Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

ශ්‍රීලනිප ආණ්ඩුවකට 16 කණ්ඩායමෙන් සාකච්ඡා

IMAGE 2018 May 19 01:17
එක්සත් ජාතික පක්ෂය නොමැති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා...
Views - 860
එසැනින් පුවත්

කෘෂිකර්මයේ තවත් ආයතන දෙකක් වසර තුනක සිට කුලී ගෙවල්වල

IMAGE 2018 May 19 00:24
කෘෂිකර්ම අමාත්‍යාංශය සතු ආයතන දෙකක් මාසිකව රුපියල් ලක්ෂ හතරහමාරක් සහ...
Views - 582

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තීන්දු ගන්න මෙහෙයුම් කමිටුව රැස්වේ

IMAGE 2018 May 19 00:17
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවසන් වාර්තාව හා යෝජිත ආණ්ඩුක්‍රම...
Views - 381

සැප්තැම්බරයේදී රනිල් එළවන්න එජාපය ඇතුළෙන්ම වැඩපිළිවෙළක්

IMAGE 2018 May 19 00:11
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කීපයක් ප්‍රයෝජනයට ගනිමින්...
Views - 1295

විග්නේශ්වරන් යුද්ධයෙන් මළ දෙමළ ජනයා සිහි කරයි

IMAGE 2018 May 18 17:32
උතුරේ ස්ථාන කිහිපයක යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරිමේ උත්සව...
Views - 547

ආගමන විගමන නිළධාරීන්ගේ අකුරට වැඩ නවතී

IMAGE 2018 May 18 16:32
ආගමන විගමන නිළධාරීන් ඊයේ සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ...
Views - 463

අනුරාධපුර ගම් දෙකක් කිඹුල් බියකින් සලිත වෙයි

IMAGE 2018 May 18 14:48
මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාවත් සමග...
Views - 815

රාජ්‍ය විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රතිසංවිධානයක්

IMAGE 2018 May 18 11:00
රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ පාර්ශ්ව...
Views - 301

GMOA ඉදිරි ක්‍රියාමාර්ග ජනපති හමුවෙන් පසු

IMAGE 2018 May 18 10:07
සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ලබන 22 වැනිදා...
Views - 329

ශ්‍රීලනිපයට තාවකාලික නිලධාරී මණ්ඩලයක්

IMAGE 2018 May 18 09:53
තාවකාලක නිලධාරී මණ්ඩලයක් පත්කර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරන ලෙස...
Views - 473

ගම්පහ ඩෙංගු අවදානම ඉහළට

IMAGE 2018 May 18 09:16
මෝසම් වැසි සක්‍රිය වීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කය තුළ යළිත් ඩෙංගු වසංගත...
Views - 403

විදුලි ලොක්කන්ගේ බදු පාරිභෝගිකයාට පටවලා

IMAGE 2018 May 18 01:00
විදුලිබල මණ්ඩලයේ සේවකයන් සිය වැටුප් තලය අනුව අනිවාර්යයෙන්ම රජයේ බද්දක්...
Views - 1034

ජාතික රණවිරු සැමරුම අද

IMAGE 2018 May 18 00:35
තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19) දිනට වසර නවයක් සපිරීම...
Views - 560

නාය අවදානමෙන් පවුල් 15,000ක් ඉවතට

IMAGE 2018 May 18 00:27
මෙරට නායයෑමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවල පවුල් 15000 ක් පමණ සිටින බව...
Views - 250

ගුවනින් යන්න පැය 3කට පෙර එන්න

IMAGE 2018 May 18 00:18
ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ...
Views - 467

ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ

IMAGE 2018 May 17 13:07
තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් කෙරෙහි රජය සාධාරණ ප්‍රතිචාරක් නොදැක්වීම මත...
Views - 289
එතෙර පුවත්

හැරී කුමරු සහ මේගන් මාර්කල් අතර විවාහය හෙට

IMAGE 2018 May 18 09:14
බ්‍රිතාන්‍යයට හෙට (19) විශේෂ දවසකි. එයට හේතුව නම් එරට රජ පවු‍ලේ තවත්...
Views - 636

