා පිටත්ව යයි.රටවල් 16කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය...
Views - 199

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.