ට්‍රම්ප් සහභාගි වන සමුළුව වර්ජනය කරන බවට උතුරු කොරියාවෙන් තර්ජන

IMAGE 2018 May 17 10:48
තම රටේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නතර කළ යුතු බවට ඇමරිකාව බල කළොත් ඇමෙරිකානු...
Views - 591

මැ‍ලේසියාවේ අන්වර් ඊබ්‍රාහිම් නිදහස ලබයි

IMAGE 2018 May 17 10:45
බන්ධනාගාරයෙන් නිදහස ලැබූ මැ‍ලේසියාවේ අන්වර් ඊබ්‍රාහිම් කියන්නේ...
Views - 584

පින්තූර ගැලරිය

IMAGE

රෝද තුනට ආයේමත් දුප්පතා යටවන හැටි

IMAGE 2018 May 18 11:11
ඉස්සර කා‍ලේ වගේ ගොන් කරත්ත තිබ්බා නම් කොයි තරම් වටිනවද කියලා දැන් හිතෙනවා. එහෙනම් අද අපි හම්බ...
Views - 975

ජංගම දුරකතන භාවිතයේ දී අකුණු වැදිය හැකිද?

IMAGE 2018 May 17 15:11
මේ අප පසුකරනුයේ අකුණු උවදුරු බහුල අන්තර් මෝසම් සමයකි මෙම කාලය තුළ නවීන සමාජය තුළ පවත්නා පොදු...
Views - 2103

අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක කරාබු කොල්ලය තවමත් ජයටම

IMAGE 2018 May 16 11:43
වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන කුඩා ශිෂ්‍යාවන්ගේ රනින් නිමකළ...
Views - 3898

බාර ඔප්පු කරන්නට කියා මුදල් එකතු කරන වංචනිකයෝ

IMAGE 2018 May 15 12:10
මීට දින කිහිපයකට පෙර මාතර බස්නැවතුමෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බසයකට නැඟුණු වයස අවුරුදු...
Views - 2882

දොස්තරකම අතහැර කාර්වලට බෙහෙත් කරන දොස්තර මහත්තයා

IMAGE 2018 May 14 15:10
උපාලි පාසල ඇරී නිවසට දිව ආවේ වෙනදා මෙන්ම ඉහවහා ගිය බඩගින්නෙනි. ගේට්ටුව ඇරගෙන  ගෙවත්තට...
Views - 4141

ඉස්කෝ‍ලෙදි පිරිමි ළමයෙකුට ගහලා කබඩ් එකට දාලා වැහුවා

IMAGE 2018 May 14 11:51
“රැජිණ” පුවත්පතට “ගංගා ෂයිනි ගමගේ විසින් රචනා කළ “පාරා” නවකතාව ඇසුරින් “ප්‍රභාත්...
Views - 2897

විජය නන්දසිරි මියගොස් වසරක් පිරුණු තැන දේවිකා මිහිරානි...

IMAGE 2018 May 13 15:42
විජය නන්දසිරිගේ ආදරණීය බිරිඳ විදියට ඔහු වෙනුවෙන් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට ඔබ අදහස් කළේ...
Views - 3755

පැතිර යන කටකතා බොරු

IMAGE 2018 May 13 14:15
“දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයේ රවි ප්‍රනාන්දුගේ හදිසි මරණය රට තුළ ලොකු කතා බහක් ඇති කළා. එම...
Views - 4136

මේ කියන දේවල් අද ඉන්න කවුරුත් දන්නේ නැහැ

IMAGE 2018 May 13 11:23
මීට සති දෙකකට පමණ පෙර මෙලොව හැර ගිය හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු...
Views - 3600
IMAGE

පිපෙන්නට ඉඩ දෙන්න ළමයින්ට ආදරයෙන්

IMAGE 2018 May 14 11:02
මේ කතාව මම අද පටන් ගන්නම් පුංචි අත්දැකීමකින්. හුඟක් කල් නෙවෙයි, මේ ඊයෙ පෙරේදා වෙච්ච දෙයක්. ”මලිඳු” කෝ අනේ පැන්සල් පෙට්ටිය. පැන්සලක් මකනයක්වත් නෑ. ...
Views - 783
ව්‍යාපාරික පුවත්

LB Big Wheels රථවාහන දැක්ම 2018 කොළඹදී

IMAGE 2018 May 18 13:05
ලොව ප්‍රමුඛ  රථවාහන සන්නාම වලින් යුතු උසස් තත්වයේ රථවාහන රැසක්  සමඟ “LB...
Views - 131

ලංකා හොස්පිට්ල්ස් පිරිමි සුවතා මධ්‍යස්ථානයක් විවෘත...

IMAGE 2018 May 18 10:00
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රෝහලක් වන ලංකා හොස්පිට්ල්ස්පිරිමි සුවතා...
Views - 212

ජර්මානු ජනරජයේ උසස්තම සම්මානය ඩීමෝ සභාපතිවරයා වෙත...

IMAGE 2018 May 16 11:00
ජර්මානු ජනරජය මගින් පිරිනමන සුවිශේෂි හා උසස්තම ගෞරව සම්මානයෙන් සීමාසහිත...
Views - 540
logo
කතා මැද කතා

එජාපයේ මැයි රැලි වර්ජනය වසන් කරන්න රනිල් ගහපු අලුත් ගැටේ

IMAGE 2018 May 13 11:41
වෙසක් උත්සවය නිසා ප්‍රධාන දේශපාලන පක්ෂවලට මැයි දිනය මැයි පළමුවැනිදා සැමරීමට නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරුවේ මැයි හය වැනිදාය. ශ්‍රී...
Views - 2237
සුන්දර ලක්බිම

අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

IMAGE 2018 May 17 13:49
ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි වාර්තා වන්නේ කිනම් ජාතික වනෝද්‍යානයෙන් දැයි නැගෙන පැනයකට පරිසරවේදියකුට හෝ පරිසර ලෝලියකුට හැරුණු කොට සාමාන්‍ය...
Views - 389

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

IMAGE

සුලබව කෙරෙන රුධිර පරීක්ෂණ හා ඒවායින් රෝග හඳුනා ගන්නා අන්දම

IMAGE 2018 May 17 16:35
අපේ සිරුරේ සිදුවෙමින් පවතින මතෛක් නොපැවැති යම් යම් වෙනස්වීම් බරපතළ රෝග තත්ත්වයක  මූලාරම්භයක්වත්දැයි තමන්ටම හඳුනා ගත හැකි පරීක්ෂණ කිහිපයක්...
Views - 398
සහන් එළිය

සුරතල් බළලාගේ වියොවින් මාස ගණනක් 'ගොළු වූ' දැරියක්

IMAGE 2018 May 10 15:30
නව හැවිරිදි පාසල් සිසුවියක වූ තියුනි ගේ ජීවිතය එක්වරම මහත් විපර්යාසයකට ලක්විය. ඒ ඇය කුඩා කාලයේ සිට ඇගේ උණුසුමේ සිටි සුරතල් බළලා ඇයට අහිමිවීමත් සමඟය. එම...
Views - 1170
විමසුම

රවිගේ ඇමැති සිහිනයට ජනපති හරස් වෙයි

IMAGE 2018 May 16 09:55
එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කරන බවට කළ ප්‍රකාශය නිසා ඉකුත් සතිය දේශපාලන ක්ෂේත්‍රය...
Views - 662
මානිගේ තීරුව

දිගටම බ‍ලේ හිටියට මොකද අනේ?

IMAGE 2018 May 13 11:46
ආණ්ඩුවේ මැයි දිනයදා ස්වාමි පුරුෂයා ගෙට ගොඩවූයේ මහත් සතුටිනි. ඇති යාන්තම් පුටුවක වාඩිවී කකුල් උඩට ගත් ඔහු බිරිඳට කීවේය. ඒ ඉසරදෙත් ඉවරයි. මෙගා...
Views - 1341
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

‍පොලියට දෙන මැගි අක්කා වහාම මහ බැංකුව යටතට

IMAGE 2018 May 15 11:53
මහ බැංකුව කෑවෝය. නිකම්ම නොව උලාගෙනම කෑවෝය. ඒත් උලා කාපු අය නිදැල්‍ලේය. හොරුන් පිටරටවලය.  කමිටු - කොමිෂන් මෙරටය. උලා කන්න ස‍පෝට් කළ අයත් ඉන්නෝය. ඒත් වගේ...
Views - 1419
විශේෂ පුවත්

පෙරහර නතරකර පාසල් ඉදිකරන බුදුපුතු

IMAGE 2018 May 18 11:13
අපේ පන්ස‍ලේ පෙරහරක් පටන් ගත්තා. ඒ පෙරහරට එක රැයකට ලක්ෂ 6-7ක් විතර වැයවෙනවා....
Views - 393

පටු අරමුණු වලින් තොරව රණවිරුවන්ට කළගුණ සලකමු - යුධහමුදා පති කියයි

IMAGE 2018 May 17 12:14
ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 දින වන විට වසර 09 ක් ගතවී හමාරය. ලැබු...
Views - 301

ග්ලයිෆොසෙට් නැතිව තේ වවන්න පුළුවන්

IMAGE 2018 May 16 10:56
තේ වගාවට ග්ලයිෆොසෙට් අත්‍යවශ්‍යයි කියන එක පට්ටපල් බොරුවක්. වසර 19ක්...
Views - 492

ඉලෙක්ට්‍රික් ත්‍රීවීලර් ගෙනෙනතුරු මේ ආණ්ඩුව තියේද දන්නේ නැහැ

ශ්‍රී ලංකාවේ ‍පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ ඇති අඩුපාඩු නිසා දශක කිහිපයක සිට විකල්ප ප්‍රවාහන මාධ්‍යයට විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී. ත්‍රිරෝද රථ පාසල් වෑන් රථ, කාර්යාල ප්‍රවාහන සේවා, මෙකී විකල්ප ප්‍රවාහන ක්‍රමයන්ට හොඳ උදාහරණය. එහෙත් මේ අතරින් වඩාත් තදින් සමාජ ගතව ඇති විකල්ප ප්‍රවාහන මාධ්‍ය වනුයේ ත්‍රිරෝද රථයයි. සංඛ්‍යාත්මකව ලක්ෂ 8කට ආසන්න වන ත්‍රිරෝද රථවලින් යැපෙන මුළු සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි. එහෙත් මේ අවස්ථාව වන විට ත්‍රිරෝද රථ හිමියන් සහ එකී යැපෙන්නන් සිටිනුයේ දෙළොවක් අතරය. ඊට හේතුව පසුගිය අයවැයෙන් ත්‍රිරෝද රථ වෙනුවට කුඩා මෝටර් රථ හඳුන්වාදීමට යෝජනා කිරීමය. මේ ත්‍රිරෝද රථ රියැදුරන් සුපුරුදු තුන් රෝදය අතහැර කුඩා මෝටර් රථයකට හෝ විදුලි ත්‍රිරෝද රථයකට යෑමට දක්වන කැමැත්ත අකමැත්ත පිළිබඳ ලක්බිම ඉරිදා සංග්‍රහය කළ විමසුමක තොරතුරුය. 
මුලින්ම අපට මුණගැසුණේ  ආමර්වීදියේ ත්‍රිරෝද රථ රියැදුරු ගුණදාසය. ඔහු අපිට කීවේ මෙවැනි කතාවකි. 
මම ගුණදාස. දැනට අවුරුදු 15ක් විතර වෙනවා මම ත්‍රීවීල් එක අතට අරගෙන. මම නම් හිතන්නේ නැහැ ත්‍රීවීල් එක වෙනුවට කාර් එකක් ආදේශ කිරීම හරියනවා කියලා. දැන් අපිට කරන්න යන්නේ ඉස්සර වොක්ස්වැගන් මයිනර් කාර්වලට කරපු දේ. ඒ තත්ත්වේට තමයි අපිව ඇදලා දාන්න යන්නේ. දැන් අපි ඉන්න තත්ත්වයත් එක්කම ලක්ෂ හතාමාරක් ගෙවලා ත්‍රීවීල් එකක් ගන්නත් අමාරුයි.  ඉතින් අපි කොහොමද ලක්ෂ 13ක් ගෙවලා ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකක් හරි ලක්ෂ 14ක් ගෙවලා කාර් එකක් හරි ගන්නේ ඔහු විමසනුයේ ආවේගශීලීවය. 
ග්‍රෑන්ඩ්පාස් ආමර් වීදිය පසුකරමින් ඉදිරියට ගිය අපට ඊළඟට හමු වූයේ කොටහේන මංසන්ධියේ ත්‍රිරෝද රථ නැවතුමේ ආනන්දය. මේ ඔහුගේ අදහසය.
ඔය රජය ත්‍රීවීල් වෙනුවට කාර් දීලා කරන්න යන්නේ බොරුම බොරු වැඩක්. ඒ වගේම ඉලෙක්ට්‍රික් ත්‍රීවීල්වලට මාරු වෙන්න මගේ නම් කිසිම එකඟතාවයක් නැහැ. මොකද අපි දැන් දුවන ත්‍රීවීල් එක සාමාන්‍යයෙන් අපිට පෙට්ට්‍රල් ටිකක් ගහගෙන ඕන තැනක යන්න පුළුවන්. ඒත්  ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකක බැටරියක් ලක්ෂ එකහමාරක් දෙකක් විතර වෙයිනේ. 
ත්‍රීවීල් විතරද අනාරක්ෂිත. ඇයි යතුරුපැදි ආරක්ෂිතද. ඔය කාර්වලින් ලොක්කෙකුට කොමිස් එකක් යනවා ඇති, ඒකයි ඔය දඟලන්නේ. ඒ ආනන්දගේ අදහසය. 
කොච්චිකඩේ මංසන්ධිය අසල වූ ත්‍රිරෝද රථ ගාල වෙත අප ඊළඟට පැමිණියෙමු. 
සඳුන් ප්‍රියදර්ශන අපට මුණගැසුණේ එහිදීය මම සඳුන් ප්‍රියදර්ශන. දැනට ත්‍රීවීල් හයර් කරන්න පටන් අරගෙන අවුරුදු දහ අටක් විතර වෙනවා. 
අපි ළඟ තිබෙන ත්‍රීවීල් අරගෙන අපිට හොඳ කාර් එකක් ලැබෙනවාට හැමෝම කැමති වෙනවා නම්, අපිටත් ඉතින් කැමති වෙන්න තමයි වෙන්නේ. අපේ රට දියුණු වෙනවා නම්, ත්‍රීවීල් රියැදුරෙක් වුණ අපිට කාර් එකක රියැදුරෙක් වෙන්න පුළුවන් නම් ඉතින් අපිත් කැමතියි කාර් ගන්න. අපිට සාධාරණ මිලකට ඒ කාර් එක ගන්න පුළුවන් වෙනවා නම් තමයි හොඳ. රටට හොඳක් වෙනවා නම් ඉතින් එච්චරයිනේ අපිටත් ඕනේ. 
ඒ ත්‍රිරෝද රථ පිළිබඳව ළඟ එන අර්බුදය ගැන සඳුන් ප්‍රියදර්ශනගේ සුභවාදී අදහසය. 
කොළඹ කොටුව කාගීල්ස් ගොඩනැගිල්ලට සමීපව ත්‍රිරෝද රථ ගා‍ලේ රියැදුරු මහතෙකු වූ ඩබ්.කේ. ලක්ෂ්මන් මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ ආකාරයටය. 
අපි නම් ත්‍රීවීල් එක වෙනුවට කාර් එකක් දෙනවට ඉහළින්ම කැමතියි. මේ වගේ දේවල්වලට අකමැති වෙනවා නම් අකමැති වෙන්නේ දියුණු වෙන්න කැමති නැති මිනිස්සු.මම නම් මේ වෘත්තිය කරන්න පටන් අරගෙන දැනට අවුරුදු දහයක් වෙනවා. ඉතින් රියැදුරා වෙනස් වෙන්නේ නැතිව අපිටත් කාර් එකක් ලැබෙනවා නම් කොච්චර හොඳයිද? 
බොහෝ තරුණයන් පමණක් මෙම මෝටර් රථ ආදේශ කිරීමේ ක්‍රමවේදයට එකඟ බව මුලදී අප අනුමාන කළද 55 වැනි වියේ පසුවන ඩබ්.කේ. ලක්ෂ්මන් පෙරේරාගේ පිළිතුර අනුව මෝටර් රථයට මාරු වෙන්න කැමති වැඩිහිටි ත්‍රිරෝද රියැදුරන්ද සිටිනා බව අපට අනාවරණය කරගත හැකි විය. 
අපේ ඊළඟ නැවතුම වූයේ පිටකොටුව ‍පොදු වෙළෙඳ‍පොළ සංකීර්ණය අසල ත්‍රිරෝද රථ නැවතුමය.  
අයියෝ මිස්, ඔය අයවැයට ඉදිරිපත් වෙන හැම යෝජනාවක්ම අපේ රටේ වෙනවද, නැහැනේ. ඒ වගේ තමයි ත්‍රීවීල් වෙනුවට ඔය කියන විදිහේ ඉලෙක්ට්‍රික් ත්‍රීවීල්වත් කාර්වත් ගේනවා කියන එකත් බොරු පුරාජේරු විතරයි. 
කෙසේ වුවත් ඔහුගෙන් ලද පිළිතුරේ පවතිනුයේ අපේ රටේ පාලන තන්ත්‍රය ගැන කිසිදු විශ්වාසයක් රටවැසියාට නොමැති බවය.
මින් අනතුරුව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ ත්‍රිරෝද රථ නැවතුම් ‍පොළක රියැදුරු මහතුන් තිදෙනකු සමගම එකවර කතා කරන්නට අපට අවස්ථාව ලැබෙන්නේය. 
මුලින්ම අප හා අදහස් පළ කර සිටියේ ර්.ඉ.ර්. ෆවුමිය. ඔහු අවුරුදු 22ක් පුරා ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කරන්නේය. 
එක එක ආණ්ඩු එනකොට ඉතින් එක එක විදිහේ දේවල් අපිට කියනවනේ. දැන් ගිය බජට් එකේ අපිට මොනවද  කිව්වේ සහනාධාර දෙනවා කිව්වා, පැන්ෂන් දෙනවා කිව්වා,  අපිට හැඳුනුම්පතක් දීලා නිල ඇඳුමක් දෙනවා කිව්වා. කෝ අපිට ඒවා දුන්නද නැහැනේ. හැමෝගේම බොරුවට කතාව විතරයි. කිසිම පිළිවෙළක් නැහැ. කාර්, ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් ගේනකම් මේ ආණ්ඩුව තියේද දන්නේ නැහැනේ. ඒ නිසා අපි බලං ඉන්නවා වෙන දේ. 
ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස වසර 35ක පළපුරුද්දක් ඇති රවුමී, මිස් මටත් තියෙනවා කියන්න දෙයක්, කියමින් අප හා කතාවට එක් විය. 
මිස් අපිට පුදුම කට්ටක් කන්නේ. අපි අවුරුදු 35ක් විතර දුවනවානේ. ඉතින් අපෙන් තාම කාටවත් අනතුරක් වෙලා නැහැනේ. ආරක්ෂිත නැහැ කියලා ත්‍රීවීල් එක අයින් කරන්න යනවා නම් ඒක කොච්චර අසාධාරණයක්. අනාරක්ෂිත නම් ඒ රියැදුරන්ව දැනුවත් කරන්න ඕනේ. එහෙම කියලා ත්‍රීවීල් අයින් කරලා හරියන්නේ නැහැනේ. 
අවසානයේදී අප ළඟා වූයේ ග්‍රෑන්ඩ්පාස් කොළඹ 14, සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේ වූ ත්‍රිරෝද රථ ගාලක් වෙතය. එහිදී මුණගැසුණ රියැදුරු නිශාන්ත අපට අදහස් දක්වා සිටියේ මෙසේය. 
අපි නම් ඔය කියන කාර් එකටවත් ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකටවත් ‍පොඩ්ඩක්වත් කැමති නැහැ. අපේ ත්‍රීවීල් රට පටවලා අපිට ඒ වෙනුවට කාර් එකක් හරි ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකක් හරි දෙන්න යනවා නම්, අපි කියන්නේ එහෙනම් අපේ ත්‍රීවීල් එක අරගෙන අපිට ඔය කියන වාහන දෙන්න කියලා. එහෙම නැතුව තව අතිනුත් සල්ලි දෙන්න අපිට පුළුවන්කමක් නැහැනේ. 
මේ අනුව පැහැදිලි වන්නේ, බහුතරයක් වූ ත්‍රිරෝද  රථ රියැදුරන් වෙනත් ආදේශ වාහන ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවය. කෙසේ නමුත් රෝද තුනට තහංචි පනවා රෝද හතරට මාරුවීමට අකමැති රියැදුරන්ට ඇති ගැටලුව නම්, හඳුන්වාදීමට යන්නා වූ විදුලි ත්‍රිරෝද  රථයේ හෝ කුඩා මෝටර් රථයේ මිල ගණන් දරාගන්නට නොහැකි වීම බව මෙහිදී පැහැදිලි විය. ඒ අනුව යෝජිත ත්‍රිරෝද රථ තහනම රට තුළ බලවත් කලබගෑනියක් ඇති කරනා බව නම් නොකියාම බැරිය. ත්‍රිරෝද රථය පැදවූ හස්තය මෝටර් රථයක් පදවන්නේ නම් එය ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම ඉහළ යාමකි. ත්‍රිරෝද රථ රියැදුරන් මෝටර් රථයේ සුක්කානම කරකවන්නට අකමැත්තක් නැත. ඔවුන් දරන්නට අකමැති එහි මිල ගණන්ය. 
 
සමන්මලී නැලිගම
 
ඡායාරූප: ප්‍රියන්ත ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

ගාල්ල සහ කොළඹ අවසන් තරගය ඉරිදා

IMAGE 2018 May 18 10:29
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින...
Views - 170

ශ්‍රී ලංකා ක්‍රිකට් 2017දී වාර්තාගත ආදායමක් උපයයි

IMAGE 2018 May 17 10:22
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  2017 වාර්ෂික විගණන වාර්තාව ක්‍රිකට් සභාපති...
Views - 167
IMAGEමලල කී‍්‍රඩා

ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ කණ්ඩායම් තරග හෙට සිට

IMAGE 2018 May 18 10:39
30 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙ‍ලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරග හෙට සිට (19දා)...
Views - 64

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ සැණකෙළිය කන්තලෙන් බදුල්ලට

IMAGE 2018 May 16 08:40
කන්ත‍ලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී ජුනි 29, 30, ජූලි 1දා පැවැත්වීමට සැලසුම් කර...
Views - 89
IMAGEරග්බි

රාජකීය සහ ශා. පීතර අපරාජිතව පෙරමුණට

IMAGE 2018 May 16 08:23
2018 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග 4ක් පසුගිය සති අන්තයේ...
Views - 115

ඉසිපතන ලකුණු 10-5කින් කිංග්ස්වුඩ් පරාජය කරයි

IMAGE 2018 May 14 09:22
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයකදී...
Views - 151
IMAGE වෙනත් කී‍්‍රඩා

ශ්‍රී ලංකා ප්‍රවීණ කාන්තා හොකී පිල ලෝක කුසලාන තරගාවලියට

IMAGE 2018 May 18 10:40
ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී ජුනි 27දා ඇරඹෙන ‘ඒක්ස්ඉන් මාස්ටර්ස් හොකී ලෝක...
Views - 73

ශ්‍රී ලංකා රේගුවට මේසපන්දු ජයග්‍රහණ රැසක්

IMAGE 2018 May 17 10:27
පසුගියදා නිමාවට පත්වූ රාජ්‍ය සේවා මේසපන්දු තරගාවලියේදී කණ්ඩායම්...
Views - 77

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